උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් මම මෙනෙහි කරද්දි, අර මෝහජ පරිලාහවල දී සඳහන් කරන ලද කාරණා අමෝහය අර්ථ දක්වන “නිබ්බානං රතනංති කරිත්වා අශ්චර්ය භාවෙන අතුලං” කියන එක සමඟ මනා කොට ගැළපෙනවා කියලා මට වැටහුණා. එතන පෙන්නනවා නිවන රත්න යැයි කොට, ආශ්චර්යභාවයෙන් අතුලයි, එහි කුසලයාගේ ඉපදීමක්, දැනීමක්, නුවණින් දැකීමක්, ඇත්ද එය අමෝහයයි. එතකොට මෙතන මේකත් එක්ක කොහොම ද ගැළපෙන්නේ. නිවන රත්නයකි. මනෝමය කායෙන් හෝ රූපයක් ස්පර්ශ කර හෝ ඉපදීමක් හෝ යන දෙකෙන් ම ජීවත් විය නොහැක. නිත්‍යභාවයක් නැත. මෙහි කුසලයාගේ ඉපදීම කිම?
අර c2 >= c1 අවස්ථාව මනා කොට මෙනෙහි කරන්නේ, මේක අවබෝධ වෙනවා. බුදුපියා භාවනාවට පෙර ම මට 16/02/2016 අත්තානුදිට්ඨිය භාවනාව බලන්න කියලා පැවසුවා. එම භාවනාව හොඳින් විමසුව පසු අර හය වන සතිය මගින් සිදු කරන කාරණය විමසීමේ දී අපි සඳහන් කළා, මෙම සතිය තුළ පෙර සහ දැන් සංස්කාර නොපවතින බව දන්නේ, දක්නේ, එමගින් ඇති වූ ඥානයෝ අන්තර්ගතව ඇත. මෙහි දී විඤ්ඤාණ ධාරාව බිඳුණු බව චිත්තය දන්නා නමුත්, පෙර භාණ්ඩ පැවතුණා යැයි සිතන්නාක් මෙන්, දිට්ඨිය කෙසේ දැන් අත්තා දිට්ඨිය ඉක්මවයි ද? දැන් අත්තා දිට්ඨිය කොහොම ද ඉක්මවන්නේ. මෙය ඉදංසච්ච නිසා ය. ඉදංසච්චය විඤ්ඤාණයට පිටතින් තියෙනවා කියන එක පෙන්නුවා. අර අවිද්‍යා ආශ්‍රවයෙන් කාම ආශ්‍රවය වෙලා ඒක සිද්ධ වෙනවා කියන එක. එසේ නම් පෙර සංස්කාර පැවතුණා යැයි මෝහ නොවිය යුතු ය. ඒ කියන්නේ c2. ඉදංසච්චය අතහළ යුතු ය. මනෝමය කායේ විභවය දැන් අත්තා c1. ඒක අත්හළ යුතු ය. එතන දී ප්‍රඥා විමුක්තිය කියන එක ඇති වුණා.
අලෝභය අර්ථ දැක්වීම සිහි කරන්නේ, මෙසේ අමෝහ වී භව සංස්කාරයේ යම් දුරලීමක් ඇත්ද මෙය අලෝභයයි. මෙය රාගජ පරිලාහ අවස්ථාවේ දී සඳහන් කරන ලද, කාරණා සමඟ සසඳන්නේ, දැන් රූපයක ඇත්තා වූ යම් අත්තා අගයක් වේ ද, එනම් c1, එය අභ්‍යන්තරයේ ඇලීම නොවන්නකුට සිදු නොවේ. ඔය කාම ආශ්‍රවයේ ලක්ෂණයේ තියෙන්නේ, අභ්‍යන්තරයේ ඇලීම කියන එක තියෙනවා. අජ්ඣත්තාය අල්ලීනාය. සංස්කාරවලට ඇලීමක් නොවන්නේ චෙතො විමුක්තිය කියන එක ඇති වුණා. දෝෂජ පරිලාහය, “අජ්ඣත්තරතො සමාහිතෙ වික්ඛෙප පටිසාරණං” කියලා සිහි කරන්නේ මනෝමය කයත් ගෙවී යයි. රූපයක් සමඟ වාසය කරයි නම් විපරිණාමයට පත් වී සංස්කාරයත් ගෙවී යයි. එසේ නම් අභ්‍යන්තරයේ සමාහිත බවක් නැත. අප්පණිහිත චෙතො විමුක්තිය ඇති වුණා. එක විමුක්තියක ඉඳන් අනෙක් විමුක්තියට, සිතන සැණෙකින් මාරු වෙන්න පුළුවන්. මේකෙන් මේ විමුක්තිය නම් මේ විමුක්තිය හිතන්න විතරයි තියෙන්නේ. විමුක්තිය මතක් කළත් ඇති. ඒ තරම් ලස්සන භාවනාවක්.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්