උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
අද භාවනාවේ දී සිහි කළේ මෝහ අගති ගමන ගැන. යම්කිසි උපෙක්ඛා අප්‍රමාණයක් වෙත් ද, එය මගින් මෝහ අගති ගමන වළකන බව අපි දන්නවා. එතකොට එතැන අප්‍රමාණය ගැන හිතනකොට, අපි හිතන්න ඕන ඒ පටිපදා හතරේ ම, දැන් මෙත්තාවෙන් අප්‍රමාණයට යන්නේ, අපි දන්නවා දුක්ඛ සත්‍යය දැකලා, සච්චාධිට්ඨානය භාවිතා කරලා එහෙම යනවා. ඊළඟට දෙවැනි පාරේ අපි කරුණාවෙන් අප්‍රමාණයට යන්නේ, දුක්ඛ සමුදය ආර්ය සත්‍යය දැකලා, චාගාධිට්ඨානය එහෙම භාවිතා කරලා. තුන් වෙනි පාරේදි අපි දන්නවා, මුදිතාවෙන් අප්‍රමාණයට යන්න අපි දුක්ඛ නිරෝධ සත්‍යය දැකලා ප්‍රඥා අධිෂ්ඨානයෙන්. එතකොට ඒ විදිහට ම තමයි මෙතනත් ඒ ආර්ය අෂ්ටාංගික මාර්ගය දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දැකලා, උපසමාධිට්ඨානය ඒකෙන් සංස්කාරයන් එහෙම ඉවත් කරලා නේ ද. එතකොට එහෙම නම් දැන් සබ්බනිස්සග්ගය මගින් කෙසේ නම් උපෙක්ඛා අප්‍රමාණයක් වේ ද කියන විදිහට ප්‍රශ්නය එනවා. එතකොට උපෙක්ඛා අප්‍රමාණය වන්නේ දුක්ඛ නිරෝධගාමිනී පටිපදාව දැක සංස්කාරයන් කියන ඒවා ඉවත ලා. ඉවත දැමීම.
එතකොට ඊයේ භාවනාව මෙනෙහි කළොත් අපි, අපිට පේනවා අර, අපි ලියාගත්තා පරාමාසයේ ඉඳන් සෝකයට එන පදුට්ඨමනසඞ්කප්පය නිත්‍ය කතාව ඉවත් කිරීම a කියලා ලියාගත්තා විමංසා ඉද්ධිපාදය මගින් නවත්වනවා කියලා. ඊළඟට පරාමාස සිට භය ගතියට එන එක a1 කියලා ලියාගත්තා, එය ප්‍රඥා අධිෂ්ඨානය මගින් නැවැත්වීම කියන එක. ඊළඟට ඉදංසච්චයේ ඉඳන් භය අගතියට එන එක අපි b කියලා ලියාගත්තා, විරිය ඉද්ධිපාදය මගින් වළක්වනවා කියලා. ඊළඟට ස්පර්ශයයි වේදනාවයි අතර අපි c කියලා ලියාගත්තා, චිත්ත ඉද්ධිපාද මගින් නැවැත්වීම. ඊළඟට ජාතියයි වේදනාවයි අතර අපි d කියලා ලියාගත්තා ඡන්ද ඉද්ධිපාදය මගින් නවත්වනවා කියාලා.
එතකොට දැන් මෙතන මනොසඤ්‌චෙතනාවෙන් දකුණු පැත්තට තිබෙන්නා වූ සංස්කාරයන් කියන ඒවා කල්පනා කරන්න ඕන. ඒවා ඉවත් කිරීම දැන් අපිට පේනවා, a, a1, b වලින් සිද්ධ වෙනවා කියලා. ඒ කියන්නේ a වලින් විමංසා ඉද්ධිපාදය, ඒ කියන්නේ පදුට්ඨමනසඞ්කප්පය කියන්නේ විඤ්ඤාණය ගොඩනැංවූ පසු ඇති වෙන්නා වූ සංස්කාරයන්. එතකොට a1 කිව්වම ප්‍රඥා අධිෂ්ඨානය මගින් අපි ඉවත් කරන්නේ සඤ්ඤාව මගින් වන චිත්ත සංස්කාර. ඊළඟට b කියලා ගත්තහම විරිය ඉද්ධිපාදය මගින් ඉවත් කරන්නේ line 5, 6, 7, 8 හරහා එන පරිදේව වූ සංස්කාරයන්, ඒ කියන්නේ මනොසඤ්‌චෙතනාවෙන් දකුණු අත පැත්තේ ඒවා. මේ සංස්කාරයන් ඉවත් කළාට පස්සේ මොකක් ද ඉතිරි වෙන්නේ? විඤ්ඤාණය පෙර මුල් බැසගෙන ඇත්තා වූ ස්ත්‍රී රූප, පුරුෂ රූප වැනි ඕලාරික රූපයන් සහ සියුම් වූ අතීත භවයන් නිසා බැසගෙන ඇත්තා වූ අනුසයට තුඩු දෙන්නා වූ රූපයන් ම ඉතිරි වෙනවා. එතකොට මම කිව්වේ අර අතීත භවවල එහෙම ඒවා දැකලා ඒ රාග අනුසය කතාවේ දී එක එක රූපයන් තමන්ට පේනවා. ඒක ඉවත් කරන අවස්ථාව වෙනකොට. එතකොට මේ රූපයන් ඉවත් කිරීම කියන එක චිත්ත ඉද්ධිපාදයන් සහ ඡන්ද ඉද්ධිපාදය මගින් කරනවා කියන එක වැටහෙනවා.
දැන් කෙසේ නම් අරි අට මඟ උදව් උපකාර කරයි ද? බලපායි ද? පරුෂා වාචා පිසුණා වාචා වැනි සංස්කාරයන් ඉවතලන්නේ සම්මා දිට්ඨිය ම මතු වීම අර මැද කොටස අයින් වෙලා, එය සම්මා සමාධියට පැමිණේ. අපි අර special වැඩසටහනේ ඉද්ධි diagram එකේදි අපි ඉගෙන ගත්තා. සම්මා සමාධිය මගින් ඇති වූ සම්මා ඥානයක් වේ ද, එය මගින් පටිපදාව ම ඉස්මතු වී පෙනෙන්නේ, අලෝභ අදෝෂ අමෝහ වූයේ. අපි දන්නවා අලෝභ අදෝෂ අමෝහයට ආවේ, ඒක හරහා තමයි අරි අට මඟට අපි ඇවිත් තියෙන්නේ.
ලෝභ දෝෂ මෝහ මගින් ඇති වුණා වූ යම් මානයක්, මාන අගයක්, සම්මා ආජීවය මගින් ද, ඒකෙන් තමයි ඒක නැති වෙන්නේ. අවිද්‍යා ආශ්‍රව කාම ආශ්‍රව වීම මගින් ඇති වන්නා වූ රාග අනුසය ඒ කියන්නේ අපි දන්නවා අර ජරා වේදනා අසම්පජාන රේඛාවේ භ්‍රමණය කියන එක, ඡන්ද ඉද්ධිපාදය මගින් ඒක නවත්වනවා. රාග අනුසය. දැන් ඊළඟට අපිට පේනවා ඔය ඡන්ද ඉද්ධිපාදය මගින් යම් දහමක් නවත්වන්නේ ද එසේ නැවතුණා යැයි මාන නොවිය යුතු ය. එයට යම් මානයක් විද, එමගින් නැවතත් දිට්ඨි අනුසය ඇති වන්නේ, විඤ්ඤාණ ධාරාව නැවතත් දුවයි.
ඒ කියන්නේ අපි පළවෙනි කාරණය හැටියට අපිට එතන පේනවා ජාතියයි වේදනාවයි අතර, දැන් ලෝක 22 කට ගිහිල්ලත් කෙනෙක් එකක්වත් අල්ලගත්තෙ නැහැයි කියලා කෙනෙක් මානයක් ඇති වුණා කියන්නකො. එතකොට එතන තියෙනවා අපි 1 කියලා ගත්තොත් ජාතියයි වේදනාවයි අතර රාග අනුසය කතාව නේ ඔය කියන්නේ. ඊළඟට 2 හැටියට එනවා වේදනාවයි චේතනාවයි. ඊළඟට 3 හැටියට එනවා චේතනාවෙන් භය අගතියට. 4 හැටියට එනවා දිට්ඨි අනුසය. 5 හැටියට වේදනාවේ ඉඳන් රූපය දක්වා දික් වෙන එක, ඊට පස්සේ ආපහු 6 නන්දිය කියන තැනට එනවා. එතකොට ගිද්ධිලෝභයත් එක්ක සම්බන්ධ වෙනවා.
එතකොට අරකට හරි මානයක් වුණා නම් අල්ලගත්තෙ නැහැයි කියලා හරි, නැවතත් වැඩේ සිද්ධ වෙනවා. එතකොට විඤ්ඤාණ ධාරාව දුවනවා. එසේ නම් නැවතීමත්, නිර්වාණය සඳහා පමණක් ම විය යුතුයි. නවත්වනවා කියන්නෙත් අන්න ඒක සඳහා පමණයි. නිර්වාණයට කැමැත්ත ඇති වීම එකක්, එම කැමැත්ත භාවිතා කර ඇති වන්නා වූ යම් දහමක් වේ ද ලුහුඬු වූ සුඹුල් වූ යම් ප්‍රතිඵලයක් වේ ද, එයට ඇලීම තව එකකි. උදාහරණ වශයෙන් යම් මහණෙක් ශාසනයට ඇතුළු වන්නේ නිර්වාණයට යාම පිණිස යැයි කියයි ද, ඊට පසු ඇති වෙන්නා වූ කීර්ති ප්‍රශංසාවලට ඇලේ ද, මෙය එසේ ය.
ඒක තමයි මං කරපු භාවනාව.