ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
28/01/2016 අනුරොධ පටිවිරොධ භාවනාවේ දී, ජීවිත ඉන්ද්රිය පරාමාස රේඛාව 270° න් භ්‍රමණය වීමෙන් නිත්‍ය යන දිට්ඨිය reverse වෙන්න පටන් ගන්නවා කියලා කියලා අපි ඉගෙන ගත්තා. මෙම රේඛාව තවත් 90° න් කැරකුවොත්, ඒ කියන්නේ 360° න් භ්‍රමණය වන්නේ නම්, මොකක් ද සිද්ධ වෙන්නේ කියලා 29/01/2016 අප්‍රියේහි සම්ප්‍රයෝග භාවනාවේ දී අපි වටහාගෙන තියෙනවා.
ඉතින් ඒ ධර්මය නැවතත් මතක් කරගන්නවා නම්, අපිට පේනවා චේතනා ඉදංසච්ච පරාමාස විඤ්ඤාණ කියන cross එක, මේකෙ අපි පරාමාසයේ ඉඳන් චේතනාවට, අපි ලියාගත්තොත් පරාමාසය හරිය, පැත්තෙන් a1 කියලා, ඒ දිශාවට චේතනාව දිශාවට ගමන් කරන arrow එකක්, ඒක තමයි අත්තා සඤ්ඤාව. එතකොට ඒක දැන් ගන්න එක. එතකොට ඊළඟට ආපහු නිත්‍ය සඤ්ඤාව අපිට ලකුණු කරගන්න පුළුවන්, එම රේඛාවේ ම අනෙක් පැත්තට එනවා, චේතනාවේ සිට පරාමාසයට, අපි කියමු ඒක a2 කියලා. එතකොට අපි මේ subscript එක, 1 කියනකොට දැන් එක. Subscript එක 2 වෙනකොට පෙර කියන එක. ඒ වගේ ම අපිට පේනවා චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්රිය දක්වා යන රේඛාව, ඒක b1 කියලා ලියාගන්න පුළුවන්, ජීවිත ඉන්ද්රිය පැත්තට යන එක, අත්තා චිත්තය. b2 කියලා එනවා ජීවිත ඉන්ද්රිය ඉඳන් චේතනාවට යන එක නිත්‍ය චිත්තය.
ඊළඟට ආපහු අපිට එනවා ජීවිත ඉන්ද්රිය ඉඳන් පරාමාසයට යන එක c1 කියලා අත්තා දිට්ඨිය. ඒක දැන් අත්තා දිට්ඨිය. එතකොට c2 කියලා එම රේඛාවේ ම පරාමාස ඉඳන් ජීවිත ඉන්ද්රිය පැත්තට යනවා, ඒක නිත්‍ය දිට්ඨිය. එතකොට එතනදි අපි ඉගෙන ගත්තා. පළවෙනි කාරණාව c2 >= c1 වෙනවා නම්, අර පුරාණ භාණ්ඩ පැවතුණා කියලා අපි උදාහරණයකින් ඉගෙන ගත්තා. ඒක නිසා පෙර භාණ්ඩයේ නිත්‍ය දිට්ඨියත් එක්ක ගමන් කිරීමක් තියෙනවා. ඊළඟට ආපහු අපි ඉගෙන ගත්තා, b1 > b2 වෙනවා අර අලුත් උපකරණවල නැවුම් බවක් තියෙනවා කියලා. ඊළඟට a1 > a2 කියලා ඉගෙන ගත්තා අලුත් රූපය මගින් විඤ්ඤාණ ධාරාව පවත්වනවා කියලා.
එතකොට මේක ඔය 13/02/2016 නිබ්බාන භාවනාව සමඟ සැසඳුවොත්, තමන්ට වැටහෙනවා, පෙර යම් විපල්ලාසයක් සතර සතිපට්ඨානය භාවිතා කර නවත්වන්නේ නම්, ඉද්ධිපාද හතර භාවිතා කර දැන් ඇති වීමට තුඩු දෙන්නා වූ විපල්ලාසයන් නැවතිය හැකියි. ඒ කියන්නේ පළවෙනි කාරණයට එනවා. දැන් අපි කිව්ව නේ c2 >= c1 අවස්ථාව, එතනදි අපි තේරුම් ගන්නවා නම් කරකැවීමෙන් ඇති වන්නේ දුක බව දැනගෙන විමංසා ඉද්ධිපාද මගින් කරකැවීම කියන එක නොකරනවා. ඒ කියන්නේ ජරා වේදනා අසම්පජාන රේඛාව භ්‍රමණය වීම නවත්වනවා. ඒ කියන්නේ ජීවිත ඉන්ද්රිය වටා කරකැවීම නවත්වනවා. ඒ කියන්නේ අර c2 > c1 අවස්ථාව කියන එක තමන්ට එතන පේනවා. ඇයි ඉතින් විමංසාවෙන් පෙන්නනවා නිත්‍ය කතාවක් නෑ. කලින් එකත් නැති වුණා.
ඊළඟට දෙවැනි කාරණයට අපිට පේනවා. දැන් වේදනාවට ප්‍රතිචාර නොදැක්වීමට චිත්ත ඉද්ධිපාදය අවශ්‍යයි. යම් දහමක් වේදනාව නිසා පවතී ද, එය මගින් චේතනා ඇත්ද මෙය නැවැත්වීම, චිත්ත ඉද්ධිපාදය මගින් කරනවා. එහෙම නම් මේ කියන්නේ, b1 > b2 කියන කතාව නවත්වනවා. දැන් අත්තා චිත්තය මගින් දිවීම නවත්වනවා. ඉතින් ඔතන හරි ලස්සනට කෙනෙකුට භාවනා කරන්න පුළුවන්, ඔය යම් දහමක් වේදනාව නිසා පවතී ද, අපිට පේනවා සුඛය පරාමාස වෙලා ඇති වුණ දේ නේ, ඒ අත්ත කතාව. එතන හොඳට භාවනා කරන්න පුළුවන් සමාධිය බොහොම හොඳයි එතැන.
ඊළඟට ඉදංසච්චය තුළ මුල් බැස ඇත්තා වූ අකුසල වූ සංස්කාරයෝ ඉවත් කළ යුතු ය. විරිය ඉද්ධිපාදයෙන් එය ඉවත් කරනවා. ඉදංසච්ච භය අගති වීම වළක්වනවා. දැන් අත්ත සඤ්ඤාවක් වී ද, එය පෙර වූ සංස්කාර නිසා ය. එය නවත්වනවා. ඊළඟට අපිට පේනවා අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව නිසා කරකැවෙන්නා වූ අනුසය ධර්මයෝ ඉවත් කිරීම ඡන්ද ඉද්ධිපාද මගින් ඉවත් කරනවා. ඉතින් ඒ කියන්නේ ඉහත තුන් ධර්මයන් මගින් යම් දහමක් නැවතුණා ද ඒ එසේ ම පැවැත්වීම, අනුසය ඉවත් කිරීම මගින් සිදු වෙනවා. මෙය ඡන්ද ඉද්ධිපාදය මගින් නවත්වයි. මේ විදිහට කෙනෙකුට ඒ නිර්වාණය කරා ගමන් කරන්න පුළුවන්.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්