ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම 14/03/2016 අභිජ්ඣා භාවනාව බලන්න යැයි, කියලා බුදුපියා පැවසුවා. එතනදි අපි 5.3 වන විට නිත්‍ය සඤ්ඤාව reverse වීම වටහා ගත්තා. ඒ කියන්නේ විඤ්ඤාණයේ ඉඳන් චේතනාවට තමයි දැන් අපි එන්නෙ, a2 පෙර නිත්‍ය සඤ්ඤාව කියලා අපි ලකුණු කරගත්තා. එහෙම නම්, අපි ජාතියේ ඉඳන් ජරාව දක්වා යන විට 5.3, ඒ කියන්නේ 5.3 කියන්නේ සඤ්ඤාවේ ජරාව. විඤ්ඤාණයේ සිට චේතනාව දක්වා පැමිණිලා තියෙනවා. එහෙම නම් එකක් අනිත් පැත්තට එනවා, පහළින් දකුණු පැත්තට යනවා.
හය වෙනි වටය වෙනකොට අපි ඉගෙන ගත්තා, අර චේතනාවේ ඉඳන් විඤ්ඤාණය දක්වා දැන් නිත්‍ය චිත්තය බවට පත් වෙලා. දැන් චේතනාවේ සිට විඤ්ඤාණය දක්වා යනවා කියලා. B1 කියලා, අපි ලකුණු කරගත්තා ඒක. එහෙම නම් 450° න් කරකැවීම වට හය මගින් සිදු වෙලා තියෙන්නෙ, 5.5 දී අත්තා යැයි ගත්ත ධර්මය ම ස්ථිර වෙලා ඇත, සනාථ කර ඇත යැයි අපි ඉගෙන ගත්තා.
යම් නිත්‍ය ධර්මයක් වේ ද එය මගින් කාමරාග අනුසය රේඛාව හරහා සුඛ යන සඤ්ඤා ඇති කරන බව අපි දන්නවා. එහෙම නම් අපිට පේනවා diagram එක වශයෙන් සඤ්ඤා චේතනා විඤ්ඤාණ උඩින් ලියා ගත්තොතින්, පරාමාස ඉදංසච්ච ඊට පස්සේ මෝහ අගතිය, එතන ඉඳන් පරාමාසය කාමරාගානුසය ලකුණු වෙනවා මෝහ අගතිය ඉඳන් පරාමාසයට. ඒක දික් කළහම යන්නේ සඤ්ඤාවට.
එතකොට ඒ වගේ ම අපිට පේනවා පරාමාසයේ ඉඳන් භය අගතියට 5.5, ඊට පස්සේ භය අගතියෙන් අර දේ ව්‍යාධිය දක්වා එනවා. ඒ කියන්නේ උඩින් අපි ගියා චේතනාවේ ඉඳන් සඤ්ඤාවට, යට ජරාවේ ඉඳන් ව්‍යාධිය දක්වා එනවා. එතකොට එහෙම නම් අපිට පේනවා හය වෙනි වටය වන විට චේතනාවේ සිට සඤ්ඤාව දක්වා පැමිණිලා තියෙනවා. 5.5 අත්තා ධර්මය භය ගතිය හරහා ව්‍යාධියට පැමිණෙන්නේ ජරාවේ සිට ව්‍යාධිය දක්වා ගමන් කිරීම සිදු වුණා කියලා.
අට වන රවුම වන විට දිට්ඨි ආශ්‍රව හටගන්නේ දිට්ඨි අනුසය හරහා රූප දක්වා පැමිණෙන්නේ, සඤ්ඤාවේ සිට රූප දක්වා පැමිණෙන අතර ව්‍යාධියේ සිට මරණය දක්වා පැමිණෙනවා. එතනදිත් අර diagram එක අපිට පේනවා. පරාමාස භය අගති වේදනා ඒක දිට්ඨි අනුසය රේඛාව, භය අගති ඉඳන් වේදනාවට. ඒක දික් කළහම රූපයට යනවා. එහෙම නම් සඤ්ඤාව යනවා රූපයට, අනිත් පැත්තෙන් ව්‍යාධියේ ඉඳන් මරණයට යනවා. ඒක දැක්ක ගමන් සිත නතර වුණා. දැන් වෙලා තියෙන්නෙ විඤ්ඤාණ පැත්තේ ඉඳන් උඩින් රූපයට ඇවිත් යටින් ජාතියේ ඉඳන් මරණය දක්වා ගිහින්. අනාශ්‍රවය කියන එක ඇති වුණා.
ආනෙඤ්ජ සප්පාය සූත්‍රයේ දී ඉගෙන ගත්ත ආකාරයට දැන් අනෙක් අතට යාම කියන එක සිදු වෙනවා. එතකොට ථීනමිද්ධ අවස්ථාවෙදි නිත්‍ය චිත්තය, ඉදංසච්චගත වීමට ඉඩ දීම කියන එක ඉතින් පැහැදිලියි. ඉතින් විඤ්ඤාණය මැරිලා, ඒ තත්වයට පත් වෙලා නමුත් දැන් මම රූපය අල්ලගෙන ඉන්නේ. එතකොට අට වෙනි රවුමෙන් පසුව කරන්නා වූ ක්‍රියාවලිය අපිට තේරෙනවා. අර භයභෙරව එකේදි අපි සාකච්ඡා කළේ.
විශේෂ වශයෙන් විඤ්ඤාණය මිය යන විට විඤ්ඤාණය රූපයක් අල්ලාගෙන තියෙනවා. කෙනෙකුට හිතන්න පුළුවන් bracket ඇතුළේ තව රූපයක් කියලා. එහෙම නැත්නම් රූපයක් අල්ලා ඇත. මිය නොයයි යන හැඟීම ඇත. ඊයේ භාවනාව හා සම්බන්ධ කරන්නේ ජරා මිච්ඡා දිට්ඨි අභිජ්ඣා ව්‍යාපාද දැන සම්මා දිට්ඨිය තුළින් බලන්නේ නම් නිවන සාක්ෂාත් කළ හැකි ය.
ඒක තමයි මං කරපු භාවනාව.