Date: 12/02/2016 Name: Upadana Bhavana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.

අද භාවනාවෙදි අත්තවාද උපාදාන වුණොත්, අනෙකුත් උපාදානයන් කුමන පිළිවෙළකට ගොඩ නැංවෙන්නේ ද කියන එක තමයි සිහි කළේ. අපි දන්නවා අත්තවාද උපාදානයට අර රූප චේතනා ජාති අතර, ඒ සියලු ධර්මයන් අඩංගු වෙන බව අපි කළින් ඉගෙන ගත්තා. ඒ වගේ ම අපි ඉගෙන ගත්තා, අර වේදනා චේතනා, චේතනා පරාමාස, පරාමාස භය අගති, භය අගති වේදනා. එතෙන්දි අපි ඉගෙන ගත්තා චේතනා ඉඳන් පරාමාස දක්වා එන රේඛාවත්, භය අගති ඉඳන් වේදනාව දක්වා එන රේඛාවෙනුත් දිට්ඨි උපාදානය ලකුණු වෙනවා කියලා.

ඒ වගේ ම සෝකය ඉඳන් වේදනාව දක්වා එන එක අපි P කිව්වොත්, වේදනාවේ ඉඳන් පරාමාස දක්වා තියන එක Q කිව්වොත්, ඔය P, Q කියන දෙකෙන් අත්තවාද උපාදානය නිරූපණය වෙනවා කියලා ගත්තා. එතකොට යම්කිසි වේදනාවක්, පරාමාසගත වුණා නම් ඔය Q රේඛාවේ, ඒ කියන්නේ වේදනා පරාමාස හරහා ඒක මගින් අපිට අත්තා කියන එක සෑදීම සිදු වෙනවා. ඒ බව පැහැදිලියි. එහෙම නම් කාම උපාදානය කියන එක ඇති වෙනවා. මොකද අපි ලකුණු කරනවා කාම උපාදානය පරාමාසය ඉඳන් භය අගතිය දක්වා. එතකොට කාම උපාදානය වෙනවා නම් රූප වේදනා ගිද්ධිලෝභ කියන belt එක කැරකෙනවා. ඒක කැරකෙනවා නම්, නාමරූපයන් කියන ඒවා සෑදෙනවා.

එතකොට යම් අභ්‍යන්තර සුභ සඤ්ඤාවක් වී ද, මෙය ක්‍රියාත්මක වන්නේ, පෙරටත් වඩා ගරු ගාම්භීර ලෙස අත්තවාද උපාදානය මගින් නියම කරන ලද රූපය ඉතා ම පහසුවෙන් දිට්ඨි උපාදානය පිළිගනු ලබනවා. අත්තවාද උපාදානය යමක් නියම කළා ද, ඒක බොහොම පහසුවෙන් දැන්, පිළිඅරගන්නවා. උදාහරණ වශයෙන් පෙන්නනවා තමාගේ යමක් නැති වුණා වූ භාණ්ඩයක්, යම් භාණ්ඩයක් නැති වෙලා තිබිලා, ඒක ආපහු අපිට හම්බවෙනවා නේ. ඒක හම්බවුණොතින්, ඒ පුද්ගලයා සැකයකින් තොරව ඒක, මේක මගේ මේ නැති වෙච්ච එක නේ කියලා පිළිගන්නේ. රත්තරන් බඩුවක් කියලා හිතන්නකෝ. භාරගන්නවා ද, අන්න ඒ ආකාරයට. දිට්ඨි උපාදානය වන්නේ නම්, භව ආශ්‍රවයෝ හටගන්නවා. එතකොට, එමගින් අනාගත භවය දැඩිව ගැනීම කියන එක සිදු වෙනවා. එහෙම නම් සීලබ්බත උපාදානය එතනින් ඇති වෙනවා. ඉතින් ඔතෙන්ට එනකම් බැලුවා ම, නිකම් ගලක් වාගෙ වෙනවා, විඤ්ඤාණය. ඉතින් ඔතන ඉඳලා ආපහු පුළුවන්කම තියෙනවා මෙතැනින් එහා පැත්තටත් කල්පනා කර බලන්න.

දැන් මෙතන තවත් දෙයක් කියන්න තියෙනවා. දැන් අපේ pattern එක ඇවිල්ලා තියෙන්නේ, අත්තවාද උපාදාන, කාම උපාදාන, දිට්ඨි උපාදාන, ඒකෙන් සීලබ්බත උපාදානයෙන් ඇවිල්ලා තියෙන්නේ.

එතකොට ඔය චූල සීහනාද සූත්‍රයේ බුදුහාමුදුරුවෝ කාම උපාදානයට අනතුරුව දිට්ඨි උපාදානය සඳහන් කරනවා. දිට්ඨි උපාදානයට අනතුරුව, සීලබ්බත උපාදානය සඳහන් කරනවා. එතකොට පේනවා මෙන්න මේක නිසා තමයි බුදුහාමුදුරුවෝ පෙන්නන්නේ. දැන් ඉතින් භවය හැදිලා නේ, දිට්ඨිය හැදිලා නේ අත්තවාද උපාදාන හැදිලා, ඉතින් එතන ඉඳලා ඒ යන හැටි තමයි එතන පෙනෙන්නේ.

ඕක ඉතින් අනිත් පැත්තට බලන්නත් පුළුවන්. දැන් අපිට සීලබ්බත උපාදානය කියන එක ඇති වුණා නම්, එහෙම නම් අපි ආපහු පරාමාස ඉඳන් පහළට අත්තා කියලා යනවා. ඒ අත්තා කියලා ගත්තා නම්, එහෙම නම් අර ලාභයි කියලා ගත්තා කාම උපාදානය ඇති වුණා. ඉතින් එතන කාම උපාදානය ඇති වුණා නම්, ආපහු දිට්ඨි උපාදානයන් ඇති වෙනවා. ආපහු දිට්ඨි උපාදානය ඇති වුණා නම් ආපහු විඤ්ඤාණ ධාරාව ගලනවා. අත්තවාද උපාදානයට යනවා. මෙතන බොහෝ වෙලාවක් ඉන්න පුළුවන්. තමන්ගේ නළලත් නිකම් තද වෙලා වගේ එහෙම දැනෙනවා. කොහේවත් හෙල්ලෙන්නේ නැතිව, පුදුමාකාර විදිහට එතන ඉන්න පුළුවන්කම කියන එක තියෙනවා. නිරෝධයටත් යනවා. ඒ යන එක්කෙනාට නිරෝධයටත් යන්න පුළුවන්කම කියන එක තියෙනවා. එහෙම නැත්නම් ඒ සිත හෙලවෙන්නේ නැතිව තියෙනවා. ඉතින් අපි දන්නවා මේ උපාදාන ටික ගිහිල්ලා, ඒ කියන්නේ තදින් ගන්නා වූ දේ යෑම නිසා, දැන් අපිට පේනවා මේ ධ්‍යානයන් මගින් නේ උපාදානයන් නැති වෙන්නේ. ඒ කියන්නේ හතර ධ්‍යානයෝ හොඳට පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_CulaSihanada_diagrams/s_CulaSihanada_diagrams-02.jpg