ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති වන්නේ නම් ව්‍යාධි මරණයටත් කැමති වන්නේ ය. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය. ඉපදීම සිදු වුණා නම් නැවතත් ජරා වන්නේ ය, එයින් පීඩා වන්නේ ය, ජරාවට අට්ටීයති. ඉතින් මේ විදිහට අර ආකාසානඤ්චායතනය, ආකිඤ්චඤ්ඤායතනය එහෙම සිද්ධ වුණා.
ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුව ය. අත්ත සඤ්ඤාව නිසා සැකසෙන විඤ්ඤාණයට ජිගුච්ඡති. විඤ්ඤාණය මගින් කරන්නේ දැන ගැනීමයි. මේ විදිහට ඊයේ වගේ ම භාවනාව කරගෙන ගියා. ඊට පස්සේ අර c2 >= c1, ඒක බැලුවට පස්සේ නාගයෙකු දුටුවා. නාගයා කෙසේ ජීවත් වන්නේ ද? තමාට හානියක් නොවන බිත්තරයක් වැනි ආහාරයක් වන්නේ එය පරිහරණය කරයි. තමාට හානියක් වන දෙයක් ඇති ද දෂ්ට කර හෝ එයින් වෙන් වී ජීවත් වේ.
නාගයා යනු රහතන් වහන්සේ ය. රහතන් වහන්සේ යම් ආහාරයක් ලැබෙන්නේ ද, බෙහෙත් පිරිකර ලැබෙන්නේ ද, ඒවායින් හානියක් නොවන්නේ එය පරිභෝජනය කරයි. හානිකර වූ යමක් වේ ද, ඇවතක් වන්නා වූ යමක් වේ ද, ඒවා භජනය නොකරයි. මෙසේ නිර්වාණය සඳහා යම් දහමක් වේ ද, ඒවා භාවිතා කරමින්, ඒ කියන්නේ දියුණු කරමින් ජීවත් වෙනවා. නිර්වාණයට පිටත වූ යම් දහමක් වේ ද, ඒවා භජනය නොකරයි. අපත් එසේ ම ජීවත් විය යුතුයි කියන එක ගත්තා. මෙසේ සිතීමත් සමඟ නිරෝධය කියන එක ඇති වුණා. ඒකෙන් ඉවත් වෙනකොට අතීත සංස්කාරයක් උපකරණයක් වගේ දෙයක් දැක්කා. ඒවායින් ඉවත් විය යුතුයි යන හැඟීමක් ඇති වුණා.
නෙවසඤ්ඤානාසඤ්ඤායතනය වුණා. ඉන් අනතුරුව තථාගතයන් වහන්සේගේ නළල සහ ඇස් දෙක දුටුවා. ඒක ඒ අතීත භවයක දර්ශනයක්. හානියක් නැත. භාවිතා කරමින් ජීවත් විය හැකි ය. නැවතත් නිරෝධය කියන එක ඇති වුණා. මේ මුළු භාවනාව තුළ ම නාගයකු මෙන් ජීවත් වීම සිහි තබා ගැනීමෙන් පමණක් භාවිතා කිරීමෙන් අනාශ්‍රව වීම කියන එක සිදු වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.