ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඊයේ අවබෝධ කරගත්ත ජරාවෙන් මිච්ඡා දිට්ඨිය, මිච්ඡා දිට්ඨියෙන් අභිජ්ඣාව, අභිජ්ඣාවෙන් ව්‍යාපාදය. එහෙම වීමත්, ඒ වගේ ම මිච්ඡා දිට්ඨි අභිජ්ඣා ව්‍යාපාදවලට හිරි, හරායති වීමත් සිහි කළා. හිරිය ඇති වන්නේ ශ්‍රද්ධාවෙන්, ශ්‍රද්ධාව ඇති වන්නේ ප්‍රඥාවෙන්, ඒ ප්‍රඥාව ඇති වුණේ සම්මා දිට්ඨියෙන්. ඒ කියන්නේ ජරා වූ බව විමසීමෙන්. මේක මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ ආයතන භාවනා 2 දී පෙන්වා දුන්න ධර්මයත් එක්ක සම්බන්ධ වුණා.
ඒකෙ අපි දන්නවා සම්මා දිට්ඨියෙන් ප්‍රඥාව, ප්‍රඥාවෙන් ශ්‍රද්ධාව, ශ්‍රද්ධාවෙන් හිරිය, හිරියෙන් ඕතප්පය, ඕතප්පයෙන් විරිය, විරියෙන් ඡන්දය. එතකොට ඒ ඉන්ද්‍රිය අසංවරය නිසා අභිජ්ඣා දෝමනස්ස වෙනවා කියන එක අපි එතන බලලා තියෙනවා. එතකොට මේ අභිජ්ඣා දෝමනස්ස, ඉන්ද්‍රිය අසංවරය නිසා ඇති වන බව දන්නේ, දක්නේ, පළවන හතර වන සලකුණට මනස යොමු වුණා.
එතකොට ඒකෙ අපි දන්නවා පළවන හතරේ සලකුණේ තියෙන්නෙ, අර රෝගී බව ව්‍යාධිය කියන එක තැන අපි ලකුණු කරගන්නවා විරිය. ඊළඟට උඩට එනවා ඊර්ෂ්‍යාව. එතන අපි විමංසාව ලකුණු කරගන්නවා. ඉන්ද්‍රිය අසංවරය එතැනින් අපි ඡන්දය කියලා ලකුණු කරගන්නවා. ඊළඟට ද්වේෂ අගතිය, එතනින් යටින් චිත්තය කියලා ලකුණු කරගන්නවා. විමංසාව පළමුව විය. ජරාවේ ඉඳන් මිච්ඡා දිට්ඨිය, අන්න ඒ කොටස හා සම්බන්ධ වුණා. ජරා වන්නේ නම් එය යමෙක් ගත්තා යැයි කුමකට ඊර්ෂ්‍යා වන්නේ ද, ජරා වන රූපයක් නේ ගන්නේ. මිච්ඡා දිට්ඨි නොවන්නේ මිච්ඡා දිට්ඨියෙන් අභිජ්ඣා කොටස ගැන සම්බන්ධ වුණා. මේ අපි කතා කරන්නේ ජරා, මිච්ඡා දිට්ඨි, අභිජ්ඣා, ව්‍යාපාද ඔන්න ඔය කොටස තමයි යන්නේ. දැන් කෑල්ලෙන් කෑල්ලට බලනවා.
මිච්ඡා දිට්ඨිය නොවනවා නම් මිච්ඡා දිට්ඨියේ ඉඳන් අභිජ්ඣා, ඒ කොටස එක්ක සම්බන්ධ කරලා විමසුවා. ඡන්ද ඉද්ධිපාදය මගින් ඉන්ද්‍රිය සංවර වන්නේ අභිජ්ඣා නොවේ. අභිජ්ඣා නොවන්නේ, අභිජ්ඣාවේ ඉඳන් ව්‍යාපාද කොටස හා සම්බන්ධ කර විමසුවා. ව්‍යාපාද නොවේ. චිත්ත ඉද්ධිපාදය මගින් ද්වේෂ නොවේ. විරිය ඉද්ධිපාදය මගින් සුඛ යැයි නොගනී. සුඛ යැයි ගත්තා නම් එය පහ වූ පසු දෝමනස්ස වී, එයින් දෝමනස්සයෙන් කාමච්ඡන්දය, කාමච්ඡන්දයෙන් 6.4 මිච්ඡා දිට්ඨි අන්න ඒක දක්වා එනවා. මෙසේ ඉද්ධිපාද හතර භාවිතා කරමින් සිටින්නේ, මේ සම්මා දිට්ඨිය නිසා ඇති වූ සම්මා සමාධිය බව වැටහුණා. ඇසින් රූප බලද්දි කවුළුවකින් එළිය බලන පුද්ගලයා මෙන් විය යුතු ය. කවුළුව සම්මා දිට්ඨියයි. ඒ තුළින් බැලිය යුතු ය.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්