ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ලෝභය නැති කරමි කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත කියලා විමසනකොට ම, ඊයේ අවසානයට බලන ලද අර සතර ඉද්ධි diagram එකට මනස යොමු වුණා.
ඒකේ මතකයි අපි ලියාගත්තා, ගිද්ධිලෝභ ඊළඟට ජරා, ජාති වේදනා, cross වෙනවා. ඒ cross එක මැද්දේ ඡන්දය. ජාතිය ඉඳන් ගිද්ධිලෝභයට නන්දිය, ජාතිය තියෙන තැන යටින් විරිය කියන එක ලියාගත්තා, ජරාව කියන තැනින් විමංසාව කියන එක ලියාගත්තා, වේදනාව තියන තැන යටින් චිත්තය කියලා ලියාගත්තා. අපි හිතමු ඕක figure 1 කියලා.
එතකොට ඒ ඒ ඉද්ධිපාදයන් මගින් ඉවත් කරන ආකාරය ඊයේ වගේ විමසීම කියන එක කළා. විශේෂයෙන් ම විරිය, ඡන්ද, චිත්ත එක ම line එකට align වෙනවා කියන එකත්, කාමච්ඡන්දය නිසා වූ ජරාවට විමංසාව මගින් කැරකැවීමට ඉඩ නොදීම, හොඳින් මෙනෙහි කළා. ඒ කියන්නේ, ජරා වේදනා අසම්පජාන කියන රේඛාව කරකවන්න ඉඩ දෙන්නේ නෑ. අපි දන්නවා, මෙය කැරකෙව්වොත් ඇති වන්නේ අවිද්‍යාව. කැරකුවා නම් ජාතිය ඇති වෙලා, ජාති වේදනා රේඛාව ඇති වෙනවා. ඒ ජාති වේදනා රේඛාව අපි දික් කළොත් අපිට චේතනාවන් ඇති වෙනවා. මෙසේ විමසන්නේ, දෙවෙනි 4 සලකුණට මනස යොමු වුණා.
දැන් අපි figure 1 කියලා කිව්වේ කළින්, ඉද්ධිපාදයන් ගැන සාකච්ඡා කරපු එක, ඒ විමසීමට පස්සේ ඒ නවතන ලද ක්‍රියාවලියන්ගේ විදර්ශනාව සහිතව, දෙවෙනි 4 සලකුණ විමසන විට ඉතා ම සැනසීමක් ඇති වුණා. සිත නතර වීම කියන එක සිද්ධ වුණා. නිරෝධය ද ඇති වුණා. අතීත භවවල සිදුවීමුත් දැක්කා.
ඒ කියන්නේ දෙවෙනි 4 සලකුණ අපිට මතකයි, වේදනා යටින් අපි ඡන්දය කියලා ලියාගන්නවා, චේතනාව එතන විමංසාව, ඉදංසච්චය ළඟ විරිය, භය අගතිය ළඟ චිත්තය. එතකොට, අර පළවෙනි එකේ අර්ථය හොඳට තමන්ගේ මනසේ තියෙන්න ඕන. නිවනින් පිටතට යන්නැතුව, මේක කැරකෙව්වොත් වෙන්නේ මොකක් ද කියන එක, අදහස ඇතිව, මේක අපි මේ දෙවෙනි 4 සලකුණ හොඳට විමසනවා. විමසුවහම ඉතින් ඔය විදිහට පුදුමාකාර වූ සැනසීමක් ඇති වෙනවා. ඉතින් මොකක් ද මේ සැනසීම? මේක තමයි උපසමාධිට්ඨානය කියන එක. ඇති වුණා වූ සමාධියට හෝ නිරෝධයට හෝ දකින ලද සිදුවීම්වලට හෝ ඇලීමක්, සිත සෙලවීමක් නොවීම.
ඒක තමයි මං කරපු භාවනාව.