Date: 03/02/2016 Name: Nibbana

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි කියා වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කර වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම මම නැවතත් කරගෙන ගියා. ඊයේ අපි බැලුවා අර figure එකක් ගිද්ධිලෝභ, ජරා, ජරාව ළඟ විමංසාව. ඊළඟට ජාතිය යට විරිය, ඊළඟට වේදනාව යටින් චිත්තය කියලා ලියාගන්නවා. ඒ cross එක හරහා අපි ඡන්දය කියන එක ලියාගන්නවා. එතකොට ජාතියේ ඉඳන් ගිද්ධිලෝභයට නන්දිය.

ඉතින් භාවනාව පටන් ගත්තා ලෝභය නැති කරමි. කාමච්ඡන්ද ජරාවට ඇති කැමැත්ත, එතකොට ඒ ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකැවීම මගින් අවිද්‍යාව කියන එක ඇති වෙනවා. අපි ඊයේ වගේ ම ඒ කරකැවීම නොකරනවා, යන අධිෂ්ඨානය විමංසාව මගින් ඇති කරනවා. කැරකුවා නම් රාග අනුසය ඇති වෙනවා. එසේ නම් නැවතීම අවිද්‍යා අනුසය සිට රාග අනුසය නොවීමට ය. මේකට විරිය අවශ්‍යයි. ඊයේ මෙන් ම ආකාසානඤ්චායතනය වැනි අරූප ධ්‍යානයන් ද මගේ යැයි නොගන්නා වූ සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා විරිය ජාතිය ඇති තැන භාවිතා කළා. ඊයේ මෙන් ම චිත්ත සහ ඡන්ද ඉද්ධිපාද භාවිතා කර අර දෙවන සතර සලකුණ භාවනාවත් කළා.

මෙතැන දී අර සාපුගම සූත්‍රය මෙන් විරියේ සිට භය අගති දක්වා එන්නා වූ ධාරාව ගැලීම නවතන සීලපාරිසුද්ධිපධානියඞ්ගේ භාවනාව කළා. ඉතින් සතර සුඛභාගීය ධර්මයන් මෙනෙහි කළ පසු මනස යොමු වූයේ අර diagram එකේ පහළ කෙළවරට.

ඒ කියන්නේ පරාමාස, ඉදංසච්ච, මෝහ අගති, භය අගති, කියන කෙළවර. ඔතන අපි දන්නවා අපි ලකුණු කරලා තියෙනවා කියලා හරියට paddle එක වගේ ඒ ඉද්ධිපාදයන් අපි කලින් ලකුණු කළා, මේ අවස්ථාවේ දී අපි ඒ විරිය කියන එක ලකුණු කරනවා ඉදංසච්චයට පහළින්. ඊළඟට මෝහ අගතිය ළඟින් අපිට ඡන්ද කියන එක ලියා ගත හැකි, භය අගතිය තියෙන තැනින් චිත්තය කියලා ලියාගන්න පුළුවන්, පරාමාසය කියන තැන විමංසාව කියලා ලියාගන්න පුළුවන්. විරිය ඉද්ධිපාදය මගින් ඉදංසච්චයේ සිට භය අගතිය දක්වා ගමන් කිරීමට ඉඩ නොදෙන්නේ නම්, ඡන්දය මගින් මෝහ නොවන්නේ කිසිදු සංස්කාරයක් අල්ලා විඤ්ඤාණය බැස ගැනීමක් වේ ද, ඒ නිසා මෝහයෙන් අගති ගමනක් නොයවයි. මෙය චිත්තයට කාවදී. භය අගති නොවේ. විමංසාව මගින් පදුට්ඨමනසඞ්කප්පය හරහා යම් දහමක් පැමිණියේ ද එය වළකයි. පරාමාසයට කළ හැක්කක් නැති බවට පත් කරයි. මෙසේ නිර්වාණය වන්නේ ය. අන්න ඒ වෙනකොට ඉතා ම සැනසිලි ස්වභාවයක් කෙනෙකුට ඇති වෙනවා, ඒ විදිහට ඒ භාවනාව කළහම.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Paths_of_Iddhi.jpg