ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම සිහි කර වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර 20/11/2015 තේජෝ ධාතුව භාවනාව බලන්නයි කියලා බුදුපියා පැවසුවා. ඒ භාවනාවේ දී දැනගත් අදහස කෙටියෙන් පවසනවා නම්, අපි තේරුම් ගත්තා, රූප සඤ්ඤා චේතනා, ඊළඟට වේදනා චිත්ත සංස්කාර. සඤ්ඤා චේතනා එක පථයක්, වේදනා චිත්ත සංස්කාර, තව පථයක්, කියලා ඉගෙන ගත්තා. ඊට පස්සේ අපි diagram එකක් බලලා තියෙනවා වේදනා චේතනා ඉදංසච්ච. ඊළඟට ආපහු පරාමාස විඤ්ඤාණ එතන cross එක, චේතනා ඉදංසච්ච කැපෙන තැන ජීවිත ඉන්ද්‍රිය, මගේ යන චිත්ත සංස්කාර, ඊට පස්සේ පරාමාසයෙන් විඤ්ඤාණයට ගිහින් විඤ්ඤාණයෙන් භය අගති, භය අගතියෙන් වේදනා දක්වා එනවා. එතකොට එතන දී සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව සිහි කරන්නේ අත්තා යන සඤ්ඤාවක් රතු පථය මගින් සනාථ නොකරන්නේ නම්, ඒ කියන්නේ අපි ඉගෙන ගත්තා එතැන අධිෂ්ඨාන මගින් අර සල්ලයන් ඉවත් කරනවා. නැත්නම් සඤ්ඤාව අල්ලගෙන ඉන්නවා. ඒක සනාථ කරන්නේ නැත්නම් මගේ යන චිත්ත සංස්කාර අත්හරී නම්, චිත්ත සංස්කාර නිසා ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණ භය අගති වේදනා, පථය ඔස්සේ වේදනා වීමත් එමගින් රාග අනුසය වීමත් බැස යනවා කියලා. ඒ භාවනාව ඉතින් මතක තියෙන්න ඕන, නැත්නම් අමාරුයි.
ඊළඟට විඤ්ඤාණඤ්චායතනයේ ආලෝකයටත්, ඒ කියන්නේ තේජෝ ධාතු ඒ නිසා වන වේදනාවත්, එමගින් දැනගන්නා වූ රූප, ග්‍රහ ලෝක, වස්තු වගේ දේවලුත් නොපැතිය යුතු ය. ඒ කියන්නේ මේ විදිහට ඒ සබ්බලොකෙ අනභිරත භාවනාව භාවනා කරලා, ඒ විඤ්ඤාණඤ්චායතනය වුණා ම ඒකටත් ඇලෙන්නේ නැතුව ඉන්න ඕන. ඊළඟට වේදනා සංස්කාර පථය සිහි කරන්නේ සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤා භාවිතා කිරීම මගින්, චිත්ත සංස්කාර පරිදේව වන බව දන්නේ ඒකට අට්ටීයති. සුඛ වේදනාව නිසා යම් සංස්කාරයක් වේ ද, මුසාවක් වේ ද, මේකට ලැජ්ජා වෙනවා, ඒක හරායති. වේදනාව සුඛ වන්නේ, සුභයට නිත්‍ය එකතු කිරීම. මේක පිළිකුල් කරනවා ජිගුච්ඡති. මෙසේ ජීවිත ඉන්ද්‍රිය යමකින් ගොඩනැංවූවා ද, යමකින් ඒ පැවැත්වුවා ද, මෙම ධර්මයන් කෙරෙහි යම් උපෙක්ඛාවක් ඇති වන්නේ ද, මෙය ඊයේ වටහා ගන්නා ලද ධර්මය සමඟ සැසඳීම කියන එක සිද්ධ වුණා.
ඊයේ අපි ඉගෙන ගත්තා යම් මෝහ ධර්මයක් වී ද, යම් රූපයක් සුභ යැයි ගැනීමක් වී ද, මෙම දෙක ම එක ම ධර්මයක් මෙන් වැටහෙන්නේ, විද්‍යාමාන වූ සත්‍ය නිර්වාණය පමණක් යැයි මනා කොට වැටහී අවිද්‍යා ඕඝය නසා උපසමාධිට්ඨානය ම පවත්වනවා කියලා.
ඉතින් අද භාවනාවේ දී ඒ වගේ ම උපසමාධිට්ඨානය කියන එක සිද්ධ වුණා. ඉතින් එතැන දී ජීවිත ඉන්ද්‍රිය කතාව තමයි strong ව, ඒ point එක හැටියට තියෙන්නෙ. ඉතින් මේකේ අනෙක් අතට පේනවා අපිට, අපි දැන් කතා කරපු diagram එකේ වේදනා චිත්ත සංස්කාර කියන එක දෙවැනි පථය. ඒක එන්නෙ විඤ්ඤාණ සංස්කාර භය අගති. ඒ විදිහට නේ සිද්ධ වෙන්නේ. එතකොට එකක් මගින් අනිත් එක, එක පථයක් මගින් අනිත් එක, අනිත් එක ඇති වුණා නම් ආපහු ඒක maintain කරනවා කියන එක අර දෙවෙනි එකෙන් සිද්ධ වෙනවා.
ඉතින් ඒක තමයි භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්