Date: 01/03/2016 Name: Attanu Dittiya

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අමෝහය යනු c2 >= c1 අවස්ථාව මනා කොට අවබෝධ කර c2 පෙර නිත්‍ය යන්නත්, c1 දැන් අත්තා යන දෙක ම ඉවත් කිරීමයි. මෙයයි කුසලයේ ඉපදවීම. ප්‍රඥා විමුක්තිය කියන එක ඇති වුණා. මෙසේ සංස්කාරයන් දැන, භව සේවනය දුරු කරන්නේ නම්, එය අලෝභය වේ. චෙතො විමුක්තිය වුණා. රූපය සමඟ සිටීමට උත්සාහ කරන්නේ එම රූප විපරිණාමයට පත් වන බව ද, මනෝමය කායකින් සිටීමට උත්සාහ කරන්නේ පරාමාසය තුළ ඇති දේ වළඳා ගෙවී යාම වන බව දන්නේ, මෙසේ සිටිය නොහැකි බව දන්නේ අප්පණිහිත චෙතො විමුක්තිය වුණා. විමුක්තීන් අතර මාරු වීම ද කළ හැකි වුණා. මෙසේ ටික වෙලාවක් ඉඳලා ප්‍රඥා විමුක්ති වන්නේ, දකුණු ඇස තුළින් ආලෝකය පිටවන්නේ රූප පෙනුණා. ඒවා space එකේ යමකු සිටින විට x-ray එකකින් බලන්නාක් මෙන් පෙනුණු සත්ව රූපයන් ය. ඒ හත් වන ධ්‍යාන තලයේ සත්වයෙක්ගේ සඤ්ඤාවෙන් හැදුණු රූපයක්.

චෙතො විමුක්තිය අවස්ථාවේ දී වම් ඇස ඇරුණා. එතනිනුත් ආලෝකය පිටවෙනවා. එහි දී ද ඉතා ම උස් වූ කුලුණක් මෙන් රූපයන් කිහිපයක් ඇති තැනක සත්වයෙකු පෙනුණා. මෙය හය වන ධ්‍යාන තලයේ සත්වයකුගේ ස්වභාවයයි. මෙම සත්වයාගේ ශරීරය හත් වෙනි ධ්‍යාන තලයේ සත්වයාට වඩා ගොරහැඩි බවක් රළු බවක් තිබුණා. මෙසේ මේ සඤ්ඤා නිසා වන සත්වයෙක් දුටුවා. අප්පණිහිත චෙතො විමුක්තිය අවස්ථාවේ දී මම භාවනා කරන ගෙය ම දුටුවා. මේ සියල්ල ම අත්තානුදිට්ඨිය නේ දැ යි කියලා වැටහුණා.

එතකොට අපිට මතකයි අර diagram එක. රූප භය අගති චේතනා ජාති. ඒ චේතනාවයි භය අගතියයි අතර අපි “තමා” කියලා ලියාගන්නවා. “තමා තුළ රූපය.” ඊළඟට ජාති රූපය අතර අපි “රූපය තමා” කියලා ගන්න එක. ඊට පස්සේ ආපහු cross එකක් එනවා, චේතනා මෝහ අගති භය අගති විඤ්ඤාණ. එතන අපි විඤ්ඤාණයේ ඉඳන් මෝහ අගති දක්වා “අත්තානුදිට්ඨිය” කියන එක ලියාගත්තා. මෙසේ සියුම් වූ සඤ්ඤා නිසා හෝ අත්තා නොවන්නේ නම් එතන නිවන ඇත. ඉතින් මේකේ තව දෙයක් තමයි රහතන් වහන්සේගෙන් දැනගත්තේ, ඒ perception born body සඤ්ඤාවෙන් හැදුණු සත්වයන් යම් රූපයක් යම් අවකාශයක් වේ ද ඒ අසල ඉන්නකොට එම හැඩයන් එම රූප අසල දී ඒගොල්ලො ගන්නවා. ඒක වෙනවා. ඒගොල්ලො ගන්නවා නෙමෙයි. ඒක ඒ විදිහට වෙනවා. නමුත් රූපයත් සත්වයාත් වෙන් කර හඳුනා ගන්න පුළුවන්කම කියන එක තියෙනවා.

ඒක තමයි මං කරපු භාවනාව.