ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකෙ අපි ඉගෙන ගත්තා අර c2 >= c1 අවස්ථාව. ඒ කියන්නේ පෙර නිත්‍ය දිට්ඨිය දැන් අත්තා දිට්ඨියට වඩා වැඩියි කියන එක. අන්න ඒ අවස්ථාවෙදි සාකච්ඡා කළ විඤ්ඤාණ ධාරාවේ සමුදය අස්තංගමය දැන, එයට ජිගුච්ඡති විය යුතුයි කියලා, මෙනෙහි කළා. විඤ්ඤාණ ධාරාවට ජිගුච්ඡති නම් පරාමාසයටත් ජිගුච්ඡති. දැන් අපිට මේ වන විට පේනවා diagram එකක් වශයෙන් ගත්තොත් රූප, ගිද්ධිලෝභ, ජරා, කාමච්ඡන්දය තියෙනවා රූපයයි ගිද්ධිලෝභයයි අතර. එතකොට ජරාවට අපි අට්ටීයති හරායති කියලා ඇවිල්ලා. එතකොට දැන් හැදෙන්නා වූ විඤ්ඤාණයට ජිගුච්ඡති. එහෙම නම් ජරාවයි විඤ්ඤාණයයි අතර තියන පරාමාසය, අන්න ඒකටත් ජිගුච්ඡති කියලා ගත්තා. පරාමාස ඇති වන්නා වූ සීලබ්බත උපාදානයටත් ජිගුච්ඡති. එතකොට වේදනා, චේතනා, පරාමාස. එතකොට වේදනා චේතනා අතර නාමරූප. එතන අපි සුභයි කියලා ලකුණු කරනවා. එසේ නම් සුභ සුඛ සඤ්ඤාවලටත් ජිගුච්ඡති. මේ විදිහට සතිමත් වූයේ, උතුම් නිවන හැර අන් යමක් නොගනී. මෙය “දදතො පුඤ්ඤං පවඩ්ඪති” ගාථාව මෙනි. මෙය එයයි. එතකොට මෙතන පේනවා සීලබ්බත උපාදානය ඇති වුණා නම් අපි ආපහු කාම උපාදානයට යනවා කියන එක.
එතකොට එම ගාථාව මගින් පාප කර්මයන් අතහැර පුණ්‍ය කර්මයන් කර හෝ ජීවත් වීම කළ නොහැකි බව පෙන්වා දෙනවා. ඒක නේ දදතො පුඤ්ඤං පවඩ්ඪති. අරවා අතහැරලා පුණ්‍ය කර්මයෙන් ඉන්නවා කියලා. එසේ නම් රාගය ද්වේෂය මෝහය යන කිසිවකින් ජීවත් වීම කළ නොහැකි බව වැටහෙනවා. යම් මෝහ ධර්මයක් වේ ද යම් රූපයක් සුභ යැයි හැඟීමක් වේ ද, මෙම දෙක ම එක ම ධර්මයක් මෙන් වැටහෙන්නේ, විද්‍යාමාන වූ සත්‍ය නිර්වාණය පමණක් යැයි මනා කොට වැටහී, අවිද්‍යා ඕඝය නසා, උපසමාධිට්ඨානය ම පවත්වනවා. මේ භාවනාව ගත්ත ගමන් මේක වැටහිච්ච ගමන් ඔය මෝහය කතාවයි ඔතන නාමරූපය සුභයි කියන කතාවයි කියන එක.
දැන් අපි ඉගෙන ගත්තා නේ ඉදංසච්චයේ ඉඳන් බලපෑම කියන එක. මේක තේරුම් ගත්ත ගමන් හිතන්න බැහැ. එතනින් එහෙම්ම ම සිත නතර වෙලා ඒක පවතිනවා.
ඒක තමයි මං කරපු භාවනාව.