Date: 27/03/2016 Name: Agatigamana

උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.

අද භාවනාවේ දී සිහි කළේ අගති ගමන් හතර කියන එක. ඡන්දයෙන් අගතියට යාම අපි දන්නවා රූප උපග විඤ්ඤාණස්ථිතියට පස්සේ සිද්ධ වෙනවා කියලා. යම් රූපයක් අළලා විඤ්ඤාණය පවතින්නේ කුමන බලපෑම මත ද? රාග සල්ලයෙන් කරකවන්නේ රූපය අළලා ය. බත් කටක් කටට දමන්නේ එමගින් වන විඤ්ඤාණය මිය යන්නේ, තවත් බත් කටක් ස්පර්ශ කර එය උපද්දවයි. මේ ඉපදවීම 4.4, 6.4, ඒ වගේ ම 8.4 ආදී වශයෙන් අපි බලලා තියෙනවා. ඊයේ භාවනාවත් එක්ක සම්බන්ධ වුණා. 6.4 දී නන්දිය ස්ථාවරයට පත් වන බව අපි ඉගෙන ගත්තා. ඒකෙ මතකයි අර සඤ්ඤාවෙනුයි අර රතු පාටින් ඇවිල්ලා නන්දිය නාමරූපය දක්වා, සඤ්ඤාවෙන් ඊට පස්සේ දිට්ඨි අනුසයේ බලපෑමත් එක්ක පරාමාසගත වුණා කියලා. එතකොට ඒ නන්දිය, එසේ නම් ඒ ස්ථාවරයට පත් වුණ නන්දිය මගින් ඇති කරන සියුම් සඤ්ඤා, ඒ කියන්නේ a2 කියලා අපි ගත්තා පෙර නිත්‍ය සඤ්ඤාව, ඒක මගින් ම ඡන්දයෙන් අගති ගමන යවනවා. කෙසේ ද? නන්දිය පරාමාස වූයේ පෙර නිත්‍ය සඤ්ඤාව සහ දිට්ඨි අනුසයේ උදව් උපකාරයෙනි. එසේ නම් නන්දිය විද්‍යාමාන වන්නේ එසේ මුසු වූ නිත්‍ය සඤ්ඤා අරුත ගැබ් ගෙන ය. පිළිසිඳගෙන ය. එසේ නම් ඡන්ද අගතිය තුළ නිත්‍යභාවය නිසා වන බලපෑම ගැබ් ගෙන ඇත. එහෙනම් අපිට පේනවා ඔතන 6.4 දී තමයි අපි ඔය ඡන්ද අගති කතාව පෙන්නන්නේ.

ඊළඟට ද්වේෂ අගති ගමන කියන එක සිහි කළා. ද්වේෂ අගති ගමනට ආසන්න කාරණය ලෙස විඤ්ඤාණය වේදනාවේ එළඹ සිටීම, වේදනා උපග විඤ්ඤාණස්ථිතිය. ඒක තමයි තියෙන්නෙ. ඊට ආසන්න කාරණය වූයේ ද්වේෂ සල්ලයයි. යම් ද්වේෂ සල්ලක් වන්නේ ද එය තුළ පෙර වින්දා වූ වේදනා අගයෝ ඇත. දුක් වූ දෙයක් සුඛ වශයෙන් ඊතලයක්ව විඤ්ඤාණයට කිඳා බැස ඇත.

මෙය සිදු වූයේ කුමන අවස්ථාවේ දී ද? 4.4 දී සුඛය පරාමාසගත වීමෙන් අනතුරුව ය. එහෙම නම් 4.4 ජාතිය කියලා අපි දන්නවා. එහෙම නම් ද්වේෂ අගති ගමන යන විට විඤ්ඤාණ ධාරාව ජාති කරා පැමිණ තිබිය යුතු ය. එසේ වීමට පෙර, රූපය ජරා වී තිබිය යුතු ය. ජරා වෙලා තමයි අපි යන්නේ, අර විඤ්ඤාණ ධාරාව මැරිලා තියෙන්න එපෑයි ජාතිය ඇති වෙන්න. එතකොට ඊට ඉස්සෙල්ලා ජරා වෙලා තියෙන්න ඕනේ. එතකොට දැන් අන්න ඒ වෙලාවෙදි තේරෙනවා අර දෝසය නැති නම් සත්වයා නොඉපදේ යැයි කියන්නේ මෙන්න මේ නිසයි. එතකොට අර ඉස්සෙල්ලා ජරා වෙලා තමයි අපි ගිහින් තියෙන්නෙ.

ඊළඟට භය අගති ගමන කියන එක සිහි කළා. සංස්කාර බිඳේ යැයි බිය වන්නේ ය. සංස්කාර බිඳෙන්නේ සඤ්ඤාව යන උපකරණයේ ඇති අඩුපාඩුව නිසා ය. සඤ්ඤාව යන උපකරණය සෑදුණේ ස්පර්ශයෙනි. ස්පර්ශයේ යම් අඩුපාඩුවක් වෙත් ද එය සඤ්ඤාවට බලපායි. ස්පර්ශය හටගත්තේ ආයතන නිසා ය. සළායතන හටගන්නේ නාමරූප නිසා ය. එසේ නම් නාමරූපවල ඇති අඩුපාඩුව සඤ්ඤාවට බලපා ඇත.

අන්න එතනදි පේනවා අපිට අර bell shaped curve එකේ අර A කියන point එක පළවෙනි රවුම සංස්කාර පච්චයෙන් විඤ්ඤාණ. B කියන point එක විඤ්ඤාණ පච්චයා නාමරූපං, රවුම දෙක. එහෙම නම් දෙවැනි රවුමේ දී ඇති වුණා වූ විඤ්ඤාණ ප්‍රත්‍යයෙන් වූ නාමරූපය ම භය අගතියට හේතු වන්නේ ය. ප්‍රත්‍ය වන්නේ ය. දැන් පේනවද මේක අනිත් පැත්තටයි ඇවිල්ලා තියෙන්නේ. දැන් 6.4 ඡන්ද අගතිය. මෙතන 4.4 වෙනකොට ද්වේෂ අගතිය. මෙතන 2 වනකොට, 2.1 ගත්තත් ඇති, ඒ කියන්නේ භය අගතිය. අනෙක් පැත්තටයි ධර්මය ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකෙ ලස්සනට පේනවා අර විඤ්ඤාණ ධාරාව ගත්තහම අර ඒක කැඩිලා අනෙක් පැත්තට a2 reverse වෙලා එන කතාවෙන් නේ මේක පේන්නේ. එතකොට එහෙම නම් ඒ සඤ්ඤාව තුළ, දැන් අපි නිතර ම බලන්නෙ රූපය ස්පර්ශ කරලා මේ පැත්තට ඇවිල්ලා වන දේ. දැන් මෙතන මේ පෙන්නන්නේ මේ විඤ්ඤාණයේ තිබුණා වූ එක, රොඩු කොළ රොඩු අරවා මේවාත් එක්ක ඇවිල්ලා තියෙන්නේ ඒ සඤ්ඤාව. ඒ අනුව තමයි මේක සිද්ධ වෙන්නේ.

ඒක තමයි මං කරපු භාවනාව.