Date: 30/01/2016 Name: Appanihita vimokkha

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම්, ව්‍යාධි මරණයටත් කැමති වෙනවා. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය. ඉපදීම ඇති වුණා නම් නැවතත් ජරාව වන්නේ, එයින් පීඩා වන්නේ, ජරාවට, අට්ටීයති. ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුවයි. අත්ත සඤ්ඤාව නිසා සැකසෙන විඤ්ඤාණය මගින් පදුට්ඨමනසඞ්කප්පය දිගු කරන්නේ ජරාව දක්වා පැමිණේ. ජරාවට ජිගුච්ඡති. දැන් අපිට පේනවා අර ජරා, වේදනා, අසම්පජාන කියන රේඛාව. තණ්හා පපඤ්චය මගින් ඇති වන ජරා, වේදනා, අසම්පජාන රේඛාවට, අට්ටීයති, හරායති, ජිගුච්ඡති. මෙසේ චූල සීහනාද සූත්‍රයේ සියලු කාරණා විමසා බැලුවා.

සෑදෙන දිට්ඨින්, භව දිට්ඨි, විභව දිට්ඨිවලටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති. මනස ශාන්ත විය. මෙහි දී දෙවෙනි හතර සලකුණ දුටුවා. එතන අපිට පේනවා වේදනා, ඉදංසච්ච, චේතනා, භය අගති, හතරේ සලකුණ. ඉතින් අපි දන්නවා ඔතන ඔය චේතනාව ළඟ විමංසාව, ඉදංසච්ච ළඟ විරිය, භය අගතිය යට චිත්තය, වේදනාව පැත්තේ ඡන්දය. සතර ඉද්ධිපාදයන් භාවිතා කළ යුතු බව දැන එය විමසුවා.

කරකැවීමෙන් ඇති වන්නේ දුක බව දැන, නොකැරකැවීමට විමංසා ඉද්ධිපාදය අවශ්‍ය ය. මෙයට චිත්තය සමාදන් කරගත යුතු ය. වේදනාවට ප්‍රතිචාර නොදැක්විය යුතු ය. චිත්ත ඉද්ධිපාදය අවශ්‍ය ය. ඉදංසච්චය තුළ මුල් බැස ඇත්තා වූ, අකුසල වූ, සංස්කාරයෝ ඉවත් කළ යුතු ය. විරිය ඉද්ධිපාදය අවශ්‍ය ය. ඉහත තුන් ධර්මයන් භාවිතා කරන්නේ නිවනින් පිටත දෙයක් නොසෙවිය යුතු ය. ඡන්ද ඉද්ධිපාදයෝ අවශ්‍ය ය. ඉතින් මේකේ ඉතා විශාල වූ මනසකින් යුතුව කෙනෙකුට ඉන්න පුළුවන් මේ අවස්ථාවේ.

ඒක තමයි මං කරපු භාවනාව.