උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒක ඊයේ විදිහට ම ඒ තත්වයට කරගෙන ගිහිල්ලා අද භාවනාවේ දී විශේෂයෙන් බැලුවේ, සඤ්ඤා රූප කොටස දක්වා පැමිණීම. මේක අපි 21/03/2016 නිරෝධ භාවනාවේ දී සාකච්ඡා කළා. එතනදි අර පැලුණු ගස repair කරන අවස්ථාවේ දී අපි සඳහන් කළා, නාමරූප ඉඳන් පරාමාස වන්නේ π අකුර ධර්මය මෙන් අභිජ්ඣාව සනාථ කිරීම මගින් විඤ්ඤාණය නැවත සෑදේ. එමගින් චේතනාව පවත්වයි.
ඊට පස්සේ, නාමඤ්ච රූපඤ්ච පටිච්ච ඵස්සො, කියලා අපි සඳහන් කරගත්තා ඒ diagram එකකුත් එක්ක. ඒ වෙලාවෙදි රූපයයි ස්පර්ශයයි එක පැත්තකට සඤ්ඤාව, අනෙක් පැත්තට වේදනාව. පහළින් දිට්ඨි අනුසය භය අගතියේ ඉඳන් එන එක. එතකොට ඔය සඤ්ඤා වේදනා කියන ඒවා නාමරූප. එතකොට විඤ්ඤාණය මගින් මෙම ධර්මය හඳුනා ගන්නවා. සඤ්ඤා වේදනා කියන ඒක. අර විඤ්ඤාණය නැවත සෑදෙයි කියලා කියන්නේ ඔන්න ඔය අර්ථයෙන්. විඤ්ඤාණය මගින් ඒ නාමරූපයන් හඳුනා ගත්තා. සඤ්ඤා වේදනා.
එතකොට මේ වනකොට අපි දන්නවා මේ ව්‍යාධියේ ඉඳන් මරණය දක්වා ගිහින්. මරණය කිව්වම මෙතන 8.2. මේක සිදු වෙලා ඉවරයි. එහෙම නම් විඤ්ඤාණය තුළ මරණයත්, භවය සඳහා තුඩු දුන්නා වූ රූප වේදනා සඤ්ඤා චේතනා මනසිකාර ධර්මයන් ගැන මනා වූ හැඟීම් තියෙනවා. එම හැඟීම් භාවිතා කරන්නේ 8 වන රවුම වන විට රූපය ස්පර්ශ කර 8.1 සුභ, 8.2 නිත්‍ය යන ධර්මයන්ට එළඹිලා තියෙනවා.
එතකොට මේ තත්වයට මේ භාවනාව කළාට පස්සෙ මම කල්පනා කළා ඇයි මෙහෙම වෙන්නේ? ඇයි අපිට ජරා ව්‍යාධි මරණ වූ බව අමතක වී තියෙන්නේ මේ වෙනකොට. මේ දෙක වෙලා ඉවරයි නේ. එතකොට මට වැටහුණා මේ සුඛ යන හැඟීම නිසා බව වැටහුණා. 8.2 වෙලා නේ තියෙන්නේ. එතකොට අර නිත්‍ය කතාව ඇවිල්ලා තියෙන්නෙ. එයාට තියෙනවා, පෙරත් එසේ ය දැනුත් එසේ ය, යන හැඟීම් රූප නිසා හෝ, ධ්‍යාන නිසා හෝ, ජීවත් වූ භවයන් නිසා හෝ, පැතිරිලා තියෙනවා. ඔඩු දුවලා තියෙනවා. ධම්මමච්ඡරිය හරහා පැවැත්විය හැකි යැයි යන සඤ්ඤාවෝ එයාට තියෙනවා. දුක්ඛ බව දන්නේ නම් සම්මා දිට්ඨිය ඇත්තේ නම් මෙය මෙසේ නොවේ.
අන්න ඒ අවස්ථාවෙදි ඉතා උසස් වූ විමුක්ති ස්වභාවයකින් නොසැලී සිටියා. හරියට ම තේරුම් ගත්තා, ඔය අනාශ්‍රව තත්වය ඇති වන්නේ පෙරත් එසේ ය. ඒ කියන්නේ සුඛයි යන සංකල්පය ගිලිහීම සමඟ බව මනා කොට වැටහුණා. ඉතින් අපිට ලස්සනට පේනවා බුදුහාමුදුරුවෝ දේශනා කරපු දුක්ඛය, දුක්ඛ සමුදය ධර්මය කියන එක. අර ඒ විදිහට අනෙක් පැත්තට බලාගෙන ආවහම තමයි මේකෙ පේන්නේ ගැම්ම කොච්චර ද කියන එක.
ඒක තමයි මං කරපු භාවනාව.