ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාවෙදි අවසානයට වටහා ගත්ත ධර්ම කාරණයකට සිත යොමු කළා. අත්තවාද උපාදානය මගින් අනිත් උපාදාන වීම hub එක මගින් වන භ්‍රමණය ලෙසත්, කාම උපාදානය මගින් වන ක්‍රියාවලිය යම් රූපයක් අළලා pond එක මගින් වන භ්‍රමණය ලෙසත්, සැලකිය හැකි ය. එතකොට ඒ උපාදාන භාවනාව නැවතත් කරගෙන යන්න ඕන. ඒකෙ අපි ඉගෙන ගත්තා. අත්තවාද උපාදානය නිසා ඒ hub එකෙන් කරකැවෙනවා නම්, එහෙම නම් ඒකෙන් අපිට කාම උපාදානය ඇති වෙනවා. ඊට පස්සේ නාමරූපයන් ඇති වෙලා දිට්ඨි උපාදානය ඇති වෙනවා. ඒ දිට්ඨි උපාදානය ඇති වුණා නම් ඒකෙන් භව ආශ්‍රවය, එහෙනම් මේ භවයට වඩා ඊළඟ භවය ආදී වශයෙන් සීලබ්බත උපාදානයට යනවා. අනාගත භවය දැඩිව ගැනීම කියන එක. සීලබ්බත උපාදානය ඇති වුණා නම්, ආපහු කාම උපාදානය ඇති වෙනවා. කාම උපාදානය ඇති වෙලා එතනින්, අපිට දිට්ඨි උපාදානය වෙනවා. ඊට පස්සේ විඤ්ඤාණ ධාරාව අර අත්තා ඉඳන් නිත්‍යට ගිහින් ඒක සැදිලා අත්තවාද උපාදාන වෙනවා.
එතකොට මෙතන දී point එකක් හැටියට කෙනෙකුට පේනවා. අපි දිට්ඨි උපාදානයට ආපු අවස්ථාව ගත්තහම, එක වෙලාවකට අපිට ඇති වෙනවා භව ආශ්‍රවය, ඒක නිසා සීලබ්බත උපාදානය. එහෙනම් අපි ඒ රේඛාවෙන් වම් අත පැත්තට ඇවිල්ලා තියෙනවා. ඊළඟට ආපහු ගත්තහම දිට්ඨි උපාදානය ආවා ම විඤ්ඤාණය කියන එක සකස් වෙනවා අත්තවාද උපාදානය. එතකොට එහෙම නම් ඔය කෑලි තුන එකට align වෙනවා නේ, සීලබ්බත පැත්තෙනුයි, දිට්ඨියෙනුයි, අත්තවාද උපාදානය. අන්න එතන දී තමයි සිත හරියට ම lock වෙන්නේ. ඒ තුන, රේඛාව එහෙම දැකීම තමයි, lock වීමට හේතු වෙන්නේ.
ඊට පස්සේ මේ උපාදානයන් මගින් මේ කරකැවීම, ඊයේ භාවනාව වගේ සතර උපාදාන භාවිතා කරලා නවත්වනවා නම්, උපාදාන පච්චයෙන් භවය, එනම් භ්‍රමණය කියන එක නවතිනවා, මේ සඳහා සතර ඉද්ධිපාදයෝ භාවිතා කළ යුතුයි. එසේ නොවන්නේ නම් වේදනාව අළලා භ්‍රමණය වීමක් වෙනවා.
අපි 30/01/2016 අප්පණිහිත විමොක්ඛ භාවනාවේ දී කාරණා හතරක් ඉගෙන ගත්තා. පළවෙනි එකට කැරකැවීමෙන් ඇති වන්නේ දුක බව දැන විමංසා ඉද්ධිපාදය මගින් කරකැවීම කියන එක නොකරනවා. ඒ කියන්නේ ජරා වේදනා අසම්පජාන රේඛාව භ්‍රමණය වීම තමයි, එතන නවතින්නේ. ඊළඟට වේදනාවට ප්‍රතිචාර නොදැක්වීමට, චිත්ත ඉද්ධිපාදය කියන එක අවශ්‍ය වෙනවා. යම් දහමක් වේදනා නිසා පවතී ද, එය මගින් චේතනා ඇති ද, මෙය නැවැත්වීම චිත්ත ඉද්ධිපාදය මගින් කරනු ලබනවා. ඊළඟට තුන් වනුවට ඉදංසච්චය තුළ මුල් බැස ගත්තා වූ අකුසල සංස්කාරයෝ ඉවත් කළ යුතු ය. විරිය ඉද්ධිපාදය ඒක ඉවත් කරනවා. ඉදංසච්ච භය අගති වීම කියන එක වළක්වනවා. ඊළඟට හතර වෙනුව, අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නිසා කැරකෙන්නා වූ අනුසය ධර්මයන් ඉවත් කිරීම, ඡන්ද ඉද්ධිපාදය මගින් ඉවත් කරනවා. මෙසේ ධ්‍යානයන්ට අනතුරුව ඉද්ධිපාද හතර මගින් භ්‍රමණයන් නවත්වා සිටීම මගින් නිර්වාණය සාක්ෂාත් කරගත හැකි ය.
මේකෙ වෙනසක් තියෙනවා. මොකක් ද ඒ වෙනස? යම් භ්‍රමණයක් ධ්‍යාන භාවිතා කර නැවැත්තුවා ද, ඉන් අනතුරුව ඉද්ධිපාද මගින් එම භ්‍රමණය නැවතීම සනාථ කිරීම කළා ද එයයි. එකකින් නවත්වනවා, අනිත් එකෙන් සනාථ කරනවා. යමෙක් උදැල්ලක් මින් මතුවට පොළොව නොසාරනවා යැයි, අදහස් ඇතිව උදැල්ල බිම තබයි ද, ඉන් අනතුරුව නැවතත් උදැල්ල කරට ගනී යැයි සිතුවිලි නොවේ ද, මෙය එසේ ය. කාරණා දෙකක්. අතන අර භ්‍රමණය නැවැත්තුවයින් පස්සෙ, ඒ උපාදාන භාවනාව කරලා භ්‍රමණය නතර කළාට පස්සෙ අපි හිතමු කෙනෙකුට නහය කසන්න හිතෙනවා කියලා. එතකොට ඒ කසන්න හිතෙනවා නම් අපි ආපහු භ්‍රමණයකට යනවා. එතකොට අපි අර අනුසය ධර්මයන් නිසා නේ, මෙහෙම වුණහම කහන්න ඕන, කියන අර්ථයෙන්. එතකොට ඒවා අපේ නතර වෙන්න ඕන. ඉද්ධිපාදයන්ගෙන් ගත්තහම, එතන ඒක ලස්සනට නතර කරනවා.
ඒක තමයි මං කරපු භාවනාව.