ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
අපි ඊයේ භාවනාවෙදි අවසානයේ දී ඉගෙන ගත්ත පරිදේව වූ සංස්කාරයන්, ඒ line 5, 6, 7, 8 හරහා ගැලීම නවත්වන්න ඕන යැයි කියලා සාකච්ඡා කළා. සියලු සංස්කාරයන් ඉවත් කිරීම සබ්බනිස්සග්ගය මගින් කළ යුතු බව පටිපදාව මගින් ම අපි දැනගෙන තියෙනවා. මේකට ඉස්සෙල්ලා අපි 06/02/2016 විරිය ඉද්ධිපාද භාවනාවේ දී, ඉදංසච්ච භය අගති වීම නැවැත්වීම line 5, 6, 7, 8 විරිය ඉද්ධිපාදය මගින් කරනවා කියලා දැනගත්තා. එතකොට දැන් ප්‍රශ්නයක් තියෙනවා, මේ සබ්බනිස්සග්ගයයි විරිය ඉද්ධිපාදයයි මේ දෙන්නත් එක්ක කරන ක්‍රියාවලිය ගැන. එතකොට සබ්බනිස්සග්ගයයි විරිය ඉද්ධිපාදයයි අතර සම්බන්ධතාවය මොකක් ද? වෙනස කුමක් ද?
යම් සබ්බනිස්සග්ගයක් වේ ද එය සුඛභාගීය ධර්ම හතර ම සහිතව සිහි කළ යුතු ය. ඒ කියන්නේ පළවෙනි එක, ඉන්ද්‍රිය සංවරය මගින් රූප අළලා විඤ්ඤාණයට පැවතීමට ඉඩ නොදීම. දෙවනියට අපි කිව්වා, ඉද්ධිපාද හතර මගින් වේදනාව අළලා විඤ්ඤාණයට ඉඩ නොදීම. තුන් වැනි කාරණයට පෙන්නනවා, බොජ්ඣඞ්ගය මගින් සඤ්ඤාව අළලා විඤ්ඤාණ වීමට ඉඩ නොදීම. හතර වෙනි කාරණයට පෙන්නනවා, සබ්බනිස්සග්ගය මගින් සංස්කාර අළලා විඤ්ඤාණ වීමට ඉඩ නොදීම කියලා. එතකොට කාරණා හතරක් අපි ලියාගන්නවා.
මේකේ දෙවැනි කාරණය අපි විමසුවොත්, ඒ කියන්නේ ඉද්ධිපාද හතර ම භාවිතා කරනවා. වේදනාව දක්වා එන්නා වූ පාරවල් තුන ම නවත්වන්න ඕන. වසා දමන්න ඕන. එහෙම නම් අපි මෙතැන දී diagram එකක් හැටියට ඇඳගත්තොත් වේදනාවට එන්නා වූ පාරවල් තුනක් තියෙනවා. රූප ස්පර්ශ වේදනා, ඊළඟට ජාති වේදනා, ආපහු තියෙනවා භය අගති වේදනා. එතකොට ආපහු අපිට පේනවා ඉදංසච්ච ඉඳන් භය අගතියට එන එක තියෙනවා. පරාමාසයේ ඉඳන් භය අගතියට එන එකකුත් තියෙනවා. පරාමාසයේ ඉඳන් සෝකයට එන එකකුත් තියෙනවා. එතකොට විමංසා ඉද්ධිපාදය මගින් නැවැත්වීම, පරාමාස සෝක නැවැත්වීම. අපි ඒක a කියලා ලියාගත්තොත්, අපි දන්නවා පදුට්ඨමනසඞ්කප්පය ඉවත් කිරීම නිත්‍ය කියන එක ඉවත් කිරීම. පරාමාසයේ ඉඳන් භය අගතිය දක්වා එන එක අපි දන්නවා ප්‍රඥා අධිෂ්ඨානය මගින් නවත්වනවා කියලා ඒක අපි a1 කියලා ගමු. එතකොට ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එනකොට, ඒක නවත්වනවා විරිය ඉද්ධිපාදය මගින්. ඒක අපි b කියලා ගනිමු. ඊළඟට c කියලා අපි ලියාගන්නවා චිත්ත ඉද්ධිපාදය මගින් නැවැත්වීම, ඒක ලියාගන්නවා අර ස්පර්ශයේ ඉඳන් වේදනාව දක්වා එන තැන. ඊළඟට d කියලා ලියාගන්න පුළුවන්, ඡන්ද ඉද්ධිපාදය මගින් නැවැත්වීම. ඒක අපි ලියා ගන්නේ ජාතියේ ඉඳන් වේදනාව දක්වා.
එතකොට මේ අවස්ථාවේ දී ඔය තුන් වෙනි කාරණය c චිත්ත ඉද්ධිපාදය, අපි ස්පර්ශයයි වේදනාවයි අතරයි ලකුණු කරන්නේ. ඇයි එහෙම කරන්නේ? මතක ද අපි කලින් බැලුවා චිත්ත ඉද්ධිපාදය, ජාති වේදනා, භය අගති වේදනා, ඒ දෙක කපනවා කියලා. යම් සංස්කාරයක් දැන් අපි කිව්වා a, a1, b කියලා නවත්වනවා කියලා. ඒ කිව්වේ මොකක් ද, විමංසා ඉද්ධිපාදය මගින් නවත්වනවා. පඤ්ඤාධිට්ඨානය මගින් නවත්වනවා. ඊළඟට විරිය ඉද්ධිපාදය මගින් නවත්වනවා. එය නවත්වන ලද්දේ නම්, එය චිත්තයට ඇතුළු වන්නේ ය. විමංසාව මගින් ම චිත්තයට අණ කර රූප ස්පර්ශය කියන එක නවත්වනවා. එයා order කරනවා අරක නවත්වන්න කියලා. එසේ නම් අපිට පේනවා එහෙනම්, order එක වෙලා තියෙන්නේ අර ඉස්සෙල්ලා අපි කාරණා හතරක් ලිව්වා නේ, එක, දෙක, තුන, හතර කියලා. දැන් එහෙනම් හතර, තුන, දෙක පිළිවෙළටයි ඇවිල්ලා තියෙන්නෙ.
ඒ කියන්නේ නැවතත් මතක් කරනවා නම්, හතර කියන්නේ සබ්බනිස්සග්ගය. තුන කිව්වේ බොජ්ඣඞ්ගයෙන් නවත්වන එක. එතන ප්‍රඥා අධිෂ්ඨානයත් ඒකට සම්බන්ධයි. දෙක කිව්වේ ඉද්ධිපාද. ඒ විදිහටයි ඇවිල්ලා තියෙන්නෙ. එතකොට ඒ විදිහටයි අණ කිරීම සිද්ධ වෙලා තියෙන්නේ. දැන් ඉතිරි වෙලා තියෙන්නා වූ රාග අනුසය පමණක්, අර ජාති වේදනා පාරේ, ඡන්ද ඉද්ධිපාදය මගින් ඒක නවත්වනවා. අපි දන්නවා අනුසය කියන එක, රාග අනුසය මෙතන නවත්වන්නේ. එසේ නම් සබ්බනිස්සග්ගය තුළ විරිය ඉද්ධිපාදය අන්තර්ගතව ඇත. විමංසා ඉද්ධිපාදය පෙරදැරි වී ඇත. Precursor, ඒක පෙරදැරි වී තියෙනවා, පදුට්ඨමනසඞ්කප්පය කියන එක. ඉතින් මේක කළහම නිරෝධය ඒ විදිහට ඒ දේවල් සිද්ධ වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්