ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. විශේෂයෙන් බැලුවේ චිත්තානුපස්සනාව. මේ කොටස වෙනකොට ඉතා ම සුඛ වූ ස්වභාවයක් තිබුණා. එහි සිටීමට කැමැත්තක් ද තිබුණා. මෙන්න මේකයි ඉවත් වුණේ. චිත්තානුපස්සනාව මගින් චිත්තයේ යම් සමාදන් වීමක් ලෝභ දෝෂ එපා යැයි කියා වූවා ද, එමගින් දිට්ඨි විපල්ලාසයෝ ඉවත් කරනවා. සම්මා දිට්ඨිය මතු වීම මගින්, යමෙකුට ගමන් කළ හැකි දිශා දෙකක් වෙත් ද, එක් දිශාවකින් දුක ඇති වෙත් ද, අනෙක් දිසාව මගින් දුක නැති වෙත් ද, දුක ඇති වන දිසාවට ගමන් කිරීම මෙහි දී ඉවත් කරනවා. වළකනවා. එනම් ඉතා ම සුඛ වූ ස්වභාවයක් දුක ඇති වන දිසාව ලෙස දක්නේ, එමනිසා අත්තා යැයි ගැනීමක් නොවේ. උතුම් උපෙක්ඛාවක් ඇති වුණා.
අරිය අට මඟ විමසන්නේ, යම් උපෙක්ඛාවක් නිසා හෝ ජීවත් වී සිටීම කළ නොහැකි බව වැටහේ. මෝහ නොවේ. එසේ නම් ධම්මානුපස්සනාව මගින් වැටහෙන්නේ මිය ගියා වූ චිත්ත සංස්කාරයන්, නැවතත් නූපදිය යුතු බවයි. එනම් යම් අත්තා යැයි හැඟීමක්, චිත්තයක්, දිට්ඨියක්, චිත්තානුපස්සනාව මගින් ඉවත් කළා ද එම සංස්කාරයෝ නැවත ඉපදවීම දුකක් ම බව දනී. නිත්‍ය යන විපල්ලාසය නිසා වූ අවිද්‍යාව ඉවත් කරයි. මේ නිසා අරූප සමාපත්තිය වේ. මෙතැනදි නෙවසඤ්ඤානාසඤ්ඤායතනයත්, සිත නතර වීමත් සිද්ධ වුණා. මෙසේ උපෙක්ඛාවෙන් වාසය කරන්නේ නම්, ඉද්ධි ප්‍රාතිහාර්යයන් කළ හැකි ය. අතීත භව සිහි කළ හැකි ය.
ඒක තමයි මං කරපු භාවනාව.