උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. එසේ ම දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. ඊයේ භාවනාවේ දී අපි විමසලා බැලුවේ, ජාතියේ ඉඳන් ඒ ජරාව දක්වා එන එක 5.3, ඒක වෙන අවස්ථාවෙදි අපි දන්නවා අර විඤ්ඤාණයේ ඉඳන් චේතනාව දක්වා 5.3 අර reverse වෙලා වෙනවා කියන එක. ඊළඟට ජරාවේ ඉඳන් ව්‍යාධිය දක්වා යන එකේදි චේතනාවේ සිට සඤ්ඤාව දක්වා. ඊළඟට ව්‍යාධියේ ඉඳන් මරණයට යන විට සඤ්ඤාවේ සිට රූපය දක්වා. ඉතින් මේකේ ලියාගන්න පුළුවන් කෙනෙකුට ජාතිය තියන තැනින් 4.4. ජරාව තියෙන තැනින් යටින් 5.3, ව්‍යාධිය තියෙන තැනින් යටින් 6.3, මරණය තියෙන තැනින් 8.2. උඩින් ලියාගන්න පුළුවන් විඤ්ඤාණය ඉඳන් චේතනාව දක්වා යන arrow එක යටින් 5.3, චේතනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා යන arrow එක යටින් 6, සඤ්ඤාවේ ඉඳන් රූපය දක්වා යන arrow එක යටින් 8 කියලා ලියාගන්න පුළුවන්.
එතකොට ඒ 5.3, පෙර නිත්‍ය සඤ්ඤාව reverse වීම සමඟ තමයි මේක ආරම්භ වීම කියන එක සිද්ධ වුණේ. සඤ්ඤාවේ සිට රූප දක්වා ඒමත්, ව්‍යාධියේ සිට මරණය දක්වා යාමත්, අට වන රවුම වන විට ආරම්භ වෙනවා. එසේ නම් රවුම් හතරේ දී, එනම් 5, 6, 7, 8 වන විට මරණය සිද්ධ වුණා. රවුම් 1, 2, 3, 4, වන විට ජාතිය වුණා. 4.4 ජාතිය. ව්‍යාධියේ සිට මරණය දක්වා යාමට රවුම් දෙකක් අවශ්‍ය බව පේනවා. ඒ කියන්නේ 6.3 සිට 8.2 දක්වා. මෙය කුමක් නිසා ද? යන්න විමසුවා. 6 වන රවුමේ දී චේතනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා යෑම සිදු වන බව ඊයේ ඉගෙන ගත්තා. මෙම සඤ්ඤාව මගින් එම චේතනාව තහවුරු නොකරන්නේ නම් චේතනාව මගින් glue කිරීම නොවන්නේ ය. මෙම තහවුරු කිරීම ධම්මමච්ඡරිය හරහා සිදු වේ. එය 7.1, ධම්මමච්ඡරිය. මේක පැලුණු ගස repair කිරීම මෙන් සිතිය යුතු ය.
ඒක අපි ඉගෙන ගත්තා 29/12/2015 නිරෝධ සමාපත්ති භාවනාවේ දී අපි සාකච්ඡා කළා. ඒ ආකාරයෙන් තමයි සිහි කරන්න ඕන. එතනදි අපි නාමරූප ඉඳන් පරාමාස පළමුව සිදු වන බව අපි ඉගෙන ගත්තා. ඒ කියන්නේ අපි දන්නවා ජීවිත ඉන්ද්‍රිය ඉඳන් පරාමාසයට අත්තා දිට්ඨිය, කියන එක ඒක වැදිලා, ඒක බිඳිලා ගියා නම් අර කැරම් ගහනවා වගේ බැලුවේ. පරාමාසයේ ඉඳන් ඉදංසච්චයට, ඉදංසච්චයේ ඉඳන් භය අගතියට. ඉතින් අපි ඔය දැන් කිව්ව එක රතු පාටින් ලකුණු කරගත්තොත් ඒ කියන්නේ ජීවිත ඉන්ද්‍රිය පරාමාස, පරාමාස ඉදංසච්ච, ඉදංසච්ච භය අගති. භය අගතියේ ඉඳන් අපි දන්නවා ආපහු අපිට ඉරක් ඇඳගන්න පුළුවන් රතු පාටට, ප්‍රිය විප්පයොගය එතනින් ජාතිය. ජාතියෙන් වේදනාව, වේදනාවෙන් චේතනාව දක්වා එන්නා වූ එක රතු පාටින් ලකුණු කරගන්නවා. ඊළඟට ආපහු අපිට ලකුණු කරගන්න පුළුවන් කොළ පාටින්, භය අගතියේ ඉඳන් වේදනාවට, වේදනාවෙන් නාමරූපයට, නාමරූපයෙන් පරාමාසයට එනවා කියන එක.
එතකොට මේක අපි දන්නවා නාමරූප කියන එක පරාමාස වන්නේ π අකුරේ ධර්මය මෙන්, අභිජ්ඣාව සනාථ කිරීම මගින් විඤ්ඤාණය නැවත සෑදෙනවා. එමගින් චේතනාව පවත්වනවා. එතකොට එතනදි අපිට පේනවා ආපහු අර කොළ පාටින් ආපු එක අපිට දික් කරගන්න පුළුවන් පරාමාසයේ ඉඳන් ජීවිත ඉන්ද්‍රියට, ජීවිත ඉන්ද්‍රිය සිට විඤ්ඤාණය දක්වා. ඒක තමයි green path එක.
එතකොට එහෙම හැදුණට පස්සේ, දැන් අපිට පේනවා, දැන් චේතනාව පැවැත්තුවට පස්සෙ, නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො. අන්න එතනදි අපිට පේනවා එහෙම නම් අර රූපයයි සඤ්ඤාවයි ස්පර්ශයයි වේදනාවයි. පහළින් තියෙනවා භය අගති, දිට්ඨි අනුසය. එතකොට අපිට පේනවා සඤ්ඤාවේ ඉඳන් ස්පර්ශයට, ස්පර්ශයෙන් රූපයට. එහෙම නම් 6.3 වේදනාවේ ජරා වූයේ, දිට්ඨිය බිඳිලා තියෙනවා. මෙය නාමරූප පරාමාස වීමට එක රවුමකුත්, ඒ කියන්නේ හත් වන රවුම. නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො වීමට තව රවුමක් අවශ්‍යයි. මෙසේ රවුම් දෙකක් දක්වා ගොස් 8 වන රවුමේ දී ස්පර්ශය හරහා රූපය දක්වා ඒම කියන එක සිද්ධ වෙනවා. ඉතින් මේ භාවනාව කරගෙන යනකොට ඒ නිරෝධය කියන එක ඇති වෙනවා.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්