ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කර වැඳ නමස්කාර කළා.
ලෝභය නැති කරමි, කාමච්ඡන්දය, ජරාවට ඇති කැමැත්ත. ජරාවට කැමති නම් ව්‍යාධි මරණයට ද කැමති වන්නේ ය. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ, නන්දිය. ඉපදීම සිදු වූවා නම් නැවතත් ජරාව වන්නේ ය. එයින් පීඩා වන්නේ ය. ජරාවට අට්ටීයති. ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුව ය. අත්ත සඤ්ඤාව නිසා සැකසෙන විඤ්ඤාණයට ජිගුච්ඡති.
පදුට්ඨමනසඞ්කප්පය හරහා පරාමාසයටත් ඉන් අනතුරුව වන සෝකයටත් ජිගුච්ඡති. සෝකයට ආසන්න කාරණය පදට්ඨානය වන්නේ චිත්ත පීඩාවයි. මෙය ඇති වුණේ අර බබා වගේ රූපයකින් ඉඳලා, ඒක ජරා ව්‍යාධි වෙලා මරණය වෙලා මනෝමය කායකින් ඉන්නවා. ඒ ආහාර නැතිව ඉන්න අවස්ථාව. ඒකෙන් පීඩාවට පත් වෙනවා. ඒකෙන් කය පෙළෙනවා. ඒ කය පෙලුණට පස්සේ ඒකෙන් අපි දන්නවා දෝමනස්සය ඇති වෙනවා කියලා. ඒ දෝමනස්ස පදට්ඨානය වෙනවා අර සිත පෙළෙනවා කියන එකට. ඒ සිත පෙළීම වුණාට පස්සේ අපිට ඒක පදට්ඨානය වෙනවා සෝකයට. ඒක සෝකයට ආසන්න කාරණය වෙනවා. මේ සියල්ල ජරාව නිසා ය. ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති නම් සිත පෙළීමෙන් අනතුරුව වන්නා වූ සෝකයටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති.
එසේ නම් සෝකයට පසු කුමකට විඤ්ඤාණය සකසන්නේ ද? දිට්ඨිය බිඳී ඇත. චිත්තයත් බිඳී ඇත. අපි දන්නවා සෝක අවස්ථාවේ දී අර compare කරලා අපි ආපහු සකසන්න යනවා කියලා. යම් සැකසීමක් වේ ද එය විමුක්තිය සඳහා පමණක් ම විය යුතු ය. දැනගැනීමෙන් වන වාසිය සඳහා නොවිය යුතු ය.
For the liberation of the mind, not for the advantage of knowledge කියලා කිව්වා. ඊයේ භාවනාවේ මෙන් මෙහි යම් දහමක් භජනය කළ යුතු ද, එය භජනය කරයි. යමකින් විපතක් ඇති වේ ද, එය භජනය නොකරයි. අර නාගයකු මෙන් ජීවත් වන කතාව. බුදුපියවරු ඇසුරු කළ හැකි ය. හානි නොවේ යැයි සිත විය. ඒ සමඟ ම මුළු නළල ම ඇසක් මෙන් වුණා. ප්‍රඥා විමුක්ති චෙතො විමුක්ති ඇති වුණා. නිරෝධය කියන එක ඇති වුණා.
ඒක තමයි මං කරපු භාවනාව.