Date: 24/03/2016 Name: Nibbana

ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

ඊයේ භාවනාව නැවතත් කරගෙන ගියා. යමෙක් ජාතියේ ඉඳන් ජරාව වන බව දන්නේ, කවරකුට විඤ්ඤාණ ඉඳන් චේතනා නොවන්නේ ද යන්න මෙනෙහි කළා. එක් අයෙකුට වන්නේ ය. තවත් අයෙකුට නොවන්නේ ය. සෝවාන් ඵල ලාභියාට වන්නේ ය. ආශ්‍රව නැසුවා වූ උතුමාට නොවන්නේ ය. යමෙක් ජරා ව්‍යාධි බව දන්නේ, කවරකුට චේතනා සිට සඤ්ඤා නොවන්නේ ද යන්න මෙනෙහි කළා. එක් අයෙකුට වන්නේ ය. තවත් අයෙකුට නොවන්නේ ය. සකෘදාගාමියාට වන්නේ ය. ආශ්‍රව නැසුවා වූ උතුමාට නැත. යමෙක් ව්‍යාධි සිට මරණය බව දන්නේ කවරකුට සඤ්ඤා සිට රූප නොවන්නේ ද යන්න මෙනෙහි කළා. එක් අයෙකුට වන්නේ ය. තව අයෙකුට නොවන්නේ ය. අනාගාමියාට වන්නේ ය. ආශ්‍රව නැසුවා වූ උතුමාට නැත.

අනාගාමියාගේ අවස්ථාව විමසන්නේ, මොහුට අවිද්‍යා පච්චයෙන් සංස්කාර ගැන මනා වූ අවබෝධයක් නැත. නිත්‍යභාවය හෝ නිත්‍යභාවයට ඇති ඇල්ම හෝ යම් පමණකට ඇත. නිත්‍යභාවය නිසා ඇති වන්නා වූ අත්තවාද උපාදානය ඇත්තේ ඉපදීම සිදු වේ. සකෘදාගාමියාගේ අවස්ථාව විමසන්නේ මොහුට කාමරාග අනුසය ගැන මනා වූ අවබෝධයක් නැත. 22/03/2016 විමුක්ති භාවනාවේ දී සාකච්ඡා කළ අයුරින් මෙය දැකිය යුතු ය.

ඒ කියන්නේ ඒ භාවනාවේ දී අපි අර diagram එකක් ඇඳගත්තා, දැන් මේ අවස්ථාවේ තියෙන්නේ ජරාව ඉඳන් ව්‍යාධියට යනවා, චේතනාවේ ඉඳන් සඤ්ඤාවට යනවා. එතකොට ඒ දෙක ලකුණු කළා නම් පල්ලෙහායින් අපි දන්නවා පරාමාසය, දකුණු පැත්තෙ පල්ලෙහා කෙළවරේ මෝහ අගතිය, මෝහ අගතියේ ඉඳන් පරාමාසයට කාමරාග අනුසය. ඒ රේඛාව දික් කරලා ඒ සඤ්ඤාව දක්වා එන එක. ඉතින් අපි දන්නවා අර a2 කියලා අපි ලියාගත්තා පෙර නිත්‍ය සඤ්ඤාව විඤ්ඤාණයේ ඉඳන් චේතනාව දක්වා reverse වෙලා එනවා කියලා. එතකොට ඒක තමයි ඔය චේතනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා එන්නෙ. ඒ වට 6 කියන එක. රූපයන් ස්පර්ශ කර ඇති වන්නා වූ වේදනාව ගැන සකෘදාගාමියාට අවබෝධය ඇතත් සියුම් වූ කාමරාග අනුසය ගැන අවබෝධය අඩු ය. එනම් අර a2 කියලා කිව්ව පෙර නිත්‍යභාවය නිසා දුවන්නා වූ කාමරාග අනුසය මනා කොට නොදනී.

සෝවාන් ඵල ලාභියාගේ අවස්ථාව විමසන්නේ මොහුට දිට්ඨි අනුසය ගැන මනා වූ අවබෝධයක් නැත. ජාතියේ ඉඳන් ජරාව ගැන අවබෝධය රූප ඇසුරු කොට ඇති නමුත්, රූපය නිසා ඇති වෙන්නා වූ අවබෝධය තිබුණට, ව්‍යාධි මරණ අවස්ථාවේ දී සාකච්ඡා කළ ධර්මය, ඒ කියන්නේ නාමරූප ධර්මයන් ගැන අවබෝධය මනා කොට නැත.

ඒ අවස්ථාවේ දී අපි ඉගෙන ගත්තා මතක ද ව්‍යාධිය සිට මරණයට යන 8.2 අවස්ථාවේ දී අපි diagram එකක් වශයෙන් ලකුණු කරගත්තා රූප ස්පර්ශ සඤ්ඤා පහළින් වේදනා, භය අගති ඉඳන් වේදනාවට දිට්ඨි අනුසය. විඤ්ඤාණය මගින් ඔය සඤ්ඤා වේදනා කියන ධර්මයන් හඳුනා ගන්නවා. විඤ්ඤාණය නැවත සෑදේ කියලා කියන්නෙත්, මෙන්න මේ අර්ථයයි කියලා අපි ඉගෙන ගත්තා. ඔහු දිට්ඨි අනුසය හරහා රූප ස්පර්ශ කරයි. මේ සඳහා විඤ්ඤාණ චේතනා දක්වා දිවීම ඉතා පහසුවෙන් ඔහුට සිද්ධ වෙනවා. එතකොට ඒක නිසා එයාගෙ ක්‍රියාවලිය සිද්ධ වෙනවා අර රූපයත් එක්ක ඇසුරු කරගෙන.

ඉතින් ඒක තමයි මං කරපු භාවනාව ඉතින් පුදුමාකාරයි මනස, මේ විදිහට බැලුවහම.