ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර 18/11/2015 නිබ්බාන භාවනාව බලන්නයි කියලා බුදුපියා පැවසුවා. ඒකෙ සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව මගින් ජීවිත ඉන්ද්‍රිය සෑදීම නවතන බවත්, එය චේතනා නිසා සළායතන සෑදීම මගින් වන ක්‍රියාවලියක් ලෙසත් අපි වටහා ගත්තා.
සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤා නොවන්නේ නම් ජීවිත ඉන්ද්‍රිය පවත්වා ගැනීමට, රූප සොයන බවත්, විඤ්ඤාණයේ පවතින නිත්‍ය ස්වභාවය මගින්, පිළිකුල් කළ යුතු, එනම් ජිගුච්ඡති කියලා ගත යුතු සුභය, පිළිකුල් කිරීමට ඉඩ නොදෙන බවත්, වේදනාවට ප්‍රතිචාර දැක්වීමෙන් ජීවිත ඉන්ද්‍රිය පවත්වා ගැනීම, කියන එක අපි වටහා ගත්තා. අපි ඊයේ භාවනාවේ දී අවසානයට වටහා ගන්නා ලද රූප සුභ වශයෙන් ගැනීමත්, මෝහයත් දෙක ම එක ධර්මයක් වශයෙන් සලකා අවිද්‍යා ඕඝය ඉවත් කිරීමට, උපසමාධිට්ඨානය මනා කොට භාවිතා කළ යුතු බව අපිට වැටහුණා.
එතකොට මේ තුන් කාරණාව මේ විදිහට කෙනෙක් කල්පනා කළා ම, ඉතින් එහෙම නම් ඒ පුද්ගලයාට පේනවා මෙතන මේ සුභයි කියන කතාව තමයි ප්‍රශ්නය. එතකොට එහෙම නම් භාවනා කිරීමේ දී, මේ සියල්ල සුභ යන චිත්ත විපල්ලාසය බව වැටහුණා. ලෝක 22ක රූප පෙනුණා. පළමුව නිල් රතු කහ ඒ වගේ වර්ණයන්. ඊළඟට ඒ විපල්ලාසයන් නොගන්නා බව ගන්නකොට තමන්ට තේරෙනවා, තමන් යනවා කියලා, හොඳට තේරෙනවා යනවා කියලා. දිව්‍ය ලෝක, බ්‍රහ්ම ලෝක ආදී වශයෙන් ඒ ඒ රූපයන් තමන් දකිනවා. ඒවා ඔක්කොම විපල්ලාස වශයෙන් ගත්තහම, අනාශ්‍රව වෙලා නිරෝධ වීම කියන එක සිද්ධ වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.