ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට ඔයගොල්ලන්ට මතකයි figure එක බැලුවා. අර ගිද්ධිලෝභ ජරා ඊළඟට වේදනා ජාති cross එක. එතැන දී ඒ cross එක මැද්දේ ඡන්දය කියන එක ලිව්වා. ජාතිය තියෙන තැන යටින් විරිය කියලා ලකුණු කරගත්තා. ඊළඟට ජරාවට යටින් විමංසාව, වේදනාවට යටින් චිත්තය, අපි ඒක තමයි figure 1 කියලා කිව්වේ.
ඉතින් මම මේ භාවනාව පටන් ගත්තෙ ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාව අසල විමංසා ඉද්ධිපාදය ලකුණු කරලා, එතන ජරා වේදනා අසම්පජාන කරකැවීම මගින් අවිද්‍යාව ඇති වන බව දන්නේ කැරකැවීම නොකරයි යන, අධිෂ්ඨානය විමංසාව මගින් ඇති කරයි. මේ විදිහට පටන් අරගෙන ඊයේ විදිහට ම අර දෙවෙනි හතර සලකුණත් ඉන් අනතුරුව අවසානයට බලන ලද අර භාවනාව ද කළ පසු, ඒ කියන්නේ අර පරාමාස, ඉදංසච්ච, මෝහ අගති, භය අගති, එතන අපි ලියාගත්තා පරාමාසයට යටින් විමංසාව, ඉදංසච්චයට යටින් විරිය, මෝහ අගතියට යටින් ඡන්දය, භය අගතියට යටින් චිත්තය. එතකොට ඒ ඉද්ධි අවස්ථා හතර ම සතියට ඇතුළත් විය යුතු බව, සතිය මගින් පැවැත්විය යුතු බව, මට අවබෝධ වුණා.
කුමන අවස්ථා හතරක් ද? පළවෙනි එකට දැන් අපි කිව්වා, figure 1 එකේ තියෙනවා ඡන්ද ඉද්ධිපාදය ප්‍රධාන වෙනවා. අන් ඉද්ධිපාද තුන මගින් මනා කොට සපයන ලද පෝෂණය කරන ලද යම් ධර්මයක් ඇති ද, එය ඡන්දය මගින් පවත්වයි. එතකොට figure 1 එකේ ඒ විදිහටයි තියෙන්නේ. ඊළඟට ඔය දෙවෙනියට අපිට බලන්න පුළුවන්, අර පළවෙනි හතරේ සලකුණ. මෙතැන දී චිත්ත ඉද්ධිපාදය ප්‍රධාන වෙන බව අපි දන්නවා. දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤා භාවනාවේ දී අපි ඉගෙන ගත්තා. යම් චිත්තයේ සමාදන් වීමක් නොවන්නේ නම්, සංස්කාරයන් ඉවතලීම. ඒ කියන්නේ උදාහරණ වශයෙන් පාණාතිපාත, පරුෂා වචන, කියන ඒවා ඉවතලීම සිදු නොවන නිසා ය.
ඊළඟට තුන් වෙනියට අපිට පේනවා, දෙවෙනි හතරේ සලකුණ. මෙතැන දී, අර විරිය මගින්, ඉදංසච්ච භය අගති මාන පාර නොවළක්වන්නේ නම්, වඩු බාස් තවමත් වඩු කර්මාන්තය කරන්නාක් මෙන් ධ්‍යාන ඵල ලාභියා සඤ්ඤා අගයන් දීම කියන එක කරනවා. ඊළඟට හතර වෙනියට එනවා, දැන් අපි අවසානයට බලන ලද එක figure 2 කියලා කිව්වොත්, ඒ කියන්නේ අර, පරාමාස, ඉදංසච්ච, මෝහ අගති, භය අගති, කියන එක. මෙතැන දී විමංසාව ප්‍රධාන වෙනවා. මරණ මොහොතක හෝ පරාමාසය තුළ ඇති යමක් භාවිතා කර හෝ තවමත් නොසිඳී පවතින පදුට්ඨමනසඞ්කප්පය නිසා කැරකැවීම නැවැත්වීම, විමංසා ඉද්ධිපාදය මගින් සිදු කරනවා. මේ නිසයි ඒක ප්‍රධාන වෙන්නේ. මෙසේ සම්මා සතිය මගින්, සම්මා සමාධි වීම වටහා ගත යුතුයි. සම්මා සමාධිය තුළ අර ඉද්ධිපාද හතරට ඡන්ද, චිත්ත, විරිය, විමංසා, ඉද්ධිපාදයන් එතන පවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්