ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
භාවනාවට පෙර ම 24/03/2016 නිබ්බාන භාවනාව බලන්න යැයි, කියලා පැවසුවා. එතන දී කාමරාග අනුසය නාමරූප දක්වා පැමිණීමෙන් සකෘදාගාමි පුද්ගලයා මනා කොට අවබෝධ කර නොගත් සියුම් වූ කාමරාග අනුසය, එතකොට අපිට මතකයි එතන අර a2 පෙර නිත්‍ය සඤ්ඤාව, ඒක නිසා වන කාමරාග අනුසය කියන කොටස, අන්න ඒ කොටස කෙරෙහි මනස යොමු කළා. මෙම කාමරාග අනුසය නන්දි සහගත වූ 50% පාර හරහා වන බව ඊයේ අපි සාකච්ඡා කළා. මේකෙ අර්ථය මොකද්ද?
එතකොට මේ වනකොට අපිට diagram එකක් කෙනෙකුට ලකුණු කරගන්න පුළුවන්. ඒ කියන්නේ, අපි ඉගෙන ගත්තා අර කොළ පාට පථයක්. භය අගති වේදනා නාමරූප පරාමාස, ඊළඟට අපි ආපහු ඉගෙන ගත්තා රතු පාට පථයක් අර පියෙහි විප්පයොගයෙන් ජාතියට ඇවිල්ලා වේදනා නාමරූප චේතනා වෙනවා කියලා. ඊළඟට අපි දන්නවා මෝහ අගතියේ ඉඳන් පරාමාසයට කාමරාග අනුසය තියෙනවා. ඒ වගේ ම අපිට පුළුවන් ලකුණු කරගන්න චේතනාවේ ඉඳන් සඤ්ඤාව දක්වා a2, ඒ කියන්නේ නිත්‍ය සඤ්ඤාවේ බලපෑම, 6.3 වල කතාව. එතකොට මෙන්න මේක කෙනෙක් ලකුණු කරගත්තොත්, දැන් අපිට යම්කිසි නන්දියක් වුණා ද, මේක පරාමාසගත වීම තමයි මේ අපි අර්ථය වශයෙන් පෙන්නන්නේ.
මෙන්න මේකයි සිද්ධ වෙන්නේ. නන්දියත් පරාමාසගත වෙනවා. අපි ඉගෙන ගත්තා අර පැලුණු ගස repair කරන අවස්ථාවේ ඒකෙ සඳහන් කළා ඒ කියන්නේ 21/03/2016 නිරෝධ භාවනාවේ අපි කොළ පථය හරහා අපි දන්නවා නාමරූප පරාමාස වෙනවා කියන එක පළමුව සිද්ධ වෙනවා. එතකොට මෙතන දී අපි සාකච්ඡා කරන්න ඕන 6.3 අවස්ථාව. මේ වන විට දිට්ඨිය බිඳිලා, වේදනාව ජරාවට පත් වෙලා තියෙන්නෙ. එතකොට රතු පථයේ ඒ කියන්නේ 21/03/2016 භාවනාවේ සඳහන් කළ රතු පථයේ, භය අගති පියෙහි විප්පයොග ජාති වේදනා එතනින් නාමරූප, එතනින් එනවා අපි චේතනාව දක්වා. එතකොට චේතනාව තහවුරු කිරීම ධම්මමච්ඡරිය හරහා 7.1, ඒ වන විට සිදු වෙනවා. එහෙම නම් අපිට පාරවල් තුනක් විමසන්න තියෙනවා. ඒ පාරවල් තුන තමයි,
දැන් අපිට පේනවා ඔය නාමරූප කියන එක මැද්දේ ලකුණු කරගත්තහම අර නන්දි අගයෝ එනවා රතු පථය ඔස්සේ. එහෙම නම් අපි නාමරූපයට මෙහා පැත්තෙන් ලියාගන්නවා නන්දි අගයෝ පැමිණීම කියලා රතු පාටින් 50% පාර. ඊට පස්සේ ආපහු අපිට පේනවා උඩින් අර a2 කියලා ආවා නේ, චේතනාවෙන් සඤ්ඤාවට එතන නිත්‍යයි කියලා. එහෙම නම් ඒක ඒ සඤ්ඤාව නාමරූපය දක්වා එනවා. එතකොට ඒක ඇවිල්ලා a2 නිත්‍ය සඤ්ඤාවේ බලපෑම ලියාගන්න පුළුවන් සඤ්ඤාවේ ඉඳන් නාමරූපයට.
ඊළඟට අපිට කොළ පාටින් ලකුණු කරගන්න පුළුවන් නාමරූපයේ ඉඳන් පරාමාසයට යන එක. කොළ පථයේ කෑල්ල. එතකොට ඒ නන්දි අගයෝ පරාමාසගත වීම ඔය විදිහටයි සිද්ධ වෙන්නේ. අර රතු පථය දිගේ එන්නා වූ නන්දිය, අර නිත්‍ය කතාවත් එක්ක එකතු වෙලා පරාමාසය කරා ගමන් කරනවා. එතකොට 6.4 පරාමාස, කියන එක සිද්ධ වෙනවා. ඉතින් දිට්ඨි අනුසය තමයි නාමරූපයේ ඉඳන් පරාමාසයට යන්න උදව් උපකාර කරන්නේ. කොළ පථයේ කෑල්ල. එතකොට නන්දිය කියලා කියන්නේ මැරී ඉපදීමට ඇති කැමැත්ත. මෙය නිත්‍ය සඤ්ඤාවේ බලපෑම සමඟ මුසු වන්නේ මැරී ඉපදීම ම සනාථ කරයි. මේක කොළ පථය හරහා සිද්ධ වෙනවා. දිට්ඨි අනුසය උදව් උපකාර කරනවා.
මේ තුන් ධර්මයෝ ඒ කියන්නේ නිත්‍යයි, නන්දියයි, දිට්ඨි අනුසයයි, එකට මුසු වී පරාමාසගත වන්නේ නම් එම සත්වයා හට සංසාරයෙන් ගැලවීම සඳහා නිත්‍ය අගය ඉවත් වීම හෝ නන්දි අගය ඉවත් වීම හෝ සිදු වන්නේ නම් පමණක් කළ හැකි ය. මෙය කළ හැක්කේ නන්දියට තුඩු දෙන්නා වූ දිට්ඨි අනුසය පහ වීම හෝ අනිත්‍ය යන්න වැටහීම මගිනි. එතකොට එහෙම නම් මේක සිදු වෙන්නේ චෙතො විමුක්තිය එහෙම නැත්නම් ප්‍රඥා විමුක්තිය. ප්‍රඥා විමුක්තිය මගින් නිත්‍ය කතාව යනවා. චෙතො විමුක්ති කතාවෙන් අර නන්දි කතාව කියන එක ඉවත් වෙනවා කියන එක. ඉතින් මේකේ තව දෙයක් තමයි නන්දිය පරාමාසගත වීම නාමරූප පරාමාසගත වීමට පෙර සිදු වන්නේ ය.
නන්දිය හටගැනීම 4.4 දි ආරම්භ විය. මැරිලා උපන්නා නේ. එක පාරක් curve එක හැදෙන්න ඕනේ. එතකොට 6.4 වෙනකොට ඒක ස්ථාවර තත්වයට පත් වීම තමයි මේ භාවනාවේ දී පෙන්නා දීලා තියෙන්නේ. ඉතින් මේ භාවනාව කළහම කෙනෙක් ඕක දැනගෙන නන්දිය අයින් කරනවා කියන හැඟීම ආපු ගමන් චෙතො විමුක්තිය කියන එක ඇති වෙනවා. Switch එක මාරු කළා වගේ තමන්ට ඒක දැනෙනවා. බොහොම හොඳට ඒකෙ ඉන්න පුළුවන්. ඒ වගේ ම තමයි අනෙක් පැත්තෙත් ඒ ප්‍රඥා විමුක්තිය කියන එක. එක ම point එකෙන් ඒ දෙපැත්තට ම යන්න පුළුවන්කම කියන එක තියෙනවා මේක දැනගත්තයින් පස්සේ.
ඒක තමයි මං කරපු භාවනාව.
භාවනාවට යොදා ගත හැකි අමතර සටහන්