Date: 14/03/2016 Name: Abhijjha 

පූජාවෙන් පසුව උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. එතකොට අද භාවනාවේ දී බැලුවේ අර 5.3, රවුම 5 step 3, අන්න ඒ අවස්ථාව. ඒ අවස්ථාවත් ඊයේ බලපු අවස්ථාවත් අතර වෙනස කියන එක. එතකොට 5.3 වෙනකොට අපි මේ කතා කරන්නේ කලින් කරපු භාවනාව. ඒ කියන්නේ ඔය “පරාමාස චේතනා ජීවිත ඉන්ද්‍රිය” කියන triangle එක, ඒ ජීවිත ඉන්ද්‍රිය කියන එක වටා කරකැවෙනවා. ඉතින් ඒක 90°, 180°, ඔය විදිහට 360° අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට රවුම් පහක් යනවා කියලා කිව්වම, අපි ඒ කතා කරන්නේ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්ච රේඛාව රවුම් කැරකීමයි කතා කරන්නේ. ඒක කරකැවෙනකොට, මෙතැන ජීවිත ඉන්ද්‍රිය වටා කරකැවෙන එක පොඩ්ඩක් lagging behind. එතකොට අරක 90° යනකොට, අනිත් එක ජීවිත ඉන්ද්‍රිය වටා යන එක 47°ක් අන්න ඒ වගේ තමයි වෙන්නේ. එතකොට අර ඉදංසච්චය දක්වා එන්නා වූ මෝහ අගතියේ ඉඳන් ඉදංසච්චයට එනකොට ඒක රවුම් පහක් කරකැවෙනකොට, ජීවිත ඉන්ද්‍රිය වටා එක, රවුම් හතරක් විතර ගිහින් තියෙන්නෙ.

එතකොට දැන් මේ අපි කතා කරන්නේ 5.3. ඒ 5.3 වනකොට අපි ඊට ඉස්සෙල්ලා බලපු ධර්මයත් එක්ක එතන බැලුවේ නැත්නම් පෙනෙන්නේ නෑ. එතන ඒ පරාමාස චේතනාවට එනවා අපේ a1 අත්තා කියන සඤ්ඤාව. ඊට පස්සේ චේතනාව විඤ්ඤාණය, එතන එනවා a2 පෙර නිත්‍ය සඤ්ඤාව. ඒක එන්නෙ අනිත් පැත්තට. ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉඳන් චේතනාව පැත්තට. සාමාන්‍යයෙන් නම් චේතනාවෙන් විඤ්ඤාණයට නෙ ගමන් කරන්නේ. දැන් මේක reverse වෙලා. අනිත් පැත්තට ඇවිල්ලා. ඒක තමයි අර සබ්බාසව සූත්‍රයේ අපි 5.3 කියනකොට කියන්නේ අර සඤ්ඤාවේ ජරාව කියලා. අර නිත්‍යයි කියලා ගත්ත එක වෙනස් වෙලා.

එහෙමත් නැති නම් අර මුහුදේ, අපි කිව්වා මෙහෙම රැල්ල ගමන් කරගෙන එනකොට වෙරළ දෙසටයි එන්නේ. හැබැයි ඉස්සෙල්ලා වැටිච්ච වතුර පාර යන්නේ අනිත් පැත්තට. එතකොට අර වැටෙන වතුර පාර අනිත් පැත්තට යන එකට වැටුණ නම් ඒකත් යන්නේ වෙරළින් අනිත් පැත්තට. අපි දන්නව නේ මුහුදේ වතුර ටික ඇදීගෙන යන්නේ අනිත් පැත්තට. අන්න ඒ වගේ දෙයක් තමයි තියෙන්නේ. එතකොට මෙහාට එන විට අපි නිත්‍යයි කියලා ගත්ත නම් අනිත් පැත්තට යනකොට අර නිත්‍ය සඤ්ඤාව බිඳිලා කියන එක, ඒක වෙනවා.

ඉතින් ඒක පැහැදිලි වෙන්නේ, දැන් ඔය අපි ලියලා තියෙනවා පරාමාසයේ ඉඳන් චේතනාවට රේඛාව, ඒකේ a1 කියලා උඩ අතට, a2 කියන එක අපි පල්ලෙහා අතට දාන්නේ, චේතනාව ඉඳන්. එතකොට 5.3 වනකොට මේක, a1 තවම පරාමාස චේතනා අතර පොඩ්ඩක් උඩට ගිහිල්ලා තියෙනවා. අනිත් එක චේතනාවෙන් එහා පැත්තට ගිහින් තියෙනවා. අන්න ඒකයි මේ පෙන්නන්නේ. එතකොට ඊයේ භාවනාවේ දී අපි වට හයක් කියන එක බැලුවා. ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය වටා 360° යි තව 90°ක් එනම් 450° කරකැවිලා. එතකොට මෝහ අගති ඉදංසච්ච රේඛාව වට හයක් ගිහිල්ලා.

දැන් එතකොට ඒ අවස්ථාවෙදි අපි 5.4, දැන් අපි 5.3 නේ දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්වේ, 5.4 න් එහාට ගිහිල්ලා තියෙනවා. 5.5 වුණහම අපි දන්නවා අර අත්තා කියලා ගන්නවා කියන එක සිද්ධ වෙලා. ඉතින් ඒක අපි ඊයේ බැලුවා ඒ පරාමාස චේතනා, කියන කොටසට එනවා, c1 දැන් අත්තා දිට්ඨිය. චේතනා ජීවිත ඉන්ද්‍රිය, b1 අත්තා චිත්තය. ඊට පස්සේ ජීවිත ඉන්ද්‍රියේ ඉඳන් පරාමාසයට, a1 අත්තා සඤ්ඤාව, කියලා. ඒ විදිහට triangle එක දිගේ පහළට එනවා. දැන් ඔය 360° දි වෙන එකත් එක්ක කෙනෙක් කල්පනා කරලා බැලුවොත්, ජීවිත ඉන්ද්‍රිය වටා 360° කැරකිච්ච වෙලාවෙදි, අපිට තියෙනවා ජීවිත ඉන්ද්‍රිය චේතනා, කියන රේඛාවට අපි ලියාගන්නවා b2 කියලා ඒ කියන්නේ පෙර නිත්‍ය චිත්තය, මේක 90° කරකැවෙනකොට අපිට පේනවා දැන් ඒ ජීවිත ඉන්ද්‍රිය ඉඳන් ම තමයි විඤ්ඤාණය දක්වා ඒ push එකක් තියෙන්නේ, ඒ කියන්නේ විඤ්ඤාණයට නිත්‍ය කතාවක් අර පෙර එකෙන් ඇති වෙනවා කියලා.

දැන් වෙන්නේ මොකද්ද? අර 5.5 න් පස්සේ ඔය චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා b1 කියන එක හැදෙනවා ආපහු. මේක එතන ලියා ගත්තෙ නැත්නම් ටිකක් අමාරු වෙනවා. ඒ කියන්නේ 360° පස්සේ මොකක් ද වෙන්නේ? ජීවිත ඉන්ද්‍රිය චේතනා රේඛාව 90° න් කැරකෙව්වායින් පස්සේ b1, දැන් නිත්‍ය චිත්තය බවට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ පෙර නිත්‍ය කතාව, දැන් නිත්‍යයි කියන එකට පත් වෙලා තියෙනවා.

එහෙම නම් 450° න් කරකැවීම, ඒ කියන්නේ වට හය මගින් සිදු වෙලා තියෙන්නෙ 5.5 අත්තා යන ධර්මය ම ස්ථිර වෙලා තියෙනවා. අත්තා කියලා ගත් ධර්මය ස්ථිර වෙලා. ඒ කියන්නේ දැන් ඔයගොල්ලන්ට තේරෙනවා මතක ද අපි කියනවා අර අත්තා ඉඳන් නිත්‍යට jack එකක් ගහනවා කියලා, දැන් අන්න ඒක සිද්ධ වෙලා තියෙන්නෙ. එතකොට දැන් අත්තා නිත්‍ය වෙලා. ඒ තත්වයට පත් වෙලා, සනාථ කරන බවට ඇති වෙලා තියෙනවා. 6.4 වෙනකොට 6 වන රවුම step 4 වනකොට මේක තවත් උග්‍රතාවයකට පත් වෙනවා.

ඔයගොල්ලො දන්නවා මේ 4.4 කියන්නේ ජාතිය. 4.4 කිව්වම රූපය නිසා ජාතිය. Stair case එක කැඩුණා කියලා මම හොඳ එකක් හදනවා. 6.4 වෙනකොට වේදනාව නිසයි අපි ඒක කරන්නේ. ඒකත් ජාතියක්. වේදනාව නිසා ජාති වන එක. ඒක උග්‍රතාවයට පත් වෙන්නේ මොකක් නිසා ද, ඔය අපි කලින් භාවනාවක් කරලා තියෙනවා 14/01/2015 විඤ්ඤාණ ධාරාව භාවනාව. අන්න ඒ භාවනාවේ දී අපි ඉගෙන ගත්තා, ඒ මිච්ඡාදිට්ඨික අගය odd path එක දිගේ එනවා කියලා ජාතිය දක්වා. අන්න ඒක සිද්ධ වෙලා තියෙනවා දැන් මේ වන විට.

එතකොට ඒක ඒ භාවනාව බැලුවේ නැත්නම් ඒක අමාරුයි. ඒ කියන්නේ අර අපි පෙන්නුවා නේ 5, 6, 7 lines වලින් එනවා කියලා. ඒක දිගට ම ගිහිල්ලා පියෙහි විප්පයොගයට ගිහිල්ලා ඒක යනවා ජාතිය දක්වා. මිච්ඡා දිට්ඨිය ඉක්මනින් යනවා. උපායාස වෙන්න ඉස්සෙල්ලා මිච්ඡාදිට්ඨික අගය එනවා ජාතිය දක්වා. එතකොට ඒකෙ අර්ථය මොකක් ද? දැන් මිච්ඡා දිට්ඨිය odd path එක දිගේ ජාතිය දක්වා ආවා කියන එකේ අර්ථය මොකක් ද?

යම් අභිජ්ඣාවක් වී ද ඒක ම සනාථ කරනවා. යම්කිසි අභිජ්ඣාවක් තියෙනව ද ඒක ම සනාථ කරනවා. එය පසුපස ම එලවනවා. අභිජ්ඣා කියන්නෙ මිච්ඡාදිට්ඨික සඤ්ඤාව නිසා විඤ්ඤාණයේ පැවැතීම කියන එක. එතකොට මිච්ඡා දිට්ඨිය ජරාව කරා පැමිණියා කියලා කියන්නේ මොකක් ද? අභිජ්ඣා වීම ම සනාථ කරනවා.

ඉතින් අර 14/01/2015 විඤ්ඤාණ ධාරාව බලපු අයට තේරෙනවා, මේ වෙලාව වෙනකොට මොකක් ද වෙලා තියෙන්නේ, අපි සෝකය ඉඳන් දෝමනස්සය දක්වා ඇවිල්ලා. 6.4 කිව්වහම සෝකයේ ඉඳන් දෝමනස්ස දක්වා ඇවිල්ලා. එහෙම නම් දැන් මේ මොකක් ද කියන්නේ? දැන් අභිජ්ඣාවෙන් කියන්නේ මගේ වේවා කියල නේ, ඒක නේ සනාථ කරන්නේ. දැන් එහෙනම් දෝමනස්ස වෙලා ඉවරයි. ඒ දෝමනස්සය ගත්තට කමක් නැහැයි කියලා කියනවා. ඒකයි මේ කියන්නේ අන්තිමට. මම දුකට පත් වෙලා. වේදනාව දෝමනස්ස තත්වයට පත් වෙලා. කමක් නෑ ඕක ගන්නෙයි කියලා කියනවා. ඒ කියන්නේ අන්තිමට ගත්තහම දුක්ඛයට ම තමයි අපි අභිජ්ඣා වෙනවා කියන එක තියෙන්නෙ. ඒක අර සියුම්ව පේනවා මේ විදිහට බැලුවා ම. ඉතින් එතනට ආවහම තමන්ගේ හිත නතර වෙනවා. මේ විදිහට දැක්කොත් එහෙම මේක වෙනවයි කියන එක.

ඒක තමයි මං කරපු භාවනාව.