Date: 07/02/2016 Name: Citta Iddhipada

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවෙදි විශේෂයෙන් ම විමසා බැලුවේ, ඒ චිත්ත ඉද්ධිපාදය. ඊයේ අපි විරිය ඉද්ධිපාදය නේ බැලුවේ. ඒකයි චිත්ත සමාධියයි අතර වෙනස. චිත්ත ඉද්ධිපාදයයි, චිත්ත සමාධියයි අතර වෙනස.

අපි දන්නවා දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙ චිත්ත සමාධියට අනතුරුව අපිට ඇති වෙනවා, අර චත්තාරොඉද්ධිපාදා කියන එක. එතකොට, චිත්ත සමාධිය මගින්, වේදනා පරාමාස පුරුක වළකනවා කියන එක, අපි කළින් සාකච්ඡා කරලා තියෙනවා. ඒක අපි කළේ ඔය paths of iddhi diagram එක බලලා තියෙනව නේ. ඒකෙ අපි බැලුවා, අර මතක ඇති භය අගතිය ඉඳන් පරාමාසයට තියෙනවා. ඊට පස්සේ පරාමාස ඉඳන් වේදනාවට, වේදනාවේ ඉඳන් ස්පර්ශය දක්වා තියෙන්නා වූ එක. ඕක අපි 2 කියලා තමයි අපි ලකුණු කරලා තියෙන්නේ. ඉතින් ඒකෙදි අපි ඉගෙන ගත්තා, ඔය පරිදේව වූ සංස්කාර පරාමාස වීමට ඉඩ නොදෙයි කියලා. චිත්ත ඉද්ධිපාදය මගින් කරන්නේ කුමක් ද කියන එකයි දැන් අපි බලන්නේ.

අතෙන්දි අපි ඉගෙන ගත්තේ චිත්ත සමාධිය මගින් අර පරිදේව වූ සංස්කාර පරාමාස වීමට ඉඩ දෙන්නේ නෑ. ඒක අපි දන්නවා. එතකොට, දැන් චිත්ත ඉද්ධිපාදය මගින් මොකක් ද කරන්නේ, යම් දහමක් වේදනාව නිසා පවතී ද, එය මගින් වන චේතනා ඇත්ද, මෙය වැළකීම, චිත්ත ඉද්ධිපාදය මගින් සිදු කරනවා. එනම් යම් ජාතියක් වී ද, එය නිසා මෙසේ ජීවිතය පැවතිය යුතුයි යන චේතනා ඇත්ද, ඒක වළකනවා. ඒ වගේ ම පෙර කළා වූ, යම් සංස්කාරයක් ඇත්ද, එය බිඳී යාම නිසා ඇති වූ බිය මගින් වන වේදනා, චේතනා අගයෝ වීම, වළකනවා.

ඒ කියන්නේ, මේ වෙලාවෙදි diagram එකක් හැටියට, ඇඳගත්තොත්, ජාතිය ඉඳන් වේදනාවට රේඛාවක් තියෙනවා, භය අගතිය ඉඳන් වේදනාවට රේඛාවක් තියෙනවා. ඊට පස්සේ වේදනාවෙන් චේතනාව, පරාමාස, භය අගතිය. එතකොට එහෙම නම්, දැන් අපි දන්නවා, ඔය වේදනාවට පොඩ්ඩක් පහළින් තමයි, අපේ එන්නේ, චිත්ත සමාධිය. දෝෂ සල්ලය කියන එක එයා නවත්වනවා.

චිත්ත ඉද්ධිපාදයෙන් මොකක් ද කරන්නේ? මේ ජාතිය ඉඳන් වේදනාවට එන එකයි, භය අගතියේ ඉඳන් වේදනාවට එන එකයි, කියන දෙක නවත්වනවා. 40% පාරයි 50% පාරයි කියන එක. ඉතින් ඔතෙන්දි, දැන් අපි කිව්වා නේ පෙර කළා වූ යම් සංස්කාරයක් ඇති ද, එය බිඳී යාම නිසා ඇති වූ බිය මගින් වන වේදනා, චේතනා අගයෝ වීම වළකනවා කියලා. ඒ කියන්නේ භය අගතිය ඉඳන් වේදනාවට එන එක.

ඉතින් මේකට උදාහරණයක් හැටියට ගන්න පුළුවන්, අර ආච්චිඅම්මාගේ තුවා දන් දීම කියන එක. එතකොට, පෙර දන් දුන්නා. දැන් තුවා කියන ඒවා නොලැබෙනවා. ඒ නොලැබීම සමඟ එම සංස්කාරයන් බිඳුණා. එතකොට, දැන් නැවතත් එමගින්, වේදනා චේතනා වීම කියන එක එයා වළක්වනවා. මොකද, භය අගතියේ ඉඳන් නේ ඒක එන්නේ. ඒක වැළකීම කියන එක තියෙනවා.

අනිත් පැත්තත් හරි ලස්සනයි. ජාතියේ ඉඳන් වේදනාවට. අපි හිතමු බලන්න, නයෙක්ව. අඬුවකින් වාගේ අල්ලා ගන්නවා. තවම බෙල්ල හරියේ පොඩ්ඩක් ඉඩ තියෙනවා. එතකොට මෙතැනින් මූ අල්ලා ගත්තා නම්, දැන් නයාගේ ජාතිය, මම දෂ්ට කරන ජාතිය කියන එක නේ නේ ද? නමුත් ඒක කරගන්න බැහැයි කියන එක එතන තියෙනවා. එතකොට, එහෙම නම්, ජාතියේ ඉඳන් වේදනාවට එන එකත්, චිත්ත ඉද්ධිපාදයෙන් එතන නවත්වනවා.

ඉතින් ඕක ම ගන්නත් පුළුවන්, ආච්චිඅම්මගේ තුවා දන් දීමේ උදාහරණ කෑල්ල වෙනුවට. ඒ නයාගේ කතාව ම ගන්නත් පුළුවන්. දැන් මේ වෙලාවෙදි නයාට මොකද වෙලා තියෙන්නේ? දැන් නයාට දෂ්ට කරගන්න ඕනෑ. දෂ්ට කරගන්න විදිහක් නැහැ, දැන් නයාත් බය වෙලා ඉන්නේ. ඒකව අල්ලලා නේ තියෙන්නේ. ඒ නයාගේ කතාවෙන්, ඔය දෙක ම බලා ගන්න පුළුවන්. ජාතියේ ඉඳන් වේදනාවට එන එකයි, භය අගතිය ඉඳන් වේදනාවට එන එකයි.

මේ භාවනාව හරි ම ප්‍රබලයි. හරි ම ප්‍රබලයි කියලා කියන්නේ, මම දන්නේ නෑ, අර විරිය ඉද්ධිපාදය කියන එක කරලා ඉවර වෙලා නේ, මේක කෙරෙන්නේ. ඒක නිසා වෙනවා ද, මොකද විරිය ඉද්ධිපාදයෙන් කරන්නේ, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන එක නවත්තන කතාව නේ. දැන් මේ කතා කරන්නේ භය අගතිය ඉඳන් වේදනාවටයි, ජාතියේ ඉඳන් වේදනාවට යන එකයි.

පුදුමාකාර ප්‍රබල භාවනාවක්. ඒකේ පේනවා දැන්, නයාට හිතෙන්නේ ගහන්න ඕනේ කියලා, මගේ ජාතිය නිසා, නයි වර්ගය නිසා, නේ ද? එතකොට, ඇයි එහෙම හිතන්නේ? මෙහෙම පවතිනවා කියන කතාවක් නේ. අර ද්වේෂ සල්ලයෙන් අපි බලන්නේ, අන්න ඒ වගේ අර්ථයක් නේ. එයා කල්පනා කරන්නේ, මට ජීවත් වෙලා ඉන්න පුළුවන් මෙහෙම, නේ ද? ඉන්න පුළුවන්කමක් ඇත්තේ නැහැ නේ, දෂ්ට කරලා හරි. අන්න ඒ අර්ථය තියෙනවා එතන. ඉතින් ඒ උදාහරණයෙන් බොහොම ලස්සනට ඒක පේනවා. හරි ම ප්‍රබලයි ඒ භාවනාව.

ඒක තමයි මම කළේ.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Paths_of_Iddhi.jpg