ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා ඒ පූජාවෙන් පස්සේ. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
මම ඊයේ භාවනාව ම නැවතත් කරගෙන ගියා. ඒකෙ ඔයගොල්ලන්ට මතක තියෙනවා අර ජාතියේ ඉඳන් ජරාවට යනවා කියලා අවබෝධ කරගත්ත සෝවාන් ඵල ලාභියා ඊට පස්සේ අපි මොකද අනෙක් පැත්තට එන්නේ කියන එක අපි සාකච්ඡා කරලා තියෙනවා. එතකොට ඒ වගේ ම සකෘදාගාමි අනාගාමී අවස්ථා තුනයි බැලුවේ. එතකොට ඒ අවස්ථා තුන ලෝභ ද්වේෂ මෝහ වශයෙන් බැලුවා.
එතකොට ජාතියේ ඉඳන් ජරාවට යනවායි කියලා අවබෝධ වෙච්ච සෝවාන් ඵල ලාභියා, දිට්ඨි අනුසය හරහා නාමරූප ධර්මයන්ගේ අනවබෝධය නිසා නැවතත් රූප ස්පර්ශයට යෑම කියන එක මෙනෙහි කළා. ඒ පුද්ගලයා ඒ වගේ රූපයන් කෙරෙහි කැමති වීම නිසා නැවතත් එවැනි රූප දිට්ඨි අනුසය හරහා ස්පර්ශ කර රාගයෙන් දැවී ලෝභ වන්නේ ය. නැවතත් විපරිණාමයට පත් වෙනවා කියන එක. ඒ කියන්නේ ලෝභ පාරේ ගිහිල්ලා වෙන්නා වූ ක්‍රියාවලිය. ඒ පුද්ගලයාට 40%, 50% පාරවල් වැඩියෙන් බලපානවා.
ඊළඟට ජරාවේ ඉඳන් ව්‍යාධිය යැයි අවබෝධ වූ සකදාගාමියා සියුම් වූ කාමරාග අනුසය, ඒ කියන්නේ a2 පෙර නිත්‍ය සඤ්ඤාව අර අනෙක් පැත්තට reverse වෙලා එන එක නිසා දුවන්නා වූ කාමරාග අනුසය මනා කොට නොදන්නා නිසා, එම වේදනාවන් සුඛ යැයි සිතා, ඒවා පසුපස දුවනවා. සත්‍ය වශයෙන් ම ඇත්තේ දුක්ඛයක්. මේ නිසා ඔහු ද්වේෂයට පත් වෙනවා. එතකොට ඒ වෙලාවෙදි කල්පනා කරන්න ඕන අර area 6 එකේ තිබෙන්නා වූ ඒ කාමරාග අනුසය නිසා අපි area 2 වලට එනව නේ, නන්දිය තියෙන එක. එතකොට ඒ පුද්ගලයාට 50% පාර තමයි වැඩියෙන් බලපාන්නේ. අරයාට 40 යි, 50 යි දෙක ම මෙයාට 50 පාර කියන එක.
ඊළඟට ව්‍යාධි ඉඳන් මරණය යැයි අවබෝධ කරගත් අනාගාමී ඵල ලාභියා, අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංස්කාරයයි මනා කොට නොදන්නේ, නිත්යභාවයත් එම නිත්‍යභාවයට ඇලීම හේතු කොටගෙන වැය වන්නා වූ සංස්කාරයන් නැවතත් කරන්නේ, මෝහය නිසා සංස්කාර දුක්ඛතාවයට පත් වන්නේ ය. ඔහුට සුඛ යන සඤ්ඤාව ම බලපායි. වේදනාව සුඛ හෝ දුක නොවන්නේ ය. ඒ පිළිබඳ පෙර ඇති වූ නිත්‍ය යන සඤ්ඤාවෝ බලපායි. එතකොට ඒ තත්වයට භාවනාව කරගෙන ගියාට පස්සේ ඉතින් දැන් මේකේ ගැලවීම කියන එකත් කෙනෙක් හිතන්න ඕන වෙනවා.
එතකොට පේනවා ඒ සෝවාන් ඵල ලාභියාට එහෙම නම්, එයාට තියන ප්රශ්නය එයා නැති කරගන්න ඕන නාමරූප ප්‍රශ්නයෙන් ඇති වෙන්නා වූ එක. ඉතින් ඒක නැති කරගන්න නම් එයා සකෘදාගාමියාගේ ප්‍රශ්නෙත් අයින් කරගන්න ඕන අනාගාමියාගේ ප්‍රශ්නෙත් අයින් කරගන්න ඕන, කියන එක පේනවා.
සකදාගාමියාගේ තියෙන ප්රශ්නය නැති කරගන්න නම් කාමරාග අනුසය කතාවෙන් කියන එක, එහෙම නම් එයා අනාගාමියාගේ ප්‍රශ්නෙත් නැති කරගන්න ඕන. එතකොට අනාගාමී වෙන්නත් ඕන, අනාගාමියාගේ ප්‍රශ්නෙත් නැති කරගන්න ඕන. අනාගාමියා ඒ පාර සඤ්ඤාව ගැන දන්නේ නැතිව තියෙන්නා වූ දේ ඒ ප්රශ්නය, ඒ කියන්නේ ඉතින් සම්පූර්ණයෙන් රහත් වීමෙන් තමයි. අර සෝවාන් ඵල ලාභියාට අනිත් ඒවා ටික කිරීමෙන් තමයි ඒක කරගන්න පුළුවන්කම තියෙන්නෙ. ඒක තමයි මං කරපු භාවනාව.
ඒ ඒ අවස්ථාවේ දී ඒක ම සිද්ධ වෙනවා නම් ඒ භාවනාව බලනකොට ම ඒ විදිහට සිද්ධ වෙනවා නම්, හොඳට ම අනාගාමී ඵල ලාභියාගේ ඒක බලනකොට අර ආකිඤ්චඤ්ඤායතනය හොඳට මතු වෙලා පේනවා. ඉතින් ඒ වෙලාවෙදි එයා ඒක සුඛ කියන ඒ සඤ්ඤාව ආකිඤ්චඤ්ඤායතනය සුඛයි කියන එක ගන්නෙ නැත්නම් වේදනාව වශයෙන් එයාට නැහැ, සුඛයි කියන එක ගන්නෙ නැත්නම් සඤ්ඤාව නැත්නම් ඉතින් ඒක පුළුවන් යැයි කියන එක පේනවා ගලවා ගන්න.
ඒක තමයි මං කරපු භාවනාව.