ඒ උතුම් බුදුපියවරු ශ්රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. මම පටන් ගත්තේ ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත, එතනදි අර අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා අර වෙනදා වගේ ම අසම්පජාන රේඛාව දක්වා ම ආවා. එතකොට ඊයේ භාවනාව සම්පූර්ණයෙන් කරගෙන ගියහම, රාග අනුසය වීම ඒ කියන්නේ ඡන්ද ඉද්ධිපාදය මගින් නැවතීම දක්වා ම මම කරගෙන ආවා. එතනින් පස්සේ යම් අයෙකුගේ සිත, ඒ ඒ තැන්වල බැස ගැනීම රාග අනුසය මගින් නොවන්නේ නම් සිතට නිදහසක් freedom එකක් ඇති බවත්, ඒ වගේ ම ජාති වේදනා රේඛාව දිගු කිරීමෙන් චේතනාව දක්වා යන්නේ, චේතනා නොවන බව ද වැටහුණා. චේතනා නොවන බව ද වැටහුණාට පස්සේ, ඒක කුමක් නිසා ද එහෙම වෙන්නේ? යම් චේතනාවක් වේ ද, එය භවය පැවැත්වීම සඳහා ය.
එතකොට මේ වන විට අපිට පේනවා, මේ diagram එකක් වශයෙන් ඔය ජාති වේදනා චේතනා භය අගති ජාති triangle එක. ඊළඟට අර squares දෙකත් පේනවා. නාමරූප පරාමාස සෝක වේදනා, පරාමාස ජීවිත ඉන්ද්රිය ඉදංසච්ච පරිදේව, ඔය squares දෙක glue කරනවා කියන එක. ඒ glue කිරීමක් නොවෙනවා කියන එක හොඳට වැටහෙනවා. යම් අයකු මෙසේ චේතනා නොවන්නේ නම්, ඔහුට නිදහස ඇති බව ද වැටහුණා. ඒ එසේ වන්නේ මෙම triangle එකට සියලු උපාදානයන් ඇතුළත් කර පෙනීමත්, එම උපාදානයන් මගින් කරකැවීම නතර වීම පෙර මෙන් මෙනෙහි කිරීමෙන් අනතුරුවයි. මෙසේ freedom ලබා ගැනීම කළ හැකි බවත් එය භුක්ති විඳිය හැකි බවත් හොඳින් වැටහුණා. ඒ කියන්නේ ඒ freedom එක තමන්ට ලබා ගන්නත් පුළුවන්, ගිහිල්ලා ඉන්නත් පුළුවන් කියන එක හොඳට වැටහුණා.
ඉතින් මේ භාවනාවේ දී තව විමසපු ධර්මයන් තමයි අර, දිට්ඨි උපාදානයට පසුව සීලබ්බත උපාදානය සහ අත්තවාද උපාදානය ඇති වෙනවා කියලා, අපි ඒක දෙපැත්තට යනවා කියන එක බැලුව නේ. ඉතින් එතනදි අර ස්පර්ශයයි නාමරූපයයි විඤ්ඤාණ ධර්මයන්ගෙන් align වීමක් කියන එක සිද්ධ වෙනවා. ඒ තුනෙන් ඒක අපිට පේනවා අර චේතනාව කියන කොටසේ, එතන අපි දන්නවා දිට්ඨි උපාදානය කියන එක එනවා, ඒකෙ පසු එක හැටියට භව ආශ්රවය ඉතින් ඒකෙන් උඩට වේදනාව කියන තැනට යනවා. සීලබ්බත උපාදානය. දකුණු අත පැත්තට විඤ්ඤාණය. එතකොට ඒ වගේ ම අර චෙතෙති පකප්පෙති අනුසෙති, අර 08/02/2016 ඡන්ද ඉද්ධිපාද භාවනාව කොටස, ඒකත් ඇතුළත් වෙනවා. ඒකෙදි කෙනෙකුට වැටහෙනවා ජරා වේදනා අසම්පජාන රේඛාව අර එතන අනුසෙති කියන එක එතනට එනවා. ඡන්ද ඉද්ධිපාදය මගින් ඒක නවත්වන්න. එතකොට ඊළඟට ජාති වේදනාවේ පකප්පෙති. පකප්පෙති කියලා කියනවා ඒ වේදනාවයි එහා පැත්තේ දික් කළහම චේතනාව දක්වා යනවා, ඒ රේඛාව දික් කිරීමෙන්. ඉතින් ඕකේ වෙන්නේ ඔය ජරා වේදනා අසම්පජාන රේඛාව කරකැවීම. කැරකුණොත් අර රාග අනුසය තියෙන ජාතිය කියන තැනට එනවා. එතකොට ඒ රේඛාවේ ම ජාතියේ ඉඳන් වේදනාවට දික් වෙනවා පකප්පය, පකප්පයෙන් ආපහු වේදනාවෙන් චේතනාව දක්වා එනවා. ඉතින් ඒ භාවනාවේ අදහසත් මතක තියෙන්න ඕන.
ඒක තමයි මං කරපු භාවනාව.