Date: 18/03/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ලෝභය නැති කරමි, කාමච්ඡන්දය ජරාවට ඇති කැමැත්ත. මේ ජරාවට හරායති. ලැජ්ජා විය යුතුයි. ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වන්නේ 6.4 මිච්ඡා දිට්ඨිය, ජාතිය කරා පැමිණ ඇත්තේ ද මෙම ජරාව නිසා ම ය. එම මිච්ඡා දිට්ඨියට හරායති. මෙහි දී අභිජ්ඣාව සනාථ කරන ලද්දේ එම මිච්ඡා දිට්ඨියෙන් උපන් අත්තා යන්න සනාථ කරමින් උපන් අභිජ්ඣාවට හරායති.

යමෙකුට අභිජ්ඣා ඇත්තේ ද ජරා වී ඇති බව දැනගන්නේ, ව්‍යාපාද වන්නේ ය. සම්මා වාචා diagram එක. මෙතන දී එම diagram එකේ සත්‍යභාවය වැටහුණා. එනම් අපි ජරාවට කැමති වී අභිජ්ඣා වී ඇත්තේ නම් ව්‍යාපාදය හැර වෙන කිසිවක් බලාපොරොත්තු විය නොහැක. එම ව්‍යාපාදයට හරායති. එසේ නම් මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද යන තුන් ධර්මයට ම හරායති.

මෙසේ මනා කොට අවබෝධ කරගන්නේ නම් මෝහ ලෝභ දෝස නොවන්නේ ය. අමෝහ අදෝස අලෝභ වන්නේ ය. මෙහි දී චෙතො විමුක්තිය ඉහළ අවස්ථාවකට පත් වුණා. අර මෝහ ලෝභ දෝස කියනකොට මිච්ඡා දිට්ඨිය අභිජ්ඣා ව්‍යාපාද. ඒ අනුවයි ඒක ඇවිල්ලා තියෙන්නෙ.

එනම් අලුත් රූපයක් විශ්වයේ කොතනක හරි මෙම භවය තුළ නොදකින ලද රූපයක් දක්නේ ද, ඉහත අයුරින් ම ජරා, මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද, ලෙස දක්නේ ය. පරණ රූපයක් දක්නා ලද රූපයක් ගැන කවර කතා ද? නිරෝධය විය. මෙය “තෙවන අශ්චර්ය අද්භූත ධර්මයේ කෙළවර” යැයි බුදුපියා පැවසුවා.

ඒක තමයි මං කරපු භාවනාව.

භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්

S_Sammavaca_digram.jpg