ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවට ඉස්සෙල්ලා පෙරේදා භාවනාවත් එක්ක දිගට ම මම කරගෙන ආවා. අද භාවනාවෙදි විශේෂයෙන් මම බැලුවේ මේ ඡන්ද ඉද්ධිපාදය සහ ඡන්ද සමාධිය අතර වෙනස.
එතකොට අපි කලින් ඉගෙනගෙන තියෙනවා ඔය පරාමාස භය අගති, ඉදංසච්ච මෝහ අගති, එතන paddle එක වගේ තියෙනවා ඒ ඡන්ද සමාධිය, අපි ඉදංසච්ච මෝහ අගති රේඛාවේ curve එක තැන ලකුණු කරනවා. අපි ඉගෙන ගත්තා විඤ්ඤාණය කියන එක ඉතාමත් කුඩා කාලයක් තමයි පවතින්නේ. එතකොට ඡන්ද සමාධිය මගින් විඤ්ඤාණය ඉතා ම කුඩා කාලයක් පවතින බව දන්නේ, එම විඤ්ඤාණය උපදවන සංස්කාරයන්ට, මාන නොවන්නේ, එය ඉවත් කරන බව අපි කලින් ඉගෙන ගත්තා. එහෙම නම් රාග සල්ලය මගින් කරකවා, රූප ස්පර්ශය නැවැත්වීම, සංස්කාර ඉවත් කිරීම මගින් ම, ඡන්ද සමාධිය මගින් කරනවා. මෙසේ යම් දහමක් ඉවත් කළා ද, ඉතිරිව ඇති අනවශේෂ වූ ධර්මයෝ කවරහු ද? ඒ කියන්නේ දැන් අපි සංස්කාරයන් අයින් කළා නම්, අපි රාග සල්ලය පැත්තට ඇවිල්ලා රාග සල්ලයෙන් රූප ස්පර්ශ කරන්න යන්නෙ නෑ, කියන එක තියෙනවා. එහෙනම් ඉතිරි වෙලා තියෙන්නෙ මොකද්ද?
එය පරාමාසය තුළ ගැබ් ගෙන ඇත්තා වූ ධර්මයෝ ය. ඡන්ද ඉද්ධිපාදය මගින් ඉවත් කරන්නේ එයයි. එනම් පරාමාස සෝක ධර්මයන් පහ කළ යුතු ය. මේකෙ කොටස් දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි පදුට්ඨමනසඞ්කප්පය නිසා පරාමාස සෝක වීම. මේක විමංසා ඉද්ධිපාදය මගින් ඉවත් කරයි. තවත් කොටසක් තියෙනවා. සඤ්ඤා, චේතනා, පරාමාස, සෝක. සඤ්ඤාවෙන් චේතනාව පරාමාසය, ඒකෙන් සෝකය. මෙම අගයන් ඉවත් කිරීම ඡන්ද ඉද්ධිපාදය මගින් කරනු ලබනවා,
මෙම අගයන් කෙසේ ඇති වී ද? යම් රූප ස්පර්ශයක් ඡන්ද සමාධිය මගින් නැවැත්තුවා ද, තවමත් ඉතිරිව ඇති යමක් ඇත. ඒක තමයි ජරා වේදනා අසම්පජාන රේඛාවේ යම් භ්රමණයක්, අවිද්යා ආශ්රව ඉඳන් කාම ආශ්රව වීම නිසා ඇති වේ ද, එමගින් ඇති වෙන්නා වූ සඤ්ඤා චේතනා අගයෝ ය. මෙය නැවැත්වීම පළවන හතරේ සලකුණේ ඉන්ද්රිය අසංවරය ළඟ ලකුණු කරන ඡන්ද ඉද්ධිපාදය, මගින් ඉවත් කරනු ලබනවා. කුමන ඉන්ද්රිය අසංවරයක් ද? දැන් අපි දන්නවා නේ, ඇහැ කන නාසය දිව ශරීරය නිසා වෙන දේවල් අපි නවත්වලා ඉවරයි. මේ අපි කතා කරන්නේ මොකක් ද? “මනසා ධම්මං විඤ්ඤාණං.” මනසින් සිදු වන ක්රියාවලිය පමණක් ඉතිරිව ඇත. එනම් අවිද්යා ආශ්රව ඉඳන් කාම ආශ්රවය නිසා කැරකෙන්නා වූ අනුසය ධර්මයෝ ය. ඒ අනුසය ධර්මයන් නිසා තමයි මේක සිද්ධ වෙන්නේ.
ඉතින් මේ වෙලාව වන විට, කෙනෙකුට හොඳට පැහැදිලි වෙනවා චෙතෙති, අනුසෙති, පකප්පෙති. චේතනාව බුදුහාමුදුරුවෝ පෙන්නනවා නේ මේක නිසා කරකැවෙනවා කියලා, විඤ්ඤාණය. චේතනාව, අනුසය කිව්වහම අර ඒ line එක එනවා ජරා වේදනා ඒක. පකප්පය කිව්වම 50% පාර, ගානට එනවා. චේතනාව නවත්වන්නේ විමංසා ඉද්ධිපාදය මතක ද, එතන දෙවැනි හතරේ සලකුණේ එනව නේ. ඊළඟට මෙතන ඡන්ද ඉද්ධිපාදයෙන් තමයි, මෙතන මැද්දේ එක නවත්වන්නේ. එතකොට පකප්පය කියන එක අපි චිත්ත ඉද්ධිපාදය කියන එකෙන් එනවා, ඉද්ධිපාද තුනෙන්. ඉතින් ඕක කෙනෙකුට බලපු ගමන් කෙළින් ම ඉතින් සිත නතර වෙනවා කියන එක, ඒක තියෙනවා. එතකොට ඒ නිරෝධයට යනවා කියන එක තියෙනවා. අතීත භවවල දේවල් හිටන් පේන අවස්ථාවන් තියෙනවා.
ඉතින් මෙතන කෙනෙකුට ප්රශ්නයක් තියෙන්න පුළුවන් රූප ස්පර්ශය නැවැත්තුවට පස්සේ, ඒ කියන්නේ ඡන්ද සමාධියෙන් අපි පෙන්නුවා ආපහු අපි සංස්කාර අයින් කරපු නිසා, රූපයන් මම ස්පර්ශ කරන්න යන්නේ නැහැයි කියලා.
එතකොට එහෙම නැවැත්තුවාට කොහොම ද අපි මේ ඉහත සඤ්ඤාවන් වෙන්නේ? ඒ කියන්නේ ජරා වේදනා අසම්පජාන රේඛාවෙන් මෙතන මේ සඤ්ඤා වෙන එක නේ තියෙන්නේ. අරක අයින් කළා නම් කොහොම ද සඤ්ඤා වෙන්නේ කියලා කෙනෙකුට ප්රශ්නයක් තියෙන්න පුළුවන්. ඒ සංස්කාර ඉවත් කිරීම මගින් තමයි අපි අරක නැවැත්තුවේ, රූප ස්පර්ශය කියන එක. නමුත් ඒ කියන්නේ ගොවියා පොළොව කොටන එක නැවැත්තුවාට, අර ඉස්සර අඹ ගෙඩියක් එහෙම හිටවලා, පලතුරු ගෙඩියක් ඇවිල්ලා කාපු අවස්ථාවේ තිබෙන්නා වූ, ආස්වාදයෝ තියෙනවා නේ, අරක නැවැත්තුවාට දැන් කරන්නේ නැති වුණාට. ඉස්සර මෙහෙමයි කියන අර්ථය එයාට තියෙනවා. ඒ සඤ්ඤාවෝ මනසේ පවතිනවා අන්න ඒක තමයි මේ පෙන්නන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්