Date: 22/03/2016 Name: Vimutti

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ කාමරාග අනුසය මගින් කරන ක්‍රියාවලිය. එතකොට අපි diagram එකක් වශයෙන් බලනවා නම්, චේතනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා අපි එතන line එකේ 6 කියලා ලියාගත්තා. එතකොට පහළින් තියෙනවා පරාමාසය. එතකොට ඒ පරාමාසයේ ඉඳන් සඤ්ඤාව දක්වා එන්නෙ අර මෝහ අගතියේ ඉඳන් පරාමාසයට අපි ලකුණු කරන කාමරාග අනුසය රේඛාව. එතකොට එතනින් අපි දන්නවා පහළට තියෙන්නෙ 5.5 පරාමාසයේ ඉඳන් භය අගතියට, භය අගතියෙන් ව්‍යාධියට, ජරාවේ සිට ව්‍යාධිය දක්වා එනවා. ජරාවේ ඉඳන් ව්‍යාධියට දක්වා එන විට චේතනාවේ ඉඳන් සඤ්ඤාවට එනවා.

ඉතින් ඔය diagram එකේ ම ලකුණු කරගන්න පුළුවන් ඊට ඉස්සෙල්ලා අවස්ථාව 5.3, විඤ්ඤාණයේ ඉඳන් චේතනාවට අපි දන්නවා a2, පෙර නිත්‍ය සඤ්ඤාව. ඒ වගේ ම පරාමාසයේ ඉඳන් චේතනාවට a1 දැන් අත්තා සඤ්ඤාව. එතකොට දැන් අපිට පේනවා a2 වලින් එන එක දැන් reverse වෙලා නේ එන්නේ, ඒකෙ බලපෑම කෙළින් ම චේතනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා බලපානවා කියලා. එතකොට එහෙම නම් අපිට පේනවා, යම් නිත්‍ය ධර්මයක් වේ ද, එය මගින් කාමරාග අනුසය රේඛාව හරහා සුඛ යන සඤ්ඤා ඇති කරනවා කියලා අපි දැනගත්තා. එහෙම නම් වට 6 වන විට චේතනාවේ සිට සඤ්ඤාව දක්වා පැමිණ තියෙනවා. ඒක තමයි අපි චේතනාවයි සඤ්ඤාවයි අතර වට 6 කියලා ලකුණු කරගන්නේ. 5.5 අත්තා ධර්මය භය අගතිය හරහා ව්‍යාධියට පැමිණෙන්නේ, ජරා සිට ව්‍යාධිය දක්වා ගමන් කිරීම සිදු වෙලා තියෙනවා.

එතකොට ජරාවේ ඉඳන් ව්‍යාධිය දක්වා ගමන් කිරීම පළමුව සිදු වී ඇත්තේ ය. 5.3 දී reverse වූ පෙර නිත්‍ය සඤ්ඤාව දැන් අත්තා සඤ්ඤාව මත ගොඩනැගෙන්නේ, ඒක තමයි පෙන්වන්නෙ අර a1 කියන දැන් අත්ත සඤ්ඤාව අර පැත්තෙන් ආපු නිත්‍ය කතාව එනවා සඤ්ඤාව දිසාවට. මෙහි දී චේතනාවේ අර්ථ දැක්වීම සිහි කිරීම වැදගත් වේ. විශේෂයෙන් ම අජ්ඣොසඤ්ඤා, භවය අල්ලා සිටී. ඒ කියන්නේ කරකැවීම අල්ලා සිටිනවා. එතකොට කරකැවෙනවා කිව්වම මොනවා හරි පෙරළිලා ඇවිල්ලා නේ. මොකක් ද පෙරළිලා ආවේ? ජරාවේ ඉඳන් ව්‍යාධිය දක්වා පැමිණීම ම පෙරළී ඇවිත් ඇත. කාමයේ සංයුක්ත වී ඇත. එනම් රූප වේදනා සඤ්ඤා සහ මනසිකාරයෝ මෙයට ඇතුළත් වේ. මෙම ධර්මයන් කාමරාග අනුසය තුළ හෙබවී ඇත්තේ ය, ගිලී ඇත්තේ ය. විඤ්ඤාණය මෙය දන්නේ ය. 7.1 ධම්මමච්ඡරියට තුඩු දුන්නේ මෙසේ ඇති වූ සඤ්ඤා අගයෝ ය. මෙම භාවනාව කිරීම හරි ම අපහසු වුණා. ඒ කියන්නේ ප්‍රඥා විමුක්තිය අධික බව නිසා සිත නතර වීම කියන එක තියෙනවා. අන්න ඒකයි ඒකට හේතුව.

ඒක තමයි මං කරපු භාවනාව.