Date: 16/03/2016 Name: නිබ්බාන

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාව පටන් ගත්තෙ, ලෝභය නැති කරමි. කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත, ජරාවට කැමති වෙනවා නම් ව්‍යාධි මරණයට ද කැමති වන්නේ ය. ජරාවට හරායති. මැරී ඉපදීමට කැමති වන්නේ නන්දිය. ඉපදීම සිදු වුණා නම් නැවතත් ජරාවට පත් වන්නේ ය. එයින් පීඩාවට පත් වන්නේ ය. ජරාවට අට්ටීයති. ලාභමච්ඡරිය වන්නේ අත්තා යැයි ගැනීමෙන් පසුව ය. අත්ත සඤ්ඤා නිසා සැකසෙන විඤ්ඤාණයට ජිගුච්ඡති. මෙතැන දී 14/03/2016 අභිජ්ඣා භාවනාවේ දී ඉගෙන ගත් වට හයක් කරකැවීම මගින් 5.5 අත්තා ධර්මය ම සනාථ කිරීම සිහි වුණා. පදුට්ඨමනසඞ්කප්පය හරහා ජරාව දක්වා පැමිණෙන්නේ ජරාවට ජිගුච්ඡති. දැන් ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති. 6.4 සෝකය සිට දෝමනස්සය දක්වා පැමිණි ඇති අවස්ථාව සිහි කළා. දෝමනස්සය නිසා කාමච්ඡන්දය ඇති වූයේ, ජරාවට අට්ටීයති, හරායති, ජිගුච්ඡති නම් කාමච්ඡන්දය හරහා ජරාව සාදන දෝමනස්සයටත් අට්ටීයති, හරායති, ජිගුච්ඡති.

මේ වන විට ප්‍රියේහි විප්පයොගය හරහා මිච්ඡාදිට්ඨික අගය ජාතිය කරා පැමිණ ඇත. 6.4 ජාතිය. එසේ නම්, ප්‍රියේහි විප්පයොගය තුළ ප්‍රිය වූ රූපයක් ඇති යන අදහස ඇත. නමුත් ඇත්තේ ජරාවයි. දෙවෙනියට පේනවා ප්‍රිය වූ වේදනාවක් ඇති යන අදහස ඇත. නමුත් ඇත්තේ දෝමනස්සයයි. තුන් වෙනියට පේනවා ප්‍රිය වූ කාම භව හෝ රූප භව හෝ අරූප භව හෝ ඇති යැයි යන මෝඩ අදහස ඇත. එනම් මිච්ඡා දිට්ඨිය ඇත. සත්‍ය වශයෙන් ම ඇත්තේ දුක් වූ භවයන් ය. එසේ නම් ජාතිය ඇති කරන ප්‍රියේහි විප්පයොගයට අට්ටීයති, හරායති, ජිගුච්ඡති.

මේ වන විට ජරා දෝමනස්ස ප්‍රියේහි විප්පයොග යන තුන් ධර්මයට ම අට්ටීයති, හරායති, ජිගුච්ඡති. යාමට තැනක් නැත. ප්‍රිය යැයි ගත හැකි දෙයක් ද නැත. එතනත් නැත මෙතනත් නැත. අර බාහියට බුදුහාමුදුරුවෝ දේශනා කළේ දිට්ඨෙ දිට්ඨමත්තං කියලා එතනත් නැත, මෙතනත් නැත කියලා. අන්න ඒක සිහි වුණා. ආශ්‍රවයන් නැසිය හැකි ය යන අදහස ඇති විය. මතු යන්නේ නම්, සත්වයා මේ දුකින් ගොඩගැනීම සඳහා පමණයි යන්න මනා කොට දැන ගතිමි.

කාමච්ඡන්දය වශයෙන් බලාගෙන යන්නේ ජරාව, කාමච්ඡන්දය, ලෝභය, දෝමනස්සය, ව්‍යාපාදය, ද්වේෂය. ප්‍රියේහි විප්පයොගය මිච්ඡා දිට්ඨිය, මෝහය. එතකොට ලෝභ දෝෂ මෝහ. අට්ටීයති, හරායති, ජිගුච්ඡති ලෙස බලන්නේ ජරාව කාමච්ඡන්දය ඉවත් වන්නේ අලෝභය. දොමනස්සය ව්‍යාපාදය ඉවත් වන්නේ අදෝෂය. පියෙහි විප්පයොගය මිච්ඡා දිට්ඨිය ඉවත් වන්නේ අමෝහය. එක පැත්තකට ලෝභ දෝෂ මෝහ අනිත් පැත්තට අමෝහ අදෝෂ අලෝභ. ඒ පිළිවෙළටයි යන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.