පූජාවෙන් පස්සේ, උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අද භාවනාව පටන් ගත්තෙ, අර 04/02/2016 සතර ඉද්ධිපාද භාවනාවේ කෙළවරින්, අද බැලුවේ අර විරිය ඉද්ධිපාදය හා සම්බන්ධව පවතින අනෙකුත් ධර්මයන් සිහි කරලා බැලුවා. දැන් මේ විරිය අපි මේ කතා කරන්නේ, අර දෙවෙනි හතර සලකුණේ ප්රධාන වන ඉදංසච්ච, භය අගති, මාන පාර වළකන විරිය. එතකොට ඒකයි සිහි කළේ. මෙම විරිය ඇති වීමට නම් සුඛාපටිපදා දන්ධාභිඤ්ඤාවේ අපි මුලින් සඳහන් වෙනවා සඤ්ඤාව මගේ යැයි නොගන්නා විරිය. අන්න ඒ විරිය තියෙන්න ඕන. එතකොට විමුක්ති ඤාණදස්සන diagram එකේ අපි තුන් වැනි සතිය මගින් අලුත් සංස්කාර මගේ යැයි නොගන්න කියලා විරියක් අපි ලකුණු කරලා තියෙනවා. ඒ විරිය ලකුණු කරන්නේ අර වේදනාවේ ඉඳන් චේතනාව දක්වා ඒක තමයි තුන් වැනි සතිය කියන එක තියෙන්නේ. එතකොට එතනදි තේරුම් ගන්න ඕන, අර පහළින් ජාතියේ ඉඳන් එන්නා වූ එක, එතන ඒක නවත්වනවා කියලා සංස්කාර. ඊළඟට තියෙනවා හතර වෙනි විරියක්. ඤාණදස්සන diagram එකේ අපි ලකුණු කරන හතර වන විරිය, ඒක ලකුණු කරන්නේ අර රූපය තියෙන තැන. එතකොට ඒ රූපයේ ස්පර්ශය නවත්වනවා. රූපය නිසා යම් අත්ත සඤ්ඤාවක් වී ද, එමගින් හෝ අලුත් සංස්කාර නිසා හෝ යම් ස්පර්ශයක් හටගන්නේ ද, එම ධර්මයෝ නැවතීම විරිය සමාධිය මගින් කරනු ලබනවා. එසේ නම් විරිය ඉද්ධිපාදයට, නැවතීම සඳහා කුමක් ඉතිරිව ඇත්ද කියන ප්රශ්නය, මෙතනදි බැලුවේ, අර ටික නැවැත්තුවා නම්.
එතකොට එතනදි පේනවා, මේ වෙනකොට අර රූපය හරහා එන්නා වූ පාර, එහෙම නැති නම් ජාතිය හරහා වේදනාවට එන පාර. ඒ කියන්නේ 10% පාර. ඒකයි ඒ වගේ ම 50% පාරවල්, ඒ දෙක නවත්වලා. ජාතියේ ඉඳන් එන්නා වූ එකත් නැවැත්තුවා නම්, උඩ රූපයේ ඉඳන් එන්නා වූ එකත් නැවැත්තුවා නම්, 10%, 50% නවත්වලා තියෙනවා කියන එක පේනවා. ඒ වුණාට අර වේදනාවට භය අගතිය හරහා එන 40% පාර තවමත් නතර වෙලා නැහැ. ඒක පවතිනවා. එහෙම නම් මාන පාරේ ඉදංසච්චයේ ඉඳන් භය ගතිය දක්වා එන අගයත් නැවතීමත්, පරාමාසයේ ඉඳන් භය අගතිය දක්වා ඒමත් නවතින්න ඕන. එතකොට පරාමාසයේ ඉඳන් පහළට එන්නෙත් නැහැ. ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන්නෙත් නෑ. හැබැයි මෙතනින් එහෙම අවසන් වෙන්නෙ නැහැ. විමංසාව මගින් පරාමාසයේ සිට සෝකය දක්වා එන පදුට්ඨමනසඞ්කප්ප අගයෝත් නවතින්න ඕන. නැති නම් ඒකත් සෝකය දක්වා ආවොත් එතනින් එවනවා. එතකොට එහෙම නම් විරිය ඉද්ධිපාදය තුළ මෙම සියලු අගයෝ සමානව ඉවත් කිරීමේ හැකියාවක් තියෙන්න ඕන.
එතකොට අපිට පාරවල්වලින් නවතින විදිහ බැලුවොතින්, පළවෙනි එකට ඉදංසච්චය, භය අගති, ඒක නතර වෙනකොට line 5, 6, 7, 8 නැවතීම කියන එක සිද්ධ වෙනවා. ඊළඟට දෙවනුවට පරාමාසය, භය අගතිය, පරාමාසයේ ඉඳන් භය අගති එන එක, ඒක නවත්වන්නේ ප්රඥා අධිෂ්ඨානයෙන්. ඊළඟට පරාමාසයේ ඉඳන් සෝකය දක්වා එන එක විමංසා ඉද්ධිපාදය මගින් ඒක නවත්වන්න ඕන.
එතකොට දැන් මෙතන කෙනෙක් කල්පනා කරන්න ඕන, ඔය තුන් වෙනියට තිබෙන්නා වූ විමංසා සමාධිය, අපි කතා කරන්නේ විමංසා ඉද්ධිපාදය නේ, විමංසා සමාධිය තුළ තියෙන්නෙත් අර 4 වෙනි විරිය නේ. ඒකෙ පෙන්නනවා මේ උපන් කුසල් දහම් සිටිනු පිණිස, නොනැස්ම පිණිස, බොහෝ වන පිණිස, මහත් බව පිණිස, භාවනාවෙන් පිරිපුන් වන පිණිස, රිසිය ඇති කරගන්නවා, වෑයම් කරනවා කියන එක. එතකොට එහෙම ගිහිල්ලා කළහම මේ භාවනාවේ දී ඉතින් නිරෝධය කියන එක බොහොම තදින් සිද්ධ වෙනවා බොහොම වාරයක්. ඒ වගේ ම මේ භාවනාව කළාට පස්සේ, ඊට පස්සේ හරි සැනසීමකුත් තියෙනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්