ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී බැලුවේ විඤ්ඤාණය මෙසේ සකස් නොවන්නේ නම් විඤ්ඤාණය කුමන රටාවකට ගලා යාවි ද යන්නයි. එනම් සංස්කාර ප්‍රත්‍යයෙන් වන විඤ්ඤාණය තුළ සුභ සුඛ අත්තා නිත්‍ය යන්න නොවන්නේ නම් විඤ්ඤාණය කෙසේ ද යන්නයි. කෙලෙස් නැසුවා වූ රහතන් වහන්සේ නමක් යම් රූපයක් දෙස බලන්නේ සුභ සුඛ අත්තා නිත්‍ය නොවන්නේ ය. නමුත් මේවායින් තොර වූ සංස්කාරයන් ඇත. උදාහරණ වශයෙන් ආශ්වාස ප්‍රශ්වාස. මෙවන් වූ සංස්කාරයන් නිසා සෑදෙන විඤ්ඤාණය යම් ධර්ම කාරණාවක් දැනගැනීම සඳහා පමණක් භාවිතා කරයි. එය ද විමුක්තිය සඳහා පමණි.
ඉතින් මේ අවස්ථාවේ දී diagram එකක් හැටියට ලකුණු වෙනවා නම්, රූපයයි ස්පර්ශයයි වේදනාවයි, ස්පර්ශයයි සඤ්ඤාවයි, රේඛා තුනකින් එතන ලකුණු කරන්න පුළුවන්. ඊළඟට ජීවිත ඉන්ද්‍රිය විඤ්ඤාණය, ඒ දෙක අතර සම්බන්ධතාවයක් රේඛාවක් තියෙනවා. එච්චරයි. ඉතින් හරි ලස්සනට මෙතැනදි තේරෙනවා, ෂඩායතන සම්ප්‍රයුක්ත ජීවිත ප්‍රත්‍ය කියන එක, මේ පැත්තෙන් ආයතන මෙතනින් ජීවිත ඉන්ද්‍රිය. ස්කන්ධයෝ ඇත. ඇල්මක් නැත.
අර ඊයේ බලපු 50%, 40% පාරවල් ඒවා මොකක්වත් නෑ. රූපය, විපරිණාම දුක්ඛතා ලෙස දනී. වේදනාව, දුක්ඛ දුක්ඛතා ලෙස දනී. විඤ්ඤාණය, දුක්ඛතා තුන ම ලෙස දනී. සඤ්ඤා තීරණ පරිඤ්ඤා ලෙස දනී, අනිච්චතො, දුක්ඛතො, ආදී වශයෙන්. සංස්කාර අනත්තා ලෙස දනී. අර අත්තා යැයි කියලා ගත්තහම නේ සංස්කාරය වෙන්නේ පාරිලෙය්‍ය සූත්‍රයේ පෙන්නුවේ. ඒක අනත්තා ලෙස දනී. මෙසේ විසංයුක්ත වූයේ, ඇති වුණා වූ විමුක්තිය ද, දැනගත්තා වූ ධර්ම කාරණය ද, නැවත සාදමි යන අදහසක් හෝ නොවේ. අන්න ඒක හොඳට වැටහුණා. ඒ ඇති වුණා වූ තත්වය, විමුක්තිය, නැවතත් මේ විමුක්තිය මම හදනවා කියලා එකක්වත් නෑ. ඉතින් ඒ විදිහට ඒ භාවනාව කරගෙන ගියා.
ඒක තමයි මං කරපු භාවනාව.