ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම 06/02/2016, විරිය ඉද්ධිපාද භාවනාව බලන්න යැයි කියලා බුදුපියා පැවසුවා. ඒකේ සඳහන් වෙනවා, විරිය සමාධිය මගින් ඉවත් කරන පළවෙනි එකට, අර රූප නිසා ඇති වෙන අත්ත සඤ්ඤාව, ඊළඟට දෙවෙනි එකට පෙන්නනවා අලුත් සංස්කාර නිසා හෝ එහෙම නැත්නම් ඒ කාරණා දෙක හෝ එකක් මගින් හෝ ඇති කරන ස්පර්ශය නැවතීම, විරිය සමාධිය මගින් සිදු කරනවා කියලා අපි ඉගෙන ගත්තා.
ඊළඟට විරිය ඉද්ධිපාදය මගින්, ඉදංසච්ච, භය අගතිය පාර නැවතීම කරනවා කියලා ඒකෙදි ඉගෙන ගත්තා. එතන දී අර, line 5, line 6, line 7, line 8 ඒවා නවත්තනවා කියලා. දැන් මේ කාරණා දෙක, කෙනෙක් හොඳට බැලුවොතින්, දැන් අපිට පේනවා, අර රූපය ඉඳන් වේදනාවට එන එකත්, ඒ වගේ ම අපේ ජාතිය ඉඳන් වේදනාවට එන එක, අලුත් සංස්කාර හදන්නේ නෑ කියලා. ඒ වගේ ම ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන එකත් නැවතිලා තියෙන්නේ. දැන් ඉතුරු වෙලා තියෙන්නේ මොකක් ද කියන එක කෙනෙකුට වැටහෙනවා.
එතකොට, මේ ධර්මයට යමෙක් කායානුපස්සනාව මනා කොට වඩා, පැහැදිලා, නෙක්ඛම්මය එකතු කරන්නේ නම් කුමක් වන්නේ ද? පරාමාස සෝක පාර හරහා පැමිණෙන පදුට්ඨමනසඞ්කප්පය, එය මගින් නැවතීම වන්නේ ද? අන්න ඒක තමයි ප්රශ්නය.
යමෙක් අසුභය, අසුභය වශයෙන් දන්නේ නම්, ජරා වේදනා අසම්පජාන රේඛාව නොකැරකැවෙන බව අපි ඉගෙන ගත්තා, 24/01/2016 නිරෝධ භාවනාවේදි. අර මෙහෙම තියන රේඛාව කැරකෙන්නේ නෑ කියලා. එහි දී අත්තවාද උපාදාන නොවීමට නම්, නිත්‍ය සඤ්ඤා නොවිය යුතුයි. මෙය වීමට නම් line 5, දුර්වල අවස්ථාවෙදිම අත්ත සඤ්ඤාව නැවතත් නූපදින පරිදි මිය යා යුතුයි. මෙය සිදු වන්නේ අසුභය, අසුභය වශයෙන් මනා කොට දන්නේ නම් පමණි කියලා අපි එකේ දී ඉගෙන ගත්තා.
මෙසේ විමංසා වන්නේ නම්, පරාමාස භය අගති වීමත්, පරාමාස ඉඳන් භය අගති වෙනවා කියන එක අපි ඉගෙන ගත්තා, අර පඤ්ඤාධිට්ඨානයේ. ඉතින් දැන් අත්තා නොවන නිසා ඒක සිද්ධ වෙන්නේ නෑ. පහළට යන්නේ නෑ කියන එක. ඒ වගේ ම පරාමාස සෝක වීමත් කියන එක, ඒක වැළකෙනවා. ඇයි පරාමාස සෝක වෙනවා කියන එක නිත්‍ය කතාව උඩ නේ සිද්ධ වෙන්නේ, පදුට්ඨමනසඞ්කප්පය. එතකොට අන්න එතන නිවන තියෙනවා. දුක්ඛ නිරෝධය කියන එක තියෙනවා.
මෙතන කෙටියෙන් කියනවා නම්, මොකක් ද මේ කියන්නේ. භය අගතිය ඉඳන් වේදනාවට එන එක, ඒක නවත්වනවා. අර රූපයේ ඉඳන් වේදනාවට එන එකයි ජාතිය ඉඳන් වේදනාවට එන එකයි අපි කිව්වා ඉස්සෙල්ලා ම නැවැත්වූවා කියලා. දැන් මෙතන පෙන්නන්නේ, අසුභය අසුභය වශයෙන් හරියට දන්නවා නම්, මේ අර ඇතුළෙන්, ඒ දිට්ඨි අනුසය පාරේ ඇවිල්ලා වෙන එක වෙන්නේ නැහැයි කියන එකයි.
මොකක් ද මේ කියන්නේ? ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ දෙවෙනි කාරණාව. රූපයයි, කාමයි, කාම සඤ්ඤායි ඊළඟට පෙන්නනවා, මේක ඕවා ඔක්කොම සතර මහා භූතයෝ කියලා. හරි powerful මේ භාවනාව. එතකොට, ඒ කියන්නේ, මේක කළහම ඉතින් නිරෝධය ඇති වෙනවා, අනාශ්‍රව චිත්තය පුදුමාකාර විදිහට ඉන්න පුළුවන්. අනාශ්‍රව චිත්තය නැවත නැවතත් පුනපුනා. ඒකෙන් එළියට ආවා ද ආපහු එතෙන්ට යන්න පුළුවන් හැකියාව කියන එක තියෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.