Date: 31/01/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා කියලා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අද භාවනාවෙදි විශේෂයෙන් බැලුවේ, ඡන්ද ඉද්ධිපාදය මගින්, ඉතිරි ඉද්ධිපාද තුන මගින් උදව් උපකාර කරන්නේ, කෙසේ නිර්වාණය වන්නේ ද, යන්නයි. පළමුව ඡන්දයක් නිවනට නොවූයේ නම්, මේ කිසිවක් සිදු නොවෙයි. එනම් ඡන්ද, චිත්ත, විරිය, විමංසා යන 15/05/2015 අශ්චර්ය අද්භූත ධර්ම. එතන අපි ඉගෙන ගත්තා, paths of Iddhi කියලා diagram එකක්. අන්න ඒකට අනුව, විමංසාවට පැමිණ තිබිය යුතුයි. විමංසාව, ඊයේ භාවනාවෙදි සැලකූ ප්‍රමාණයට ගැඹුරු වන්නේ, කැරකුවහොත් දුක ඇති වෙන බවට ධර්මය වටහා ගන්නේ, ඡන්ද චිත්ත පරිචිතා diagram එක. අපි ඒක කළේ 25/06/2015. ඒකට අනුව විමසන්නේ, විමංසා ඉද්ධිපාදය මගින්, ජරා, වේදනා, අසම්පජාන රේඛාව කැරකවීම වේදනාව අසල දී ම නවතනවා. නැවතත් ජරාවට පත්වීම වන පදුට්ඨමනසඞ්කප්පයට ඉඩ නොදේ. විරිය ඉද්ධිපාදය මගින්, අලුත් සංස්කාරයන් ඉදංසච්චගත වීම ද, ඉදංසච්චයේ සිට එන්නා වූ පරණ සංස්කාරයන් මගින් වූ, මිය ගියා වූ, අකුසල වූ, චිත්තයන් නොසාදයි. එතෙන්දි ඉතින්, අනුප්පන්නානං පාපකානං, කියන එක මතක් වෙන්න ඕනෙ.

චිත්ත ඉද්ධිපාදය මගින්, ස්පර්ශය දක්වා වූ ධර්මයන් ඉහත ඉද්ධිපාද ඒ කියන්නේ විමංසා, විරිය මගින් නවතන ලද්දේ ද, එය පවත්වයි, නොසැලී සිටී. ඉතින් එතෙන්දිත් අපිට පේනවා, අර භය අගති, පරාමාස, එතන චිත්තයෙන් කපනවා, පරාමාස, වේදනා, එතන චිත්ත ඉද්ධිපාදයෙන්. ආපහු පේනවා, වේදනා, ස්පර්ශය දක්වා චිත්ත, අර ඉස්සෙල්ලා සඳහන් කරපු diagram එකේ, ඕක ලකුණු කර තියෙනවා.

ඡන්ද ඉද්ධිපාදය මගින් නිවනින් පිටත කිසිවකට මනස යොමු නොකෙරේ. නැවත ඉපදීමට යම් නන්දියක් ඇත්ද, එය පහ කෙරේ. ඉතින් මේ අවස්ථාවේ දී අපි ගන්න ඕනෙ, ඔය paths of iddhi diagram එකේ අර පල්ලෙහා කෙළවරේ ලකුණු කරලා තියෙන, ඡන්දය. එතන අපිට පේනවා, ගිද්ධිලෝභය, වේදනා, ජරා, ජාති. ඕක cross එකක් හැටියට යා කළහම, ජාතිය ඉඳන් ගිද්ධිලෝභයට නන්දිය කියන එක තියෙනවා. Cross එක මැද්දේ හරියට ම අපි ලකුණු කරලා තියෙනවා ඡන්දය කියන එක.

එහෙම නම් අපි මේ ජාතිය තියන තැනින් අපි විරිය කියන එක ලියාගන්නවා. ජරාව කියන තැනින් විමංසාව. වේදනාව තියෙන තැනින් චිත්තය. අන්න එතකොට ඉද්ධිපාද හතර පේනවා. දැන් අපි ඔය ජාතිය ළඟ තියෙන්නා වූ විරිය කියන එක, අර හතර වෙනි පටිපදාවේ, අපි පෙන්නනවා නේ, අර best එක අරගෙන කියන්නේ, අන්තිමට එකක්වත් ගන්නේ නෑ කියලා, අන්න ඒ තත්වයට ගියා වූ විරියක්.

ඉතින් අපිට පේනවා, මේ විමංසාව කියන එකේ, අපි සම්බන්ධ කරලා පෙන්නුවා කලින්, අර ජාති, ජරා, සඤ්ඤා. සඤ්ඤාව තියෙන තැන අවිද්‍යාව කියන එක ලියාගන්නවා. සඤ්ඤාවේ ඉඳන් ජරාව දක්වා තියෙන්නේ පටිච්චසමුප්පාදය. එතකොට ජාතියේ ඉඳන් සඤ්ඤාව දක්වා, ඒ රේඛාවේ ගිද්ධිලෝභ නන්දි. මේක අපි බැලුවා, සබ්බාසව 4, 04/01/2016 භාවනාවෙදි සඳහන් කළ අයුරින්, සුභ යන සඤ්ඤාවක් කිසිදා කිසිවකුට නොලැබෙයි. අන්න ඒ අවස්ථාවේ දී අර නිරෝධය කියන එක, ඒක ඇති වෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Paths_of_Iddhi.jpg


s_Chanda_Citta_paricita.jpg