Date: 10/03/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ විඤ්ඤාණය නිසා සංස්කාරයට ඇති වන බලපෑම. සංස්කාර ප්‍රත්‍යයෙන් විඤ්ඤාණය වන්නේ ය. එසේ නම් සංස්කාරයේ යම් ගුණයක් වේ ද එය විඤ්ඤාණගත වන්නේ ය. කුමන ගුණයක් විඤ්ඤාණගත වේ ද? සුභ, සුඛ, අත්තා, නිත්‍ය, ගුණයන්. මෙවන් වූ විඤ්ඤාණයන් මගින් සංස්කාරයට කෙසේ බලපෑම් කරයි ද? අත්තා යැයි ගත්තේ එහි පසු සඤ්ඤාව ලෙස අවිද්‍යා ආශ්‍රව වූයේ එමගින් කාම ආශ්‍රව වීමත්, නිත්‍ය යැයි ගත්තේ එහි අනුමත කරන ලද ඒ කියන්නේ ඉදංසච්ච මගින් අනුමත කරන ලද බලපෑම කාම ආශ්‍රව දක්වා දිවීමට උපකාර කිරීමත්, නිත්‍ය යන්නේ පසු සඤ්ඤාව ලෙස දිට්ඨි ආශ්‍රව වූයේ දිට්ඨි සල්ලය හරහා සුඛ යන සඤ්ඤාව සනාථ කිරීමත් වන්නේ ය.

එතකොට මෙතන දී අපිට පේනවා diagram එකක් වගේ ඇඳගත්තොත්, අවිද්‍යා ආශ්‍රවයේ ඉඳන් කාම ආශ්‍රවයට එනවා. ඔය ජාති වේදනා චේතනා රේඛාව තියෙනවා. ජාති වේදනා අතර රාග අනුසය 50% පාර, ඊළඟට භය අගති වේදනා රේඛාව තියෙනවා දිට්ඨි අනුසය, 40% පාර. එතකොට අවිද්‍යා ආශ්‍රවයෙන් දිට්ඨි ආශ්‍රවයට ඇවිල්ලා දිට්ඨි ආශ්‍රවයෙන් දිට්ඨි සල්ලය, එතනින් සඤ්ඤාව, උඩ සඤ්ඤාව අල්ලගන්නවා. එතනින් චේතනා වෙනවා. එතකොට මෙතන අපි දන්නවා ඔය රූපකායේ අධිවචනය කියන එක අපි ඔය රාග අනුසය පාරේ ලකුණු කරනවා. ඒ වගේ ම දිට්ඨි අනුසය දික් කළහම අපි රූපය සුඛයි කියලා කියනවා. එතකොට මේ විදිහට රාග අනුසය සහ දිට්ඨි අනුසය වන්නේ, මෙම පාරවල් දෙක මගින් නැවතත් අත්තා යන්න සෑදේ. මෙහි දී රූපකායේ අධිවචන සම්‌ඵස්‌සය මනා කොට මෙනෙහි කළ යුතු ය. 50% සහ 40% පාරවල් දෙක මගින් ඇති වන්නා වූ අත්තා මගින් සංස්කාර වෙනවා. “රූපං අත්තතො සමනුපස්සති යා ඛො පනසා භික්ඛවෙ සමනුපස්සනා සඞ්‌ඛාරො.”

මෙසේ විඤ්ඤාණයට කාවදන ලද සුභ, සුඛ, අත්තා, නිත්‍ය, මගින් සංස්කාරයන් ඉපදීම 50% සහ 40% පාරවල් දෙක ලෙස වටහා ගත යුතු ය. විඤ්ඤාණය දුක්ඛතා තුනක් ලෙස දක්නේ නම්, මෙය මෙසේ නොවන්නේ ය. එසේ නම් පරිඤ්ඤා භාවිතා කර සංස්කාර සමථයට පත් කර සඤ්ඤාව නවතා, “සබ්‌බසඞ්‌ඛාරසමථා සඤ්ඤා උපරෝධනා” අන්න ඒ විදිහට නිර්වාණය සාක්ෂාත් කළ හැකි ය. එසේ නොවන්නේ නම් ඉහත පථයන් ඒ කියන්නේ 40%, 50% පාරවල් භාවිතා කර යම් වූ අඩුවක් සංස්කාරය තුළ තිබුණා ද විඤ්ඤාණය විසින් ඒවා සම්පූර්ණ කරයි. එනම් අත්තා යන්න සම්පූර්ණ කරන සංස්කාරයන් කරා ධාරාව යොමු කරයි. මෙහි දී ගැලවීමක් නැත. මෙය දන්නා පුද්ගලයා චතුරාර්ය සත්‍ය මනා කොට අවබෝධ කරගත් පුද්ගලයා වන්නේ ය.

අන්න ඒක තමයි මං කරපු භාවනාව.