ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කළා. එහි දී අර 4.4 ජාතිය රූප නිසා. 5.4 දෝමනස්සය. මේකෙන් අනතුරුව කාමච්ඡන්දය ඇති වෙනවා. 6.4 වෙනකොට කාමච්ඡන්දය නිසා ජරාව. කාමච්ඡන්දයට ගියා, ඊට පස්සේ ජරාවට එනවා. ඒ වගේ ම 6.4 දී අපි දන්නවා ජාතිය තියෙනවා, වේදනාව නිසා කියලා. ඒ වගේ ම අපි දන්නවා 6.4 වනකොට මිච්ඡාදිට්ඨික අගය ජාතිය දක්වා පැමිණිලා තියෙනවා කියලා. මේක විමසීම කියන එක සිදු වුණා. මේ විමසීම සමඟ මේ මනුෂ්‍යය ලෝකයේ සිට අකනිට්ඨා බ්‍රහ්ම ලෝකය දක්වාත්, ඉන් එහාට ආකිඤ්චඤ්ඤායතනය ඒ වගේ ම විමුක්තිය දක්වා ම යනවා කියලා දැනුණා. එතන දී “එතං සන්තං එතං පණීතං යදිදං සබ්බසඞ්ඛාරසමථො සබ්‌බූපධිපටිනිස්‌සග්‌ගො තණ්හක්ඛයො නිරොධො නිබ්බානං ති” කියලා සිහි වෙලා නිරෝධයටත් ගියා. භාවනාව කියන එක කරන්න බැහැ දැන්.
ප්‍රඥාවෙන් විමසීම කියන එක ඉවත් කළහම නැවතත් සාමාන්‍ය සිතිවිලි ගලනවා. නැවතත් ප්‍රඥාවෙන් විමසීම කියන එක කළා. එතැනදි කල්පනා කළා මේ ඕලාරික වූ රූපයන්, අර සාමාන්‍ය සිතිවිලි ගලනකොට ඕලාරික වූ රූපයන්. ඒ වගේ ම ප්‍රඥාවෙන් යුතුව විමසන විට ආකිඤ්චඤ්ඤායතනය වැනි රූපයන්. මේ දෙක ම නිසා දුක ඇති වෙනවා. ඕලාරික වූ වේදනාව ද සියුම් වූ වේදනාව ද යන දෙක ම නිසා දුක ඇති වේ. ඕලාරික වූ සඤ්ඤා ද සියුම් වූ සඤ්ඤා ද යන දෙක ම නිසා දුක ඇති වේ. ආපසු සිත නිරුද්ධ වුණා.
වට වශයෙන් විමසීම කියන එක කළා. වට දෙකේ දී අපි දන්නවා 2.1 සැසඳීම කියන එක කරනවා. 2.2 වන විට නිත්‍ය සංකල්පය, පදුට්ඨමනසඞ්කප්පය. 2.3 වන විට රූපය නිසා ජරාව. ආපහු 4.1 දී සැසඳීම කරනවා. 4.2 නිත්‍ය සංකල්පය. 4.3 නේ දී වේදනාව නිසා ජරාව. ඊළඟට අපි දන්නවා 5.3 වෙනකොට සඤ්ඤාවේ ජරාවයි කියලා. 5.4 සුඛ වේදනාවේ මරණය. 5.5 අත්තා යැයි ගැනීම කියන එක තියෙනවා. 6.3 අත්තා ධර්මය සනාථ කර ඇත. ඒ වගේ ම අපිට පේනවා මේ 6.3 කියන්නේ සඤ්ඤාවේ ජරාව නිසා ඇති වූ ජරා ස්වභාවය. මේ වන විට අර අපි 5.5 අත්තා කියලා ගත්ත දිට්ඨිය බිඳිලා. එතකොට මේ නිසා 6.4 කියන එක දරුණු වෙනවා. මිච්ඡා දිට්ඨිය ජරාව කරා පැමිණ ඇත. නමුත් ඒක බිඳී ඇත. 5.5 අත්තා ඒක බිඳුණා. එතකොට අපිට පේනවා මේ කාමච්ඡන්දය නිසා ඇති වුණා වූ තත්වය කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.