ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයටත් කැමති වන්නේ ය. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය, ඉපදීම සිදු වුණා නම් නැවතත් ජරාවට යන්නේ එයින් පීඩා වන්නේ ය, ජරාවට අට්ටීයති, ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුවයි, අත්ත සඤ්ඤාව නිසා විඤ්ඤාණය සැකසෙනවා. විඤ්ඤාණයට ජිගුච්ඡති. මෙසේ පරාමාසයට පදුට්ඨමනසඞ්කප්පය හරහා ජිගුච්ඡති. ජරාවටත් ජිගුච්ඡති.
එතකොට ජරා වේදනා අසම්පජාන මුළු රේඛාවට ම අට්ටීයති, හරායති, ජිගුච්ඡති. අසම්පජානකාරීත්වය තුළ ඇති තණ්හාවටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති. තණ්හාව නිසා උපාදාන වේ. එයටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති. මෙතැන දී එක උපාදානයක් මගින් අනෙක් උපාදානයන් ඇති වීම කියන එක 12/02/2016 උපාදාන භාවනාවේ කළා වගේ ම සිහි කළා. කැරකැවීමෙන් භවය සෑදෙයි. භවය යන්න භ්‍රමණය. එතකොට මේ භ්‍රමණය මනා කොට වටහා ගැනීමත් ඊයේ භාවනාවේ අවසානයේ දී සිද්ධ වුණා.
ඒ කියන්නේ ඔය ජරා වේදනා අසම්පජාන රේඛාව, ඒ කියන්නේ අනුසය රේඛාව, clockwise කැරකුණහම ජාති වේදනා එතනින් පකප්පය. ඊළඟට එම රේඛාව දික් කිරීමෙන් චේතනා වීම ද කියන එක වැටහුණා. එසේ නම් තථාගතයන් වහන්සේ පවසන, චෙතෙති පකප්පෙති අනුසෙති. ඒ වගේ ම චේතනාවයි පකප්පයයි නැති වුණත් අනුසය මගින් හෝ කරකැවී චේතනා ඇති වී විඤ්ඤාණය සකස් වීම කියන එක පැහැදිලි වෙනවා. එම චේතනාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. මේක නේ ද සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤා කියලා කියන්නේ, සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤාව මෙතනදි හොඳට තේරෙනවා. චේතනා නිසා සංස්කාර වන්නේ ය. මේක හොඳින් වැටහුණා. උපෙක්ඛා අප්‍රමාණය වේ. රූපයන් මනා කොට දුටුවා. ඒ වුණත් ඒ කිසිවක සිත නොපිහිටා, එම රූප කෙරෙහි යම් චේතනාවක් පෙර විද, එම සියල්ලට ම අට්ටීයති, හරායති, ජිගුච්ඡති.
ඒක තමයි මං කරපු භාවනාව.