Date: 13/03/2016 Name: Bhaya-bherava sutta

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ අපි භයභෙරව සූත්‍රය සාකච්ඡා කළා. ඒකෙ තුන් වෙනි slide එකේදි අර මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවතීම අභිජ්ඣා. ඒක ඉගෙන ගත්තා. යම්කිසි මිච්ඡා දිට්ඨියක් වේ ද, එය තුළ අත්තා යන සඤ්ඤා නිසා හටගත් දිට්ඨින් ගැබ් ගෙන ඇත. යම් අත්තා යන දිට්ඨියක් වේ ද, එමගින් විඤ්ඤාණ ධාරාව දුවවනවා. ඒ කියන්නේ පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා එතැන අපි අත්තා දිට්ඨිය, එතනින් චේතනාවෙන් විඤ්ඤාණයට අර නිත්‍යයි කියලා එහෙම ඇති වෙනවා. මේක දුප්පඤ්ඤ දක්වා ගමන් කිරීමත් එම අවස්ථාවේ දී අත්තා යන චිත්ත විපල්ලාසය ඉදංසච්චයට ඇතුල් වීමට ඉඩ හරින බව අපි සාකච්ඡා කළා. අත්තා යන දිට්ඨිය, අත්තා යන චිත්තය බවට පත් වූයේ කෙසේ ද? අන්න ඒක තමයි මම කල්පනා කළේ.

එතකොට අපි ඔයිට ඉස්සෙල්ලා කළා ඔය ජීවිත ඉන්ද්‍රිය, ඒ පරාමාස රේඛාව 270° න් භ්‍රමණය වුණොත් නිත්‍ය යන දිට්ඨිය reverse වෙනවා කියලා අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ ඔය “චේතනා ඉදංසච්ච විඤ්ඤාණ පරාමාස cross එක” එතනට එනවා ජීවිත ඉන්ද්‍රිය කියන එක. එතකොට ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසය දක්වා තියෙන රේඛාව, ඒක කැරකෙනවා. ඒක වටේට කරකැවෙන්න ගත්තහම, 270° න් කැරකෙනකොට ඒ නිත්‍ය කියන එක, ඒ දිට්ඨිය reverse වෙනවයි කියලා අපි බැලුවා. මේ රේඛාව තවත් 90° න් කරකැවුණොත්, ඒ කියන්නේ 360° ගිහිල්ලා තියෙනවා, ඒ වෙනකොට මොකද වෙන්නේ කියන එක 15/02/2016 නිබ්බාන භාවනාවෙදි ඉගෙන ගත්තා.

එතනදි අපි තේරුම් ගත්තා පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා අපි ලියනවා එතන a1 කියලා පරාමාසය කිට්ටුවෙන් ම. ඒකට කියනවා ඒ අත්තා කියන සඤ්ඤාව. ඒක තමයි දැන් තියන එක. ඊළඟට චේතනාවේ ඉඳන් පරාමාසය කරා ගමන් කරනවා නිත්‍යයි කියන සඤ්ඤාව, පෙර සඤ්ඤාව. අර වතුර පාර ගිහිල්ලා වැටිලා ආපු දේ. ඊට පස්සේ චේතනාවෙ ඉඳන් ඒ ජීවිත ඉන්ද්‍රිය දක්වා අපි b1 කියලා ලකුණු කරගත්තා, අත්තා කියන චිත්තය. ඒකෙ අනිත් පැත්තට ජීවිත ඉන්ද්‍රිය ඉඳන් චේතනාව දක්වා එනවා b2 කියලා ලකුණු කරගත්තා නිත්‍ය චිත්තය. ඊට පස්සේ අපි ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසය දක්වා අපි ලකුණු කරගත්තා c1 කියලා. ඒ දැන් අත්තා දිට්ඨිය. ඊට පස්සේ පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා අපි එතන ලකුණු කරගත්ත අර නිත්‍ය දිට්ඨිය. ඒක පෙර නිත්‍ය දිට්ඨිය. අර වතුර පාර වැටිලා බිඳුණට පස්සේ එක. ඉතින් එතනදි අපි උදාහරණ තුනකුත් බැලුවා. එකක් තමයි පළවන කාරණය හැටියට c2 >= c1. ඒ කියන්නේ පුරාණ භාණ්ඩ පැවතුණා කියන උදාහරණය. ඊළඟට b1 > b2 කියලා ගත්තා අර අලුත් උපකරණවල නැවුම් බවක් තියෙනවා. ඊළඟට a1 > a2 අලුත් රූපය මගින් විඤ්ඤාණ ධාරාව පවත්වනවා කියන එක.

දැන් අද භාවනාවේ දී විමසලා බැලුවේ, මේ ජීවිත ඉන්ද්‍රිය පරාමාස රේඛාව තවත් 90° කැරකෙව්වා ම මොකක් ද වෙන්නේ කියන එකයි. එතකොට දැන් ඒ 360° කරකවපු අවස්ථාව, අපි ඉස්සෙල්ලා කතා කරපු අවස්ථාවේ දී පරාමාසගත වූ c1 අත්තා දිට්ඨිය අර නෙළුම් කොළයක් වතුරෙන් උඩට එන්නාක් වගේ පරාමාසයේ ඉඳන් චේතනාව දක්වා ඒක ඉලිප්පිලා එනවා. උඩට මතු වෙනවා. ඉතින් මෙතැන දී කෙනෙකුට diagram එකක් වශයෙන් ඇඳගන්නවා නම් පරාමාස චේතනා කියන තැන දැන් අපි ලකුණු කරගන්නවා ඔය c1 අත්තා දිට්ඨිය කියන එක. එතකොට චේතනාවේ ඉඳන් ජීවිත ඉන්ද්‍රිය දක්වා ලකුණු කරගන්නවා අත්තා චිත්ත, b1 කියන එක. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසය දක්වා ලකුණු කරගන්නවා, a1 අත්තා සඤ්ඤාව. දිට්ඨි, චිත්ත, සඤ්ඤා, කියන විදිහට.

එතකොට ඉතින් අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය දකුණු පැත්තට පල්ලෙහායින් ඉදංසච්චය තියෙනවා, උඩ විඤ්ඤාණය, එතකොට ඊට පස්සේ පරාමාසයේ ඉඳන් මෝහ අගති රේඛාවක් තියෙනවා. භය අගතියේ ඉඳන් පරාමාසයට රේඛාවක් තියෙනවා. භය අගතියේ ඉඳන් ඉදංසච්චය, ඒක cross වෙනවා, පරිදේව කියලා ලකුණු කරපු තැන. එතැන දී අපි පරවම්භී කියලත් ලියාගත්තා. පරාමාසයයි මෝහ අගතියයි අතර, අහංකාරය තියෙනවා ඔය triangle එක ඇතුළේ. ඒ කියන්නේ “භය අගති පරාමාස පරිදේව” කියන triangle එක ඇතුළේ. එතකොට අර උඩට ඉලිප්පිලා එනවා කියන එක, දිට්ඨිය, ඒක සිද්ධ වෙන්නේ ඔය භයභෙරව සූත්‍රයේ slide 10 වල අර පරවම්භී වුණයින් පස්සේ. ඒ කියන්නේ අන් අය පහත් කරන අවස්ථාව.

ඒකෙදි මතකයි අපි ලිව්වා ඔබ හදන විඤ්ඤාණය නැවතත් “සඤ්ඤාව භාවිතා කර සෑදිය යුතු ය” කියලා මෝහ වෙන අවස්ථාවෙන් පසුවයි මේක සිද්ධ වෙන්නේ. එතකොට මේ බලපෑම විභන්ත චිත්තය දක්වා පැමිණෙනවා. විපරිණාමයෙන් තොර වූ රූපයක් ඇති යැයි සිතා ඒකට දුවවනවා. අත්තා යන චිත්ත විපල්ලාසය ඉදංසච්චගත වීම සිදු වෙනවා. මේ අවස්ථාව වෙනකොට වට අටක් හෝ ඊට වඩා වැඩි ගණනක් ගතවෙලා තියෙනවා. ඒ කියන්නේ සඤ්ඤාව මිද්ධ ස්වභාවයට පැමිණ, අපි දන්නවා වට අටක් ගියා ම ථීනමිද්ධ ස්වභාවයට පැමිණ මගේ යැයි ගැනීම කියන එක සිදු වෙනවා. එහෙම වෙලා දුප්පඤ්ඤ ස්වභාවයට පත් වීමෙන් අනතුරුවයි මේක සිද්ධ වෙන්නේ.

එතකොට අර හයේදි පටන් ගත්ත ක්‍රියාවලිය වට හයක් ගිහිල්ලා, එතනදි කෙනෙකුට කල්පනා වෙනවා නම් අර අපි ඉස්සර බලපු ධර්මය, 4.4 ඒකෙ ඉඳන් 5.4, 5.4 න් දෝමනස්සය වෙලා ඊට පස්සේ අපි එනව නේ දිගට ම 6.4. අන්න ඒකත් එක්ක කල්පනා කරනවා නම්, තමන්ට පේනවා මේක කොච්චර ලස්සනට වෙනවද කියන එක. ඉතින් මේ භාවනාව බොහොම අමාරුයි කරන්න නම්. ඒ කියන්නේ සිත නතර වෙලා බොහෝ විට ඒ විදිහට පවතිනවා.

ඒක තමයි මං කරපු භාවනාව.