ඒ උතුම් බුදුපියවරු ශ්‍රද්ධාවෙන් යුතුව සිහි කළා. ඒ උතුම් මණ්ඩලාධිපති බුදුපියාණන් වහන්සේ අතීත, වර්තමාන, අනාගත යන තුන් කාලයේ ම සත්වයා හට පිළිසරණ පිණිස වැඩ වාසය කරනවා යැයි වැඳ නමස්කාර කළා. මේ විදිහට දාහතර නම ම සිහි කරලා වැඳ නමස්කාර කළා.
අපි දන්නවා තුන් වන රවුමේ දී සුඛ යන චිත්තය හටගන්නවා කියලා. පෝතලිය සූත්‍රයේ අපි බලලා තියෙනවා 3.3 කියලා කියන්නේ මුසා. මුසා කියලා කියන්නේ එතන සුඛයත් එක්ක. යම් සුඛයක් විද, එය පරාමාස වීම 4.4 දී සිදු වේ. එසේ නම් කුමන විද්‍යාවකින් 4.4 දී පරාමාස වූ සුඛ යන ධර්මය නැවතත් පරාමාසයෙන් අත්තා ලෙස පිට වේ ද? මෙය ඊයේ ඉගෙන ගත් මෝහ ධර්මය මගින් සිදු කරනු ලබයි. මෝහ අගති ගමන සිදු වන විට ඊයේ දෙවනියට සඳහන් කළ ධර්මයට මනස යොමු කළා. එතනදි අපි ලියාගත්තා “වේදනාව අළලා සුඛ යැයි ගන්නේ, අත්තා ධර්මය තුළ වූ අගයන්, විඤ්ඤාණගත වූ අවස්ථාවේ දී වී ද, එය ම භාවිතා කරනවා” යි කියලා.
එසේ නම් මෝහය මගින් පරාමාසයට එල්බ වුණ සුඛය අත්තා ධර්මය ලෙස පරාමාසයෙන් මතුකර පෙන්වයි. ඒ විදිහට ම තුන් වෙනියට සඳහන් කළ ධර්මයට සිත යොමු කළා. එතනදි කිව්වා, “සඤ්ඤා අළලා අත්තා යැයි ගන්නේ, නිත්‍ය ධර්මය විඤ්ඤාණගත වූ අවස්ථාවේ දී යම් අත්තා අගයක් වී ද එයයි” කියලා. එසේ නම් මෝහය මගින් පරාමාසය මතුකර පෙන්නන්නා වූ අත්ත ධර්මය නිත්‍ය ධර්මයක් ලෙස මතුකර පෙන්වයි. මෙසේ යම් සුභ යන සඤ්ඤාවක් වී ද, එය මෝහය මගින් විද්‍යාමාන වන්නේ නිත්‍ය ධර්මයක් ලෙස ය. මෙය අනුපිළිවෙළින් සිදු වන්නක් ලෙස ද සිතිය හැකි ය.
ඒ කියන්නේ සුභය, සුඛ වශයෙන් මෝහය තුළ විද්‍යාමාන වේ. සුඛය, අත්තා වශයෙන් මෝහය තුළ විද්‍යාමාන වේ. අත්තා යන්න නිත්‍ය වශයෙන් මෝහය තුළ විද්‍යාමාන වේ. අවසාන ප්‍රතිඵලය වන්නේ සුභය ම නිත්‍ය ලෙස විද්‍යාමාන වීමයි. මෙහි අර්ථය කුමක් ද?
රොඩු ගොඩක් ගිනි තබා දවා අවසන් කළ හැකි වුවත්, එම රොඩු ඉතා ප්‍රයෝජනවත් වන, සුඛ අත්තා නිත්‍ය යනුවෙන් විද්‍යාමාන වන්නේ ගිනි තැබීමට සිතක්වත් නැති වන්නේ ය. මනස පරිලාහ වන්නේ ය. ඉතින් මේක ලස්සනට පැහැදිලි වෙනවා. දැන් මේකේ අපිට අර සුභය කියන එක, ඒ කියන්නේ representation එක තියෙන්නෙ වෙන විදිහකට. ඒක හරියට Australian dollar, US dollar currency. ඒ වගේ වෙන representation එකක් තියෙන්නේ. එතකොට සුභය කියන එක සුඛයි කියලා. සුඛය අත්තා කියලා. අත්තා නිත්‍ය කියලා. ඒ විදිහට representation එකක් තියෙන්නේ.
එතකොට ඒක නිසා නේ දැන් ඔය තරුණ එක්කෙනෙක් දැක්කම එකපාරට මෙයා හරි ලස්සනයි කියලා ආවා නම් අර අම්මා දිහා බලන්න කියලා කියන්නේ. බලනකොට එකපාරට ම මේක නිත්‍යයි කියන කතාව නේ. අරක බැලුව ගමන් අරකෙ වෙනස කියන එක තියෙනවා. අපිට පෙනෙන්නේ එහෙමයි. වෙන විදිහකට කැරකිලා පේන්නේ. ඉතින් මේ භාවනාව කරනකොට ඕකෙ අනෙක් පැත්තට ගත්තහම ඕක ඔහොම නෙමෙයි කියන එක තමන් ගන්න ගත්ත ගමන්, අසුභයි නේ. සුභයි නෙමෙයි නේ. එතකොට සුඛ නෙවෙයි නේ. එතකොට මේක මුසාවක් ය කියන එක උදාහරණයෙන් උදාහරණයට තමන් අරන් බැලුවම අතීත භවයන් පේනවා. අතීත භවවල දේවල් පේනවා.
ඉතින් මම රහතන් වහන්සේගෙන් ඇහුවා ඇයි එහෙම වෙන්නේ කියලා. අර “සඤ්ඤාව පිරිසිදු වීම නිසායි” කියලා. දැන් සුඛ කියන එක බොරුවක් කියලා ගත්තහම ඒ කියන්නේ සුඛය අත්තා කියලා ගන්න කතාව බොරු කියන එක ආවා ම ඒ විදිහට අතීත භවයන් පෙනීම කියන එක හරියට සිද්ධ වෙනවා. ඉතින් ඒකෙන් අර ඈතට තමන් යනවා කියන එක ආකිඤ්චඤ්ඤායතන ඒ විදිහට වෙන්නා වූ දේවලුත් ඒ විදිහට පේනවා.
ඉතින් ඒක තමයි මං කරපු භාවනාව.