ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. රාගජ පරිලාහ, ද්වේෂජ පරිලාහ, මෝහජ පරිලාහ, දක්වා ඊයේ මෙන් ම විමසලා ඒ තත්වයට ආවට පස්සේ, මෝහජ පරිලාහවල බලපෑම ද්වේෂජ පරිලාහවලට එන බව හොඳින් වැටහුණා. යම් මෝහයක් වේ ද, එමගින් යම් බලපෑමක් වන්නේ ද, එය කෙසේ ද?
ගලේ වැදී කුඩු වුවත් පවතිනවා යන සඤ්ඤා ඇත්තේ, එම සඤ්ඤාව දෝෂජ පරිලාහ තුළට කාවදී. බැස ගනී. දෝෂජ පරිලාහය මගින් සංස්කාර ගෙවී යන බවත් මනෝමය කාය මගින් බොහෝ කල් ගත නොහැකි බවත් සඤ්ඤා ඇත්තේ, එම සඤ්ඤාව රාගජ පරිලාහය තුළට එළඹවෙනවා. රාගජ පරිලාහය මගින්, තම සංස්කාරයන් විනාස නොවන අයුරින්, තම මනෝමය කායට ගැළපෙන අයුරින්, රූපයන් සොයයි. සංස්කාරය තුළ යම් ශක්තියක් ඇත්ද, මනෝමය කායට යම් විභවයක් ඇත්ද, ඒ කියන්නේ රූපයෙන් වෙන්ව කොතරම් කල් සිටිය හැකි ද කියන එකයි. මෙම දෙකට ගැළපෙන, මව් කුසක් හෝ අන් භවයක් හෝ සොයයි. සංස්කාරයන්ගේ ශක්තිය අධික වන්නේ ප්‍රඥාව අනුවයි. මනෝමය කාය විභවයත් එසේ ම ය. යමක් විනිශ්චය කිරීමේ හැකියාවක් ඇත්ද, එය බලපායි. තම ගති ලක්ෂණයන්ට ගැළපෙන්නා වූ, ආයු සංස්කාර සහිත ස්ථානවල ඉපදීම මේ අනුව සිදු වේ.
ඒක තමයි මං කරපු භාවනාව.