ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. මම පටන් ගත්තේ ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. අර ජරාව අසල අපි විමංසා ඉද්ධිපාදය අපි ලකුණු කරගන්නවා. එතකොට අපි ඊයේ figure 1 කියලා කිව්වේ diagram එකක්, ගිද්ධිලෝභ ඉඳන් ජරාවට රේඛාවක්, ජාතියේ ඉඳන් වේදනාවට රේඛාවක්, ඒකෙ මැද්දේ ඡන්දය කියන එක ලිව්වා, වේදනාව කියන තැන චිත්ත ඉද්ධිපාදය, ඊළඟට ජාතිය යට විරිය, ඊළඟට ජාතියයි ගිද්ධිලෝභයයි අතර නන්දිය.
එතකොට දැන් ජරා වේදනා අසම්පජාන කරකැවීම මගින් අවිද්යාව වන බව දන්නේ, කැරකැවීම අනුරොධ පටිවිරොධ යන දෙයාකාරයට ම නොකරකවමි, යන අධිෂ්ඨානය විමංසාව මගින් ඇති කරනු ලබනවා. මෙය විරියට ඒත්තු ගන්වන්නේ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා විරිය ම භාවිතා කරනවා. චිත්ත ඉද්ධිපාදය මගින් විරිය විමංසා මගින් නවතන ලද ධර්මයෝ පවත්වනවා. ඡන්ද ඉද්ධිපාදයට මෙම තුන් ධර්මය මගින් යමක් පෙන්වා දෙන ලද ද ස්ථාවර වශයෙන් කියා සිටින ලද ද එය ම පවත්වනවා. නිවනින් පිටත කිසිවක් නොගනී.
අන්න ඒ වෙලාවෙදි මම දැක්කා මේ diagram එක, ඒ කියන්නේ වේදනා, රූප, ගිද්ධිලෝභ, ජාති. එතකොට මෙතන අපි මේ වේදනාව කියන තැන ඡන්දය කියලා ලියාගන්නවා. මේක මේ දෙවැනි හතරේ සලකුණේ ඡන්දය. ඊයේ වගේ ම දෙවෙනි හතර සලකුණටයි අපි මේ එන්නේ. එතකොට ඒ වෙලාවෙදි මම දැක්කා දරුවෙක්ව. රූප කෙළවර, මගේ යැයි ගන්නා වූ රූප, මගේ නොවේ. ඊළඟට ටිකක් වෙලා ගිහිල්ලා දැක්කා මත්පැන් සහිත බැරල් එකක්, පෙර සංස්කාර ගිද්ධිලෝභ නොවිය යුතු ය. ආකාසානඤ්චායතනය දුටුවා. ජාති නොවිය යුතු ය. එතකොට මෙහෙම වන විට මම නිරෝධයට ගිහින් එහෙම ඇවිල්ලා මේ විදිහට දකින්නේ. මේ විදිහට ඡන්ද ඉද්ධිපාදය පවත්වන්නේ එය මගින් විමංසාව පෝෂණය කළ යුතු ද, එය මනා කොට වෙන බව පැහැදිලියි. නිරෝධය ඔය විදිහට ඇති වෙනවා. එයින් එළියට එන විට දෝෂ සහගත වූ දෝෂයට තුඩු දෙන්නා වූ අන් අයගේ සංස්කාරයක් දුටුවා. අන් අයගේ ද්වේෂයන්ට ද ප්රතිචාර නොදැක්විය යුතුයි. මෙසේ විමංසාව මගින් සබ්බනිස්සග්ගයටත්, ඉන් අනතුරුව උපෙක්ඛා අප්රමාණයත් වීම කියන එක සිද්ධ වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්