Date: 25/02/2016 Name: Upekka Appamana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවේ අවසානයේ දී සබ්බසඞ්ඛාරෙසු අනිච්ච සඤ්ඤා අර චේතනාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති යැයි ගැනීම කියලා අපි වටහා ගත්තා. මෙම සංස්කාරය අවිද්‍යාව නිසා හටගන්නේ ය. එතකොට අපි කලින් භාවනාවක් කරලා තියෙනවා ඔය ජාති වේදනා අසම්පජාන රේඛාව භ්‍රමණය වෙලා, ජාති වේදනා චේතනා වෙනවා කියලා අපි දන්නවා. ඉතින් ඕකෙන් අපි ඉගෙන ගත්තා diagram එකක් එක්ක, අර වතුර වීදුරුවක තියෙන විදිහට රූප ජාති ජරා, උඩ සඤ්ඤා, ගිද්ධිලෝභය අර ජාති සඤ්ඤා රේඛාවත් එක්ක, වේදනාව සඤ්ඤා ජරා රේඛාවත් එක්ක, එතකොට එතන සඤ්ඤාව අපි ගත්තේ අවිද්‍යාව කියලා. එහෙනම් අවිද්‍යාව සෑදෙන, එයට පදට්ඨාන වන, විපල්ලාස දොළහට ම අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා ගත්තා.

එසේ නම් දැන් පටිපදාව කියන එක වැටහෙනවා. යම්කිසි ධ්‍යානයක් මගින් අසුභ යැයි මෙනෙහි කර එයින් ඉවත් වන්නේ ද, එමගින් සුභ යන විපල්ලාසය නැති වීම කායානුපස්සනාව මගින් සිදු වේ. ගොම්බෙට්ටෙන් ඉවතට යන තුරු පණුවාට ඒක ජරාවක් කියලා නොවැටහෙන්නේ ද, මෙය එසේ ය. අරකෙන් ඉවත් වුණාට පස්සේ තමයි කායානුපස්සනාවෙන් ඒක අයින් වෙන්නෙ. දුතියධ්‍යාන මගින් ඇති වූ ප්‍රීතිය මගින් කායිකව නොදැවී විතක්ක විචාරවලින් තොරව සිටී ද, මෙහි දී කායික දුක වේදනා ගැන මනසිකාර නොවන්නේ, එමගින් සුඛ යන විපල්ලාසය නැති වීම, වේදනානුපස්සනාව මගින් සිදු වේ. ඉහත ධර්මය ලෝභ දෝෂ මෝහ diagram එකත් එක්ක සමඟ මෙනෙහි කරන්නේ රූප නිසා හෝ වේදනා නිසා හෝ දුක්ඛතා තුනක් ම පමණක් ඇති වෙන බව දනී. අරි අට මඟ මතු වේ. විද්‍යාමාන වේ. චිත්තානුපස්සනාව මගින් චිත්තයේ යම් සමාදන් වීමක් ලෝභ දෝෂ එපා කියා වූවා ද, එමගින් දිට්ඨි විපල්ලාසයෝ ඉවත් කරයි. ඉතිරිව ඇත්තා වූ යම් දහමක් වේ ද, ධම්මානුපස්සනාව මගින් ඉවත් කරයි. ප්‍රධාන වශයෙන් කරකැවීමෙන් ඇති වෙන්නා වූ අවිද්‍යාව නම් වූ අකුසල මූලය ම ඉවත් කරයි.

ඒක තමයි කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

s_Nirodha/s_Nirodha-02.jpg


Lobha_Dosa_Moha/Lobha_Dosa_Moha-01.jpg