ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. ඒ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
ඊයේ භාවනාවේ දී අපි අගති ගමන් තුනක් විමසලා බැලුවා. අද මෙනෙහි කළේ මෝහ අගති ගමන ගැනයි. යම් මෝහයක් වී ද එයට නිත්‍යභාවය බලපායි. මෙය පෙර නිත්‍ය යැයි ගැනීම හෝ දැන් නිත්‍ය යැයි ගැනීම යන දෙකෙන් ඕනෑ ම එකකින් සිදු විය හැකි ය. පෙර නිත්‍ය ගැනීම අපි පළමුව විමසලා බැලුවොත්, a2 පෙර නිත්‍ය සඤ්ඤාව විඤ්ඤාණය සිට රූප කරා දුවවන්නේ ද මෝහය මගිනි. කෙසේ ඇති වූ මෝහය ද? විඤ්ඤාණය හටගත් මොහොතක යම් මෝහ ස්වභාවයක් වී ද එයයි. මෝහය තුළ වස්තූන් වරදවා ගැනීමේ ලක්ෂණය ඇත. ඒක පෙටකොපදෙසයේ පෙන්නනවා.
එනම් යම් රූපයක් නිසා විඤ්ඤාණය හටගත්තා ද එම වස්තුව පවතිනවා යන අදහස ඇත. ඉතින් ඕක හරි ලස්සනට සම්බන්ධ වෙනවා ඔය අපි ඊයේ කරපු භාවනාවට. අනිත්‍ය නම් දුක්ඛ නම් විපරිණාමයට පත් වෙනවා නම් මගේ කියලා ගන්න වටිනවා ද කියන එක. මොකද ඔය වස්තුව වරදවා වටහා ගැනීම කියන එක, ඒක මිච්ඡා ප්‍රතිපත්තියේ තමයි පදට්ඨානය වෙලා තියෙන්නෙ ඒ මෝහය එහෙම ඇති වෙන්න. එතකොට එතැනදි අපි වරදවා ගත්තෙ “රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං වා අත්තානං.” මේවා තමයි මේ වරදවා වටහා ගැනීම කියන එක තියෙන්නෙ.
එතකොට එහෙම ගත්තට පස්සේ පවතිනවා කියන හැඟීමක් ඇති වෙලා තියෙනවා. එම වස්තුව සමඟ විඤ්ඤාණය නොපැවතිය හැකි යැයි යම් හැඟීමක් වේ ද, එමගින් නැවතත් එවැනි රූපයන් කරා විඤ්ඤාණ ධාරාව යොමු කරයි. නන්දිය මෙයට උදව් උපකාර කරයි. එතකොට ඡන්දයෙන් අගති ගමන දක්වා ඒ ගමන් කිරීම කියන එක මේ විදිහට සිද්ධ වෙනවා. එහෙම නම් අපිට පේනවා ඔතනදි ඔය මෝහ අගති කතාව වෙනකොට අනෙක් අගති ඔක්කොම ඇතුළත් වෙනවා. ඒක තමයි මෝහ අගතිය වෙන්නේ. ඡන්ද අගති, ද්වේෂ අගති, භය අගති ඒවා ඔක්කොම. දැන් අපි බැලුවේ පෙර නිත්‍ය යැයි ගැනීම නිසා වෙන දේ.
ඊළඟට බලමු දැන් නිත්‍ය, ඒ කියන්නේ present permanency කියන එක යැයි ගත් සඤ්ඤාව මගින් කෙසේ මෝහයක් හටගනී ද කියන එක. මෙය දිට්ඨි ආශ්‍රව හරහා සිදු වේ. දිට්ඨි ආශ්‍රව මගින් එවැනි සඤ්ඤා නැවතත් සනාථ කරන්නේ, අත්තා ධර්මයේ පසු සඤ්ඤාවක් ලෙස අවිද්‍යා ආශ්‍රව වීම මගින්, මෝහය සැකසෙනවා. මෙසේ පෙර සෑදුණා වූ යම් මෝහයක් වී ද එමගින් අගති ගමන පළවෙනි වටයේ දී ම ඒ කියන්නේ මෝහ අගති ගමන පළවන වටයේ දී ම සිදු වන්නේ ය. එය රූපය අළලා හෝ, වේදනා අළලා හෝ, සඤ්ඤා අළලා හෝ, සංස්කාර අළලා හෝ විය හැකි ය. මෙය කෙසේ සිදු වන්නේ ද?
පළවෙනියට බැලුවොත් රූපය අළලා සුභ යනුවෙන් ගන්නා අවස්ථාව. ඒක අපි හොඳට බලලා තියෙනවා. ඒක අපිට පැහැදිලියි. දෙවනුවට බැලුවහම වේදනාව අළලා සුඛ යැයි ගන්නේ, අත්ත ධර්මය තුළ වූ අගයන් විඤ්ඤාණගත වූ අවස්ථාවේ දී වී ද, අර සුඛ යැයි කියලා ගැනීමක් වී ද, එය ම භාවිතා කරයි.
තුන් වන අවස්ථාවේ දී සඤ්ඤා අළලා අත්තා යැයි ගන්නේ නිත්‍ය ධර්මය විඤ්ඤාණගත වූ අවස්ථාවේ දී යම් අත්ත අගයක් වී ද එයයි. එකක් ඉස්සරහට ගිහිල්ලා. අත්තා ඉඳන් නිත්‍යට ගිහිල්ලයි ඒක සිද්ධ වෙන්නේ.
හතර වන කාරණයේ දී සංස්කාර අළලා යම් මෝහයක් වී ද, එය ම විඤ්ඤාණගත වූ මෝහ සල්ල අවස්ථාවක් වී ද, එම ධර්මයෝ භාවිතා කරයි. ඒ කියන්නේ සංස්කාරයෙන් විඤ්ඤාණය හැදුණා. විඤ්ඤාණයෙන් අපි මෝහ සල්ලයට ආවා. එතනින් අපි ආපහු සංස්කාරයට යනවා. අන්න ඒක ම භාවිතා කරනවා. එතකොට අර අපිට පේනවා එකපාරට ම මෝහ අගතියේ දී රූප වේදනා සඤ්ඤා සංස්කාර ඔක්කොම. අර අපි සුභයි කියලා විතර නේ ගන්නේ. ඔක්කොම ටික ඒකෙ තියෙනවා ඒ කතාවේ දී. ඉතින් ඕක ඔය පෙටකොපදෙසයේ ඕක පෙන්නන්නේ ඒ කියන්නේ වස්තූන්ගේ වරදවා ගැනීම ලක්ෂණ කොට ඇත්තේ ය, මෝහය කියන එක පිටුව 157. ඒකේ තමයි පෙන්නන්නේ. ඊට මිච්ඡා ප්‍රතිපත්තිය පදට්ඨානයි කියලා.
එතකොට මිච්ඡා ප්‍රතිපත්තිය පදට්ඨානයි කියලා කිව්වම එතැන දී වරදවා වටහා ගැනීම කොහොම ද සිද්ධ වෙලා තියෙන්නෙ? අර රූපං අත්තතො සමනුපස්සති ඒ විදිහට ගැනීමෙන් ඒ හතරෙන්. එතකොට ඒක නිසා මොකද වෙන්නේ අර පෙර නිත්‍ය සඤ්ඤාව, විඤ්ඤාණය ඉඳන් චේතනාවට එන එක තියෙනවා නේ. දැන් මෙතන a1 අත්ත සඤ්ඤාව, a1 අත්ත සඤ්ඤාව තුළ ඔය රූපං අත්තතො සමනුපස්සති, රූපවන්තං වා අත්තානං, අත්තනි වා රූපං, රූපස්මිං අත්තානං, අන්න ඒ හතරින් ඕනෑ ම එකකින් ඒක තියෙන්න පුළුවන්. ඒ අත්ත සඤ්ඤාව කියන එකට.
ඉතින් මේ භාවනාව බොහොම හොඳ භාවනාවක්. අර විමුක්තිය ම තමයි ඒකෙන් ඇති වෙන්නේ.
ඒක තමයි මං කරපු භාවනාව.