ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ අනත්ත සඤ්ඤාව ගැනයි. යම් ලාභයක් යැයි ගැනීමක් වේ ද, මෙය අත්ත සඤ්ඤාව වීමෙන් අනතුරුව වෙන බව අපි දන්නවා. යම් අනත්ත සඤ්ඤාවක් වේ ද විඤ්ඤාණ ධාරාව චේතනාවෙන් ඔබ්බට ගැලීමක් නොවේ. එනම් පෙර සලකන ලද චේතනාව උස්සනු ලබන අත්තා කියන එක ඉවත් වෙනවා නම් ස්පර්ශයක් පමණක් පවතී. ඒ කියන්නේ අපි දන්නවා ඉස්සර පරාමාසය ඉඳන් උඩ අතට අපි අත්තා කියලා චේතනාව දක්වා ලියනවා. ඒ චේතනාවෙන් විඤ්ඤාණය සැකසෙනවා, අර පෙරළිලා වගේ ගිහින්. දැන් මේ අත්ත සඤ්ඤාව කියන එක ඉවත් වෙනවා නම්, චේතනාවේ ඉඳන් විඤ්ඤාණයට ගලන්නේ නෑ.
එහෙනම් අපිට ඉතුරු වෙන්නේ diagram එකක් වශයෙන් බැලුවොත්, ස්පර්ශයයි, එතනින් ඇති වන සඤ්ඤාවයි, ස්පර්ශයෙන් ඇති වන වේදනාවයි. යම් වේදනාවක් වේ ද එමගින් ඇති වන්නේ දුක්ඛතා තුනක් බව දන්නේ අමෝහ වන්නේ ය. එමගින් අදෝෂය ඇති වේ. මේක අර වයසංඛත ලක්ෂණය නිසා ඨිතස්සඅඤ්ඤථත්තං ලක්ෂණය බැලු ආකාරයට සිහි කරන්න ඕන. එසේ නම් රෝගී සඤ්ඤාවක් ගැනීම කියන එක අතහරිනවා. ඉන් අනතුරුව ඇත්තේ ස්පර්ශය පමණි. මෙය වම්මික සූත්‍රයේ පංචකාමය පමණක් මෙන් වැටහෙන්නේ, ඒ කියන්නේ අර අට වෙනි කාරණය හැටියට බැලුවේ, එවැනි රූප ස්පර්ශ නොකරයි. ඉතින් මේ අවස්ථාවෙදි අර සබ්බාසව සූත්‍රයේ advanced program එකේ අපි අනත්ත සඤ්ඤාව වටහා ගත්ත ආකාරය, අන්න ඒ විදිහට සිහි කරන්න ඕන. ඉතිරිව ඇත්තේ නන්දිය පමණි. මෙය ඊයේ භාවනාවේ දී වටහා ගත් අයුරින් ඉවත් කළ හැකි ය. එනම් මේ සියල්ල ජරාව නිසා ය. ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති නම් සිත පෙළීමෙන් අනතුරුව වන්නා වූ සෝකයටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති.
එසේ නම් සෝක වූ පසු කුමකට විඤ්ඤාණය සකසන්නේ ද? දිට්ඨියත් බිඳී ඇත. චිත්තයක් බිඳී ඇත. යම් සැකසීමක් වේ ද එය විමුක්තිය සඳහා පමණක් ම විය යුතු ය. දැනගැනීමෙන් වන වාසිය සඳහා නොවිය යුතු ය. ඉතින් මේ තත්වයට ආවහම කෙනෙක්ගෙ මනස, අර විමුක්ති චිත්තය කියන චෙතො විමුක්ති, ප්‍රඥා විමුක්ති ඒවා සහගතව එන්නෙ. කෙනෙකුට ප්‍රශ්නයක් ඇති වෙන්න පුළුවන් අර ස්පර්ශය ඉවත් කළාට පස්සේ නන්දිය කෙසේ ඇති වන්නේ ද කියන එක. ඒ ප්‍රශ්නය මතු වෙන්න පුළුවන්.
මෙය විඤ්ඤාණ ධාරාවේ පෙර පැවතීම නිසා වූ ආස්වාද ස්වභාවයයි, එසේත් නැත්නම් පෙරළා පැමිණෙන ධාරාව බිත්තියක වැදිලා වතුර පාර එන්නේ, අන්න ඒ විදිහට සැළකිය යුතුයි. අවිද්‍යා ආශ්‍රව ඉඳන් කාම ආශ්‍රව විදිහට බලන්න ඕන. උදාහරණ වශයෙන් යම්කිසි මැහුමකින් රෙද්දක් වියා ඇත්ද, එම මැහුම ඉවත් කළ පසු මැහුම පෙර තිබූ නිසා ඇති වූ පාරවල් දක්නේ, එම වස්ත්‍රය භාවිතා කර කළා වූ දේ පිළිබඳ ඇති සඤ්ඤා ඇත. ඉතින් මේකෙදි ඉවත් වන්නේ රාග අනුසය යි. ඒ කියන්නේ ජරා වේදනා අසම්පජාන රේඛාව කැරකැවීම කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.