Date: 06/03/2016 Name: Sannā

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මෙසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකෙ මඳක් දුරක් පැමිණි පසු ඒ කියන්නේ, ස්පර්ශ නිසා සඤ්ඤා, ස්පර්ශයෙන් වේදනා. අන්න ඒ දක්වා පැමිණි පසු සඤ්ඤාවේ අනිත්‍යභාවය සමාධිභාවනා සූත්‍රය මෙන් විමසීම කියන එක කළා. සමුදය බැලීමෙන් පසුව නාභිනන්දති, නාභිවදති, නජොසාය තිට්ඨති. කුමක් නිසා නාභිනන්දති වන්නේ ද? රූපය නිසා ය.

ඊයේ භාවනාවේ නන්දිය විමසූ විට ජරාවට පත් වන බැවින් එම රූපයන් නිසා වන යම් සඤ්ඤාවක් වේ ද, අභිනන්දනා නොකළ යුතු ය. නාභිවදති. කුමක් නිසා ද? එවන් වූ රූපයක් ස්පර්ශ වීමෙන් ඇති වන්නා වූ යම් වේදනාවක් වේ ද, එය දුක්ඛ දුක්ඛතා වන්නේ ය. එමනිසා නාභිවදති. නජොසාය තිට්ඨති කුමක් නිසා ද? එම රූපයන් නිසා ඇති වන්නා වූ යම් සංස්කාරයක් වේ ද, එය වැය වී යන නිසා ය. නොපවතින නිසා ය. එසේ නම් සඤ්ඤාව නාභිනන්දති, නාභිවදති, නජොසාය තිට්ඨති වීමට සංස්කාර නිසා හෝ විඤ්ඤාණ නිසා හෝ ඇති වන්නා වූ සඤ්ඤා කොටස විමසිය යුතුයි.

සංස්කාර කොටස විමසීම උත්පාද සංඛත ලක්ෂණය ඨිතස්සඅඤ්ඤථත්තං සංඛත ලක්ඛණය වයසංඛත ලක්ෂණය විමසූ අයුරින් ඒ කියන්නේ, 27/02/2016 නිබ්බාන භාවනාවේ දී විමසූ විදිහට. විඤ්ඤාණ කොටස විමසීම විපරිණාම දුක්ඛතා, දුක්ඛ දුක්ඛතා, සංස්කාර දුක්ඛතා ලෙස ද වටහා ගත යුතුයි. මෙසේ විමුක්ති සහගතව ටික වේලාවක් හිටියා. සඤ්ඤා නිදානානි පපඤ්ච සඞ්‌ඛා කියලා සිහි වුණා. තණ්හා පපඤ්ච, දිට්ඨි පපඤ්ච. ජරා වේදනා අසම්පජාන රේඛාවේ භ්‍රමණය තණ්හා පපඤ්චය. අවිද්‍යා ආශ්‍රව සිට දිට්ඨි ආශ්‍රව දක්වා දිවීම කියන එක, දිට්ඨි පපඤ්චය. මේක නොවෙනවා නම් සඤ්ඤා නිසා නන්දි නොවේ යැයි වැටහුණා.

ඒක තමයි මං කරපු භාවනාව.