උතුම් බුදුපියවරු පූජාවෙන් පසුව ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී විමසුවේ සුභ යන දිට්ඨි විපල්ලාසය මගින් කොපමණ දුරකට විඤ්ඤාණ ධාරාව පවත්වයි ද යන්නයි.
සුභයත්, මෝහයත් එක ම ධර්මයක් ලෙස අපි කලින් වටහා ගත්තා. එකක් අනෙකෙන් වෙන් කිරීමට අපහසු තත්වයට මේ දෙක blend වෙලා තියෙනවා කියන එක පේනවා. සබ්බලොකෙ අනභිරත සඤ්ඤාව මගින් ජීවිත ඉන්ද්‍රිය සෑදීම නවතන බවත්, එය චේතනා නිසා සළායතන සෑදීම මගින් වන ක්‍රියාවලියක් ලෙස අපි කලින් වටහා ගත්තා. එසේ වුවත් යම් අයෙකු මිය ගිය අවස්ථාවේ දී නැවත ජීවිත ඉන්ද්‍රිය ගොඩනැංවීම ඒකෙන් නවතිනවා ද, එසේත් නැති නම් එවැනි අවස්ථාවක යම්කිසි ධර්මයක් උදව් උපකාර කරගන්න වෙනවද කියන එක මම මෙනෙහි කළේ.
එතකොට අර π අකුර ධර්මය සිහි කළා. එතකොට π අකුර මතකයි, පරාමාස ජීවිත ඉන්ද්‍රිය එතනින් ඉදංසච්චය. ඊළඟට චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා එන එක. එතකොට අපි දන්නවා යම්කිසි අභිජ්ඣාවක් වී ද, එමගින් විඤ්ඤාණය සකස් වීම, මිච්ඡා දිට්ඨි උරුමය මගින් සිදු වන බව අපි දැනගත්තා. යම් මෝහයක් වී ද එමගින් මිච්ඡා දිට්ඨිය වන්නේ ය. මෝහය නිසා මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දිට්ඨිය නිසා මෝහය. යම් සුභයක් වී ද එමගින් මෝහ වන්නේ ය. Special එකේදි අපි ඉගෙන ගත්තා. ඉතින් එහෙම නම්, මෝහය ඇති වුණා නම් මිච්ඡා දිට්ඨිය. මිච්ඡා දිට්ඨිය ඇති වුණා නම් අභිජ්ඣාව අරක සකස් කරනවා කියන එක පේනවා. එහෙම නම් අපිට පේනවා මෝහයේ බලපෑම අභිජ්ඣාවට ඇත. එසේ නම් පරාමාස ජීවිත ඉන්ද්‍රිය කියන එක සිද්ධ වෙනවා. එතකොට ඒක සිද්ධ වුණා නම් මේක ප්‍රමාණවත්. නැවතත් උත්පත්තිය කියන එක සැකසෙනවා.
මේක, අර c2 >= c1 කියලා අපි ගත්තෙ. ඒ කියන්නේ නිත්‍ය යන පෙර දිට්ඨි විපල්ලාසය මගින් දැන් පවතින අත්තා කියන දිට්ඨි විපල්ලාසය ඉක්මවනවා. මේ කෙසේ ද, මේ එසේ ය. උපෙක්ඛාවෙන් අප්‍රමාණයට යන්නේ නම් මෝහ අගති ගමන නවතින බව අපි සුඛාපටිපදා ඛිප්පාභිඤ්ඤාවෙදි ඉගෙන ගත්තා. එහෙම නම් අපි ඒක භාවිතා කරන්න ඕන. මේ සඳහා සබ්බනිස්සග්ගය අවශ්‍ය වෙනවා. සියලු සංස්කාරයන් ඉවත් කරන්න ඕන. මේක සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤාව මගින් කරනවා. එතකොට භාවනාව කරගෙන ගියහම කෙනෙකුට වැටහෙන්නේ, මේ මුළු පටිපදාවෙම තියෙන කාරණා ටික ඔක්කොම එකට එන්න ඕන. ඒක එකක්, පටිපදාව.
මොකද දැන් එක පථයක් විතරක් බැලුවට සබ්බලොකෙ අනභිරත සඤ්ඤාවේ අර සඤ්ඤා චේතනා පථය බැලුවට, ඒකෙන් වෙන්නේ නෑ. ඒක භාවිතා කරන්න හැබැයි හදන එක නවත්වන්න. වතුර ගලනවා නම් එතන නවත්තගන්න බෑ නේ. ඊට පස්සේ ඉතින් පේන්න ඕන, සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤාවේ අරවා පරිදේව වෙනවා. එතකොට මැරෙනවා. එහෙනම් මරණ සඤ්ඤාවේ කතාව කියන එක හොඳට තියෙන්න ඕන. එහෙම නම් එතනදි අපිට පේනවා සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤාව බලනකොට line 5, 6, 7 ඔක්කොගෙන් ම එන ඒවා නතර වෙන්න ඕන. ඒවා නතර වෙන්න නම් ඉතින් මරණය කියන එක හොඳට දැනගන්න ඕන. එතකොට මෙහෙම කරගෙන තමයි, අපි සුභයට, සුභයි නෙමෙයි කියන එක තියෙන්න ඕන. එතකොට ඒක වටේට ම එන්න ඕන කියන එක හොඳ ලස්සනට පේනවා, ඔක්කොම කාරණා පහ ම අවශ්‍යයි, එකකින් විතරක් බැහැ.
ඒක තමයි මං කරපු භාවනාව.