ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයටත් කැමති වේ. ජරාවට හරායති. එහෙම ගත්ත ගමන් ආකාසානඤ්චායතන වුණා. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය. ඉපදීම සිදු වුණා නම් නැවතත් ජරා වන්නේ, එයින් පීඩා වන්නේ ජරාවට අට්ටීයති. අන්න ඒ වෙලාවේ ආකිඤ්චඤ්ඤායතනය වුණා. ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුව ය. අත්ත සඤ්ඤා නිසා සැකසෙන විඤ්ඤාණයට ජිගුච්ඡති. විඤ්ඤාණය මගින් කරන්නේ දැනගැනීමයි.
ඉහත ආකාසානඤ්චායතන දැනගැනීම ද ආකිඤ්චඤ්ඤායතන දැනගැනීමෙන් ද ඇති වුණ ප්‍රතිඵලය කිම? පෙර යම් භවයක එහි සිටියා ද, එය ද නැසින. එය නොපවතී. පෙර නිත්‍ය දිට්ඨිය බිඳුණා. C2 කියන එක නොවේ. දැන් යමක් දැනගන්නේ ද, එය ද තමා යැයි නොගනී. දැන් අත්තා දිට්ඨිය බිඳුණා. C1 නොවේ. කුමක් නිසා ද? තථාගතයන් වහන්සේ පැවසුවා මෙම ධර්මය විමුක්තිය සඳහා පමණයි. දැනගැනීමෙන් ඇති වන වාසිය සඳහා නොවේ.
බුදුහාමුදුරුවෝ පැවසුවා “මෙම ධර්මය for the liberation of the mind, not for the advantage of knowledge.” අන්න ඒ අවස්ථාවෙදි විමුක්තිය කියන එක ඇති වුණා. එහෙනම් “අට්ටීයති, හරායති, ජිගුච්ඡති” කියනකොට “විමුක්තිය” දක්වා ගිහිල්ලා ඉවරයි. මේ මුළු භාවනාව ම තුළ ම විඤ්ඤාණයෙන් යමක් දැනගැනීමට ඇති කැමැත්ත පහව යන්නේ ලෝක 70ක ඒ සත්ව රූපයන් දැක්කා. ඒ කියන්නේ මේ සූර්යයාගෙන් පිටත ලෝකවල සත්වයන් පවා දුටුවා. විමුක්තිය සඳහා පමණයි, දැනගැනීම පිණිස නොවේ. අර එක ම වාක්‍යය not for the advantage of knowledge, for the liberation of the mind. අන්න එච්චරයි මනසේ තියෙන්න ඕන. ඒක හැම අවස්ථාවක ම සිත තුළ මනා කොට එළඹ සිටින්නේ නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වීමත් නිරෝධ වීමත් සිදු වුණා. මෙසේ අනාශ්‍රව චිත්තය නංවන්නේ නම් නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය. ඒක තමයි මේ භාවනාවේ දී මම කළේ. දකින දකින රූපයට අර එක ම වාක්‍යය මම පාවිච්චි කළා. අට්ටීයති, හරායති, ජිගුච්ඡති කියලා අතෙන්ට ආවට පස්සේ, මේ ධර්මය තියෙන්නෙ විමුක්තිය සඳහා පමණයි. මේ එක එක දේවල් දැන ගැනීම සඳහා නොවේ කියලා.
ඒක තමයි මං කරපු භාවනාව.