Date: 16/02/2016 Name: Attanu Dittya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.

ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයටත් කැමති වෙනවා. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය. ඉපදුණා නම් නැවතත් ජරා වෙනවා එයින් පීඩාවට පත් වෙනවා ජරාවට අට්ටීයති. ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුව ය. අත්ත සඤ්ඤාව නිසා විඤ්ඤාණය සැකසෙන්නේ ය.

ඉතින් මේ විදිහට මින් අනතුරුව ඊයේ භාවනාව මම නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවේ දී c2 >= c1 කියලා අපි ඉගෙන ගත්තා, අර පුරාණ භාණ්ඩ පැවතුණා යන උදාහරණය සිහි කළා. මෙතැන දී පෙර නිත්‍ය දිට්ඨිය දැන් අත්තා දිට්ඨිය ඉක්මවන නිසා, විඤ්ඤාණය සකස් වීම කෙරෙහි සිත යොමු කළා. විමුක්ති ඥාන දර්ශන diagram එකේ හය වන සතියට සිත යොමු කළා. ඒ 6 වෙනි සතියේ ජීවිත ඉන්ද්‍රිය ඉඳන් විඤ්ඤාණය දක්වා ලකුණු කරලා තියෙන සතිය. මෙම සතිය තුළ පෙර සහ දැන් සංස්කාර නොපවතින බව දන්නේ, දක්නේ එමගින් ඇති වූ, ඥානයෝ අන්තර්ගතව ඇත. මෙහි දී විඤ්ඤාණ ධාරාව බිඳුණු බව චිත්තය දන්නා නමුත්, පෙර භාණ්ඩ පැවතුණා යැයි සිතන්නාක් මෙන් දිට්ඨිය කෙසේ දැන් අත්තා දිට්ඨිය ඉක්මවයි ද? මෙය ඉදංසච්චය නිසා ය. ඉදංසච්චය විඤ්ඤාණයට පිටින් පවතී.

දැන් අපි හිතුවොතින් එහෙම ජරා පරාමාස විඤ්ඤාණ රේඛාව, එතන ඉඳන් වම් අත පැත්තට රූපයන්, ඒ ජාතිය සහිත දේවල් ගත්තොතින් ඒ විඤ්ඤාණ ධාරාව ගමන් කරන්නේ මේවා හරහා. එතකොට ඉදංසච්චය තියෙන්නෙ ඒකෙන් පල්ලෙහා, පිට, වෙනම තියෙන එකක්. එතකොට ඉදංසච්චය මගින්, ඒ ධාරාව පැවතීමට අවිද්‍යා ආශ්‍රවය කාම ආශ්‍රව රාග සල්ල රූප හරහා වන බලපෑම අධිකයි. අලුත් රූපයක් මගින් ඇති කරන්නා වූ යම් අත්තා ධර්මය ඉක්මවීමට තරම් එය තීව්‍ර වෙලා තියෙනවා. Sharp වෙලා තියෙනවා. මේක හොඳින් වැටහුණා. මෙසේ විඤ්ඤාණයේ සමුදයත් අස්තංගමයත් වටහා ගත යුතු ය.

ඊළඟට පේනවා දෙවැනි කාරණයට, තුන් වැනි සතිය මගින් ඒ සංස්කාර සමුදය කියන එක වළක්වනවා. තුන් වැනි සතිය අපි ලකුණු කරන්නේ නාමරූපය සිට චේතනාව දක්වා. ඒක සංස්කාරවල සමුදය කියන එක වළක්වනවා. චේතනා වෙලා හැදෙන්නා වූ සංස්කාර.

ඊළඟට තුන් වෙනි කාරණයට අපිට පේනවා, පළවෙනි සතිය මගින් සඤ්ඤා සමුදයත් එයට තුඩු දෙන්නා වූ රූප සහ වේදනා සමුදයත් නවත්වනවා. ඒ පළවෙනි සතිය අපි ලකුණු කරලා තියෙන්නෙ ස්පර්ශ ආහාරය ඉඳන් සඤ්ඤාව දක්වා තියෙන තැන. නමුත් ඒකෙ දෙපැත්තට තියෙන රූපයයි වේදනාවයි දෙකත් බලන්න ඕන. මේ අවස්ථාවේ දී දුක්ඛාපටිපදා දන්ධාභිඤ්ඤා සහ දුක්ඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවල සඳහන් වන සතිය ම සිහි කරන්න ඕන.

මෙසේ සතිමත් වී ඉද්ධිපාද හතර මගින් නවත්වන ආකාරය සිහි කළා. දැන් ඇති වන විපල්ලාසයන් එමගින් නවත්වනවා කියන එක. ඉද්ධිපාදවලින් සිදු කරන ක්‍රියාවලිය සිහි කිරීමෙන් අනතුරුව, මේ සියල්ල සක්කාය දිට්ඨිය නිසා කියන එක හොඳට වැටහුණා.

එනම් ඉදංසච්චය තුළ බැසගෙන ඇත්තා වූ දිට්ඨි අනුසය ධර්මයෝ ම නැවතත් බිඳුණා වූ විඤ්ඤාණ ධාරාව පැවැත්වීමට උදව් උපකාර කරයි. මේ නිසා තථාගතයන් වහන්සේලා සක්කාය දිට්ඨිය පළමුව ඉවත් කළ යුතුයි කියලා, තයොධම්ම සූත්‍රය පෙන්නන්නේ, දේශනා කරනවා.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.